lakbima.lk

මහරජ කන්සා හි යශෝධා ගුන්ගුන් උප‍්‍රාරි

මතුරා ප‍්‍රාන්තයේ යාදව් පරපුරට අයත් වාසුදේව රජුට දාව දේවකී බිසව විසින් උපත ලබා දෙන පුත් කුමරු නමින් ක‍්‍රිෂ්ණය. දේවකීගේ පුතු අතින් තමාගේ මරණය සිදුවන බව අනාවැකිකරුවෙකු විසින් දේවකීගේ සොයුරු කන්සාට පවසන්නේ ක‍්‍රිෂ්ණ කුමරුගේ උපත සිදුවන්නටත් පෙරදී ය. මේ නිසා ක‍්‍රිෂ්ණ කුමරු ඝාතනය කිරීම සඳහා කන්සා පියවර ගනිමින් සිටී. මේ බව දන්නා වාසුදේව සිය පුත් කුමරු යමුනා නදියෙන් එතෙර ජීවත් වන නන්ද බාබා සහ ඔහුගේ බිරිඳ වූ යශෝධා වෙත රැගෙන යනු ලබන්නේ පුත් කුමරුගේ ජීවිතය ඔහුගේ මාමාගෙන් බේරා ගැනීම සඳහාය. නන්ද බාබා සහ යශෝධා සිය දරුවන් දෙදෙනා වන බලරාම් සහ සුභද්‍රා සමග ක‍්‍රිෂ්ණ කුමරුන් ද පුතකු ලෙස හදා වඩා ගනිති.

මහරජ කන්සා ටෙලි නාට්‍ය මාලාවේ යශෝධා නම් වූ කි‍්‍රෂ්ණගේ කිරි මව ලෙස රංගනයෙන් දායක වනු ලබන්නේ ගුන්ගුන් උප‍්‍රාරි නම් ඉන්දියානු ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියයි. හින්දි ටී වී ෂෝ නම් වූ රූපවාහිනී වැඩසටහනින් රංගනයට පිවිසි ගුන්ගුන් මේ වනවිට 34 හැවිරිදි ය. 1984 වසරේ දෙසැම්බර් මස 9 වැනි දින උත්තර ප‍්‍රදේශ් හි ලක්නව් නගරයේ උපන් ගුන්ගුන් ජන සන්නිවේදනය පිළිබඳ උපාධිධාරිනියකි. ඇගේ පියා පෞද්ගලික බැංකුකරුවෙකු වන අතර මව ගෘහණියකි. ගුන්ගුන්ගේ සහෝදරියන් දෙදෙනාම උපාධිධාරින්ය. මේ වනවිට ඔවුන් දෙදෙනාම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියන් ලෙස සේවය කරති.

2008 වසරේ දී Bandhan Saat Janamon Ka නම් වූ රූපවාහිනී ටෙලි නාට්‍යයේ ජාන්වී නම් වූ ප‍්‍රධාන චරිතය රඟපාමින් රංගනයට පිවිසි ඇය ඊට පෙර වෙළෙඳ දැන්වීම් කීපයක් සඳහාම නිරූපිකාවක ලෙස දායක වී තිබේ. ගත වූ වසර 10 ක කාලය තුළ මෙගා ටෙලි කතා මාලා 10 ක් සඳහා රංගනයෙන් දායක වී සිටින ඇය ජනප‍්‍රියම රංගන ශිල්පිනිය සඳහා වන සම්මාන 8 ක් ද නැගී එන නිළිය සඳහා වන සම්මාන 3 ක් ද දිනා සිටින අතර ඇය හොඳම ටෙලි නිළිය සඳහා දෙවතාවක් නිර්දේශ වී තිබේ.

ලක්නව් නගරයේ ම දක්ෂ ව්‍යාපාරිකයෙකු වූ විනෝද් උප‍්‍රාරි සමග 2005 වසරේ විවාහ වූ ගුන්ගුන් මේ වනවිට වයස අවුරුදු 12 ක දියණියකගේ මවක් ද වේ. පාරි උප‍්‍රාරි නම් වූ ගුන්ගුන්ගේ දියණිය ද ටෙලි නාට්‍ය කීපයක ළමා චරිත සඳහා රංගනයෙන් දායක වී ඇත. නමුත් මව මෙන් රංගන ශිල්පිනිියක වීමට වැඩි කැමැත්තක් නැති බවත් පියා මෙන් ව්‍යාපාර ලෝකයට පිවිස සාර්ථක ව්‍යාපාරිකාවක ලෙස ඉදිරියට යන්නට කැමැත්තක් දක්වන බවත් ඇය පවසා තිබේ.

දුලංජලී මුතුවාඩිගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.