lakbima.lk

අලුත් අවුරුද්ද උදාවෙද්දී දුකා දුකින්

වසන්ත දුක්ගන්නාරාල හදිසි අනතුරකට ලක්වෙලා මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබනවා. කලාවේ විවිධ ඉසව් ඔස්සේ දස්කම් දක්වන දුකාට හදිසියේම මේ වගේ විපතක් සිදුවුණේ ඇයි? දුකාගේ රෝගී තත්ත්වය ගැන වගේම සිදු වූ විපත ගැනත් අපි ඔහුගෙන් තොරතුරු විමසා සිටියා.

 දුකා හදිසියේම මොකද මේ වුණේ?

පසුගිය සෙනසුරාදා ශාලිකා ග්‍රවුන්ඩ් එකේ නිවේදක නිවේදිකාවන්ගේ සුහද ක්‍රිකට් තරගයක් තිබුණා. මමත් ටීම් එකකට සෙල්ලම් කලා. මැච් එක අතරතුරේ මට ඇවිදගන්න බැරිව බිම ඇදගෙන වැටුණා.

 වෛද්‍යවරු මොකද කිව්වේ?

දකුණු කකුළේ මස්පිඩුවල ඇදීමක් ඇති වෙලා. ඇත්තටම ඒ තත්ත්වය ඇතිවුණේ තරගය අතරතුරම නොවෙයි. ඊට කලින් පුහුණුවීම් කරද්දී, මැච් එකේ එහෙට මෙහෙට දුවද්දී ආබාධය තවත් වැඩි වුණා.

 වෙනසක් දැනෙද්දී මුලින්ම ප්‍රතිකාර ලබාගත්තේ නැද්ද?

දකුණු කකුල රිදුම් දෙනවා වගේ දැනුනත් මම ඒක ගණන් ගත්තේ නැහැ. දිගටම පුහුණුවීම් කළා. සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරගෙන ගියා. ආබාධයක් තියාගෙන තමයි තරගයට ගියේ.

 තරගය දවසේ මොකද වුණේ?

ෆයිනල් එක අතරේ මගේ ආබාධිත තත්ත්වය උත්සන්න වුණා. මම පිට්ටනියේ ඇදගෙන වැටුණා.

 ඒ මොහොතේම රෝහල් ගත වුණාද?

නැහැ. මම ගෙදර ආවා. පසුවදා උදේ වෙද්දී කකුල හොඳටම අමාරුයි. 16 වැනි ඉරිදා තමයි රෝහල්ගත වුණේ. 

 මේ වන විට ඔබගේ රෝගී තත්ත්වය මොන වගේද?

ආබාධිත තත්ත්වය සුව වෙනතුරු දවස් 14ක් වැලි කොට්ටයක් එල්ලාගෙන එකම විදිහට ඉන්න කියලා වෛද්‍යවරු උපදෙස් දුන්නා.

 ආරංචිය ලැබුණට පස්සේ කලා ලොකෙ හිතවත්තු රසික රසිකාවියෝ එහෙම ඔබ බලන්න ආවාද?

ගොඩක් අය ආවා. ඊටත් වඩා වැඩි පිරිසක් දුරකථනයෙන් කතා කළා. මම ඒ හැම ඇමැතුමකටම කතා කළා. ඒත් විශාල පිරිසක් එන එක රෝහල් කාර්ය මණ්ඩලයටත් කරදරයි. ඒ නිසා මුහුණු‍පොත හරහා මම මගේ මිතුරු මිතුරියන්ට අවශ්‍ය විස්තර ලබා දුන්නා.

ඒ කොහොම වුණත් අලුත් අවුරුද්දක් උදාවෙනකොට දුකා ඉන්නේ දුකින්.

ඇත්තටම ඔව්. දුකා දුකින්.

ආරියවංශ කුලතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.