lakbima.lk

අලුත් අවුරුද්දේ සුජීවා පුදුම කළ අජිත් මුතුකුමාරණගේ සුපිරි තෑග්ග

 

අලුත් අවුරුද්ද උදා වෙද්දීම ඔබ බිරිඳට බොහොම වටිනා තෑග්ගක් දුන්නා කියලා ආරංචියි?

ඔව්. ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ පෙබරවාරි 14 වැනිදා මගේ නෝනා සුජීවා මට එක්ස්ට්‍රේල් වර්ගයේ මෝටර් රථයක් තෑගි කළා. ඒ වාහනේ තමයි මම අදටත් පාවිච්චි කරන්නේ. පසුගිය කා‍ලේ මට හුඟක් ප්‍රශ්න ඇති වුණා. ඒ ප්‍රශ්න හමුවේ හැමෝම මාව දාලා යද්දී සුජීවා විතරයි මගේ තනියට ඉතුරු වුණේ. ඉතින් මම හොඳටම වැටිලා හිටපු අවස්ථාවේ ඇය මා වෙනුවෙන් කළ කැපකිරීමට තෑග්ගක් දෙන්න ඕනෑ කියලා හිතලා තමයි මේ අවුරුද්ද උදාවෙද්දීම මම ඇයට ර්ට් වර්ගයේ ජීප් රථයක් තෑගි කළේ.

අවුරුදු තෑග්ග ගැන සුජීවා ගොඩක් සතුටු වෙන්න ඇති නේද?

අ‍පොයි ඔව්. ඇය ඒ තෑග්ග ගැන හුඟක් සතුටු වුණා. අපි ඒ වාහනය මිලදී ගත්තේ වාසනා ට්‍රේඩිං ලංකා ආයතනයෙන්. මේ වාහනය මම සුජීවාට අරන් දෙන තෑග්ගක් කියලා දැනගත්තාම ඒ ආයතනයේ හිමිකරු සම්පත් මෙරෙංචිගේ මහතා මල්ලී මේක ඔයා වයිෆ්ට අරන් දෙන තෑග්ගක්නේ. ඒ නිසා තවත් කල් බලාගෙන ඉන්න ඕන නැහැ. වාහනේ දැන්ම ගෙදර ගෙනියන්න. ඩොකියුමන්ට් ටික පස්සේ අරගනිමු කියලා එක දවසෙන් මට වාහනය ගෙදර ගෙනියන්න දුන්නා.

ඇති වුණා කියන ප්‍රශ්න නිමාවෙලා දැන් ඔබේ හිතට ආයෙමත් සැනසිල්ල උදාවෙලාද තියෙන්නේ?

මට ආපු ප්‍රශ්න කලාකරුවකුට ‍නෙවෙයි, කිසිම මනුෂ්‍යයකුට එල්ලවෙන්න හොඳ ඒවා ‍නෙවෙයි. බෑන්ඩ් එකේ සාමාජිකයන් සහ යාළුවෝ ඇතුළුව හැමෝම ඒ වෙලාවේ මාව අත්හැරලා දාලා ගියා. සුජීවා තමයි මගේ ළඟින්ම ඉඳගෙන ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න මට ශක්තිය ලබාදුන්නේ. ප්‍රශ්නවලට මුහුණ දීලාම අපිට දැන් කලින්ට වඩා හැමදේටම ඔරොත්තු දීමේ ශක්තියක් තියෙනවා. අපි දැන් පුළුවන් හැම අවස්ථාවකදීම ආගම දහම පැත්තට යොමුවෙලා ඒ තුළින් සැනසීමක් ලබාගන්නවා.

ඔබේ පෙර විවාහයේ බාල දියණියගේ උපන්දිනය සමරපු ආකාරය ගැනත් ඔබ පසුගිය දවසක මුහුණු‍පොතේ සඳහන් කරලා තිබුණා. එයින් ඔබ පෙන්වන්න හැදුවේ ඔබ කලින් විවාහයේ දරුවන්ටත් කිසිදු වෙනසක් නැතිව සලකනවා කියන එකද?

සමහරු මට ඇති වුණු පවුල් ප්‍රශ්න දිහා බලලා ඒ දේවල් මටයි, සුජීවටයි පහර ගහන්න යොදාගත්තා. අදටත් සමහරු ඒ වැඩේ කරනවා. කලින් විවාහයේ දරුවන් කියලා මම මගේ ඒ දියණියන් දෙදෙනාව අත්හැරලා දමලා නැහැ. උපන්දිනයට විතරක් ‍නෙවෙයි හැම මාසෙකම මම ඔවුන්ව බලන්න යනවා. සුජීවා තමයි මට හුඟ වෙලාවට කියන්නේ ඒ අයව බලන්න යන්න කියලා. සුජීවා පිටරට යන හැමවෙලාවෙම ඒ දෙදෙනාටත් තෑගි අරගෙනයි එන්නේ. අපි ළඟ ඉන්නා රෝස් සහ අංජලී දියණියන් දෙදෙනාට වගේම තමයි මගේ පෙර විවාහයේ චමෝදි සහ චමේලි කියන දියණියන්ටත් අපි දෙන්නා සලකන්නේ. කලින් විවාහයේ දියණියන්ට අඩු සැලකිල්ලක් දක්වනවානම් හැමෝටම පේන්න ඒ වගේ ෆේස්බුක් ‍පෝස්ට් එකක් දාන්න මට වුවමනාවක් නැහැනේ.

මොන වගේ තෑග්ගක්ද තාත්තා දුවට උපන්දිනය වෙනුවෙන් දුන්නේ?

සුජීවා දුවට දෙන්න කියලා තෑගි ගොඩක් මට අරගෙන දුන්නා. හැබැයි ඇය මට කිව්වා ඒ තෑගිවල ඡායාරූපයක්වත් ෆේස්බුක් එකට දාන්න එපා කියලා.

සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ අභ්‍යන්තර පිපිරීමක් ගැන පසුගිය කාලයේ වාර්තා වුණා. ඒ ඇති වූ අර්බුදයත් එක්ක දැන් ඔබේ සංගීත කණ්ඩායමට කලින් වගේම ඉල්ලුමක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද?

පැරණි සාමාජිකයන් ගියා කියලා සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමට නම් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි සංගීත කණ්ඩායම්වල වැඩවලට ඒ තරම් සුදුසු වාතාවරණයක් නමෛයි මේ වෙද්දී අපේ රටේ තියෙන්නේ. මේ තත්ත්වයත් එක්ක බෑන්ඩ් එකේ වැඩවලින් විතරක් මුදල් හම්බකරලා ජීවත් වෙන්න අමාරු නිසා සුජීවයි මමයි දැන් ටිකක් වැඩිපුර ව්‍යාපාර කටයුතු පැත්තටත් යොමුවෙලයි ඉන්නේ.

කිෂාන් කනංකෙ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.