lakbima.lk

දැකල පුරුදු කෙනෙක් නිසා බිමල් ජීවිතය වෙනස් කර ගනීවිද?

 

බිමල් ජයකොඩි රඟපෑ “ටවුමේ ඉස්කෝ‍ලේ” චිත්‍රපටය මීට කලින් තිරගත වුණා. මීළඟට තිරගත වීමට නියමිත “දැකලා පුරුදු කෙනෙක්” චිත්‍රපටයේත් ප්‍රධාන භූමිකාවට පණ ‍පොවන්නේ බිමල්. දෙවැනි ඉනිමෙන් ඉවත්වීමත් එක්කම  බිමල්ට පුංචි තිරය එපා වෙලාද?” දැන් වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ මොනවාටද කියලා දැන ගන්න අපි ඔහුට කතා කළා. ඒ කතාබහේදී ඔහුගේ ආදරණීය බිරිඳ සුජානි මේනකා ගැනයි, බිමල්ගේ පෞද්ගලික තොරතුරු ගැනයි විමසන්නත් අපි අමතක කළේ නෑ.

ටවුමේ ඉස්කෝ‍ලේ ඉවරවුණු හැටියේම ඔබ ආයේමත් “දැකලා පුරුදු කෙනෙක්” හරහා ප්‍රේක්ෂකයන් අතරට එන්නයි නේද සූදානම.

ඔව්. මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ නලින් භූපති පිටපත ලියූ “දැකලා පුරුදු කෙනෙක්” චිත්‍රපටය 8 වැනිදා ඉඳන් රීගල් ප්‍රමුඛ ඛිජ්ඹ් මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වෙනවා. වෙනස්ම ආරක තේමාවලින් යුතු මේ චිත්‍රපටය  තිරගත වන්නටත් පෙර ඇගයීම් රැසක් ලැබූ චිත්‍රපටයක්.

මොනවද ඒ ඇගයීම් ....?

මෙය විදෙස් උළෙලවල් රැසක් නියෝජනය කළා. සරසවි සම්මාන උළෙලෙදී මලිත්ට මතු බලා‍පොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය පවා හිමිවුණා. ඊට අමතරව මේ චිත්‍රපටයට “ලෙස්ටර් ජේම්ස් පීරිස්” අනුස්මරණ සම්මානයත් හිමි වී තිබෙනවා.

බිමල් දැන් සිනමාවට පමණක්ද රංගනයෙන් දායක වෙන්නේ ... ?

නෑ.... එහෙම තීරණයක් නෑ. නමුත් පසුගිය දවස්වල සම්බන්ධ වුණේ චිත්‍රපට වලට පමණයි. ඒ වුණත් සුදත් දේවප්‍රියගේ අලුත්ම ටෙලි නාට්‍යයකත් මම රඟපෑවා.

ඔබ දෙවැනි ඉනිමෙන් පස්සේ මෙගා ටෙලි නාට්‍ය රඟපාන එක නතර කරලාද?

මම මෙගා විරෝධී නළුවෙක් කියලා කිසිම තැනක සඳහන් කරලා නැහැ. මට වැදගත් වන්නේ  නිර්මාණයේ ගුණාත්මක බව පමණයි.

දෙවැනි ඉනිම නාට්‍යයෙන් ඉවත් වුණේ එහි තිබු ගුණාත්මක බවේ අඩුවීමක් දක්නට ලැබුණු නිසාද?

ඒ ටෙලි නාට්‍යයට මගෙන් විය යුතු කාර්ය භාරය අවසන් කියලා දැනුණා. ඒ නිසයි මම දවෛනි ඉනිමෙන් ඉවත් වුණේ.

ඔබේ බිරිඳ සුජානි දැන් රඟපෑම සීමා කරලාද?

සුජානි පුංචිම කා‍ලේ ඉඳන් රඟපෑ නිළියක්. හැම විදියෙම චරිත ඇය රඟපාලා තියෙනවා. ඒ නිසා දැන් ඇය තෝරා බේරාගෙන විතරයි රඟපාන්නේ. ඒ නිසා වෙන්න ඇති ඇගේ ලොකු නිහැඩියාවක් දැනෙන්නේ.

නමුත් ඔබ දෙදෙනා පසුගිය දවස්වල එකම නිර්මාණයක රඟපෑවා නේද?

ඔව්. චාමර ජනරාජ් පීරිස්ගේ “රාහු” ටෙලි නාට්‍යයේ අපි දෙන්නා අඹු සැමියන් විදියට රඟපෑවා.

සුජානිගේ රංගන දිවියට බිමල්ගේ බලපෑමක් තියෙනවාද?

කිසිම බලපෑමක් නැහැ. ඒත් සුජානි කැමති ගෙදරට වෙලා ගේ දොර කටයුතු කරගෙන ඉන්න.

ආරියවංශ කුලතිලක

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.