lakbima.lk

අවුරුදු ගණනක් කල් ඇරලා කැමැත්ත දුන්නා විවාහ වෙද්දී බාධක රැසක් ආවා

 

ධර්මප්‍රිය ඩයස් කියන්නේ තාත්වික රංගනයෙන් අගතැන්පත් වූ ශිල්පීන් අතළොස්සෙන් ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පියෙක්. ඔහුගේ එකී රංගන ප්‍රතිභාවය නිසාම වේදිකාව, පුංචි තිරය, සිනමාව යන මාධ්‍යයන් තුනම ලෙහෙසියෙන් ජයගන්නට හැකියාව ලැබි තිබෙනවා. ඒ විතරක් නමෛයි, රසික ජනතාවගේ නොමඳ ආදරයද ඊටත් ඉහළින් ලබාගන්නට ඔහුට හැකියාව ලැබි තිබෙනවා. මේ වනවිට ඔහු පුතුන් දෙදෙනකු සිටින ආදරණීය ස්වාමි පුරුෂයෙක්. අපි අද කතා කරන්නේ ධර්මප්‍රිය ඩයස්ගේ ජීවිතයේ සෙවණැල්ල බඳු වූ ප්‍රිය බිරිඳ මිලන්ති අභයරත්න සමගයි.

 මම

මගේ පවු‍ලේ ඉන්නේ අම්මයි, තාත්තයි, සහෝදරයන් දෙදෙනකුයි. පාසල් ගියේ ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයට. මගේ ගම කැස්බෑව. මමයි ධර්මප්‍රියයි කසාද බැඳලා දැන් ජීවත් වෙන්නෙත් කැස්බෑවේ. පාසල් අධ්‍යාපනය අවසන් කරලා මම රැකියාවක් කළා. විවාහෙන් පස්සේ රැකියාවට සමුදීලා මවක්, ගෘහණියක් විදියට ගෙදර වැඩබලා කියාගෙන ඉන්නවා.

හමුවීම

ඇත්තටම මමයි ධර්මප්‍රියයි විශේෂයෙන් කියලා හමුවුණ දවස් නෑ. අපි දෙන්නාගේම ගම කැස්බෑව නිසා එකම ගම් පළාතේ ජීවත්වුණ දෙදෙනක් හැටියට අපි විවාහ වෙන්න කලින් අවුරුදු 10ක විතර තිස්සේ අඳුරනවා. ඒ නිසාම අපි හමුවෙනවා. ධර්මප්‍රිය කැමැත්ත ඇහුවට පස්සේ අවුරුදු 02ක් විතර මම කල්ඇර ඇර හිටියා. පස්සේ මම කැමති වුණා. කොහොම හරි අවුරුදු 10ක කාලය ඇතුළත ආශ්‍රය කරලා, ආදරය කරලා තමයි අපි දෙන්නා විවාහ වුණේ.

 විවාහය

අපි විවාහ වුණේ 2007 අවුරුද්දේ. ඒ අරමුණ ඉටුකර ගත්තෙත් පහසු මාර්ගයකින් නමෛයි. විවිධ බාධක මැද තමයි අපි දෙන්නා විවාහ වුණේ. විවාහ වෙලා මුලින්ම පදිංචියට ගියේ කැස්බෑවේ තිබුණු ධර්මප්‍රියගේ ගෙදරටයි. විවාහයත් එක්ක අපි වගකීම් දරන්න හුරුවුණා. දරුවෝ දෙන්නා හම්බ වුණා. කොච්චර අමාරු අවස්ථාවන් උදාවුණත් අපි දෙන්නා එකටම හිටියා. අද අපි අපේම කියලා ගෙදරක් හදනවා කැස්බෑව ප්‍රදේශයේම.

 ගෙදර වැඩවලට තිබෙන සහයෝගය

ගෙදර වැඩ ගොඩක්ම කෙරෙන්නේ මගේ අතින්. මොකද ධර්මප්‍රිය ගොඩක් කාර්යබහුලයි. ගෙදර ඉන්න දවස්වලට ඔහු මට උදව් කරනවා. අනික අපි ගෙවත්තේම වගා කටයුතු කරලා තියෙන නිසා ගෙදරට අවශ්‍ය දෑ ඒවයින්ම මම ලබා ගන්නවා. ධර්මප්‍රිය ගෙදර ඉන්න වෙලාවට අපි ගොඩක්ම කරන්නේ හතරදෙනා එකතුවෙලා  චිත්‍රපට බලන එකයි. නැත්නම් අපි හතරදෙනාම එකතුවෙලා වේදිකා නාට්‍යයක් බලන්න යනවා.

 එයා ගැන මම විතරක් දන්න රහස

ඇත්තටම ධර්මප්‍රිය කියන්නේ කෙනෙකුට උදව්වක් කළත්, ඒක ලෝකෙට පෙන්වන මනුස්සයෙක් නමෛයි. ඔහු කවදාවත් ආත්මාර්ථයෙන් වැඩ කරලත් නෑ. වැඩ පෙන්නලත් නෑ. ඒ වගේම ධර්මප්‍රිය හරිම කැමතියි තමන් වටා සිටින පිරිස සතුටින් තියන්න අවශ්‍ය විදිහට කතාබහ කරන්න. ගෙදරදී පුතාලා වුණත් හරි කැමතියි එයාගෙ කතා අහලා සතුටින් හිනාවෙන්න. කොහේ ගියත් එයා මොකක් හරි විහිළුවක් කරලා අනිත් අයව සතුටු කරන එක තමයි කරන්නේ.

 හෙට දවස

අපි දෙන්නගෙම හෙට දවසේ බලා‍පොරොත්තුව තමයි දරුවන් දෙදෙනාට හොඳට උගන්වලා ඔවුන්ගේ හෙට දවස යහපත් කරන එක. අපේ ලොකු පුතා ස්වර්ණ රාවණ ඩයස්ට දැන් අවුරුදු 10යි. ‍පොඩි පුතා ප්‍රවර භාෂණට අවුරුදු 07යි. පුතාලා දෙන්නාම යන්නේ පෞද්ගලික පාසල්වලට. එයාලගේ ජීවිතත් ගොඩනගලා, අපි දෙන්නත් සතුටින් ඉන්න එක තමයි අපේ ලොකුම බලා‍පොරොත්තුව.

තිනෙති නානායක්කාර

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.