lakbima.lk

අක්කලා විවාහ කරගත් ලෝ ප‍්‍රකට මල්ලිලා

විවාහයක දී සාමාන්‍ය පිළිගත් සම්ප‍්‍රදාය තමයි පිරිමියා වයසින් වැඩිවීමත්, ගැහැනිය වයසින් අඩුවීමත් කියන කාරණාව. කොහොම වුණත් ගැහැනිය පිරිමියාට වඩා වයසින් අඩුවීම කොයි තරම් වසර ගණනක් ද කියන එක ගැන සම්මතයක් නැහැ. කොයි තරම් වයස් පරතරයක් තිබුණත් එ්ක  පුන පුනා කතා කරන්න තරම් දෙයකුත් නෙමෙයි. නමුත් ගැහැනිය පිරිමියාට වඩා වයසින් වැඩි නම් ඔන්න ඉතින් කතා කරන්න මාතෘකාවක් ලැබෙනවා. විශේෂයෙන් අපේ රටේ. අපට මේ වගේ දෙයක් ගැන දවස් ගාණක් කතා කරන්න තරම් දේවල් තියෙනවා. අප අවට ජීවත්වන අසල්වැසියන් අතරිනුත් මේ වගේ සිදුවීම් දකින්නට පුළුවන්. කොහොම වුණත් ඔවුන්ගේ කතා ගමෙන් පිටට යනවා බොහොමයක් අඩුයි. නමුත් ප‍්‍රසිද්ධ කෙනෙක් මේ වගේ දෙයක් කළොත් ඉතින් වරිගේ නහගත්තාට හපන්. හැමෝම මේ ගැන දැනගන්නවා. ලෝකයේ ප‍්‍රසිද්ධ අය බොහොමයක් ඉන්නවා මේ වගේ විවාහ කරගත් අය. විවේකයෙන් ඉන්න සති අන්තයේ මේ වගේ කතා ටිකක් නිවීසැනසිල්ලේ මෙන්න මෙහෙම කියවමු.

ගුරුවරියක් සමග විවාහ වුණු ප‍්‍රංශ ජනපති

වයස් පරතරය අවුරුදු 24 යි

එම්මානුවෙල් මැක්‍රොන් කියන්නේ අප රටේ වුණත් බොහෝ දෙනෙක් දන්නා කියන නායකයෙක්. වැඩිමහලූ කාන්තාවක් සමග විවාහ වුණු ලෝකයේ ප‍්‍රසිද්ධම පුද්ගලයෙක් තමයි ප‍්‍රංශ ජනාධිපති කියන්නේ. ඔහු විවාහ වුණු කාන්තාව බි‍්‍රජිට් මැක්‍රොන්. බි‍්‍රජිට් මැක්‍රොන්  කියන්නේ ප‍්‍රංශ ජනාධිපති කුඩා කාලයේ ඔහුට ඉගැන්වූ ගුරුවරියක්. 2007 දී විවාහ වන විට එම්මානුවෙල් ට වයස අවුරුදු 30යි. එ් වන විට ඔහු ජනාධිපති බවට පත් වී සිටියේ නැහැ. 2007 දී බි‍්‍රජිට්ගේ වයස අවුරුදු 54 යි. එ් අනුව බි‍්‍රජිට්, එම්මානුවෙල්ට වඩා වසර 24කින් පමණ වැඩිමහලූ කාන්තාවක්. මැක්‍රොන් සිය බිරිඳ වන බි‍්‍රජිට් සමග ආදර හැඟීමෙන් මුණ ගැසී ඇත්තේ ඔහු 15 වැනි වියෙහි පසුවන සමයේ. ඒ වන විටත් විවාහ ව සිටි ඇයට දරුවෝ තිදෙනෙකු ද සිටියා. මැක්‍රොන්ගේ ජීවිතය අළලා ඈන් ෆෝල්ඩා විසින් රචිත Emmanuel Macron - A Perfect Young Man නම් කෘතියෙහි සඳහන් වන අන්දමට ඔහුට අඩුම ගණනේ අවුරුදු 18 සම්පූර්ණ වනතුරු වත් ඔහුගෙන් ඈත්ව සිටින්නැයි බි‍්‍රජිට් හට එම්මානුවෙල්ගේ දෙමාපියන් අවවාද කළ බැව් දැනගන්නට ලැබෙනවා. මේ සබඳතාව බිඳ දමන්නට ඔහුගේ දෙමාපියන් කොතෙක් උත්සාහ කළ ද එය සාර්ථක වී නැහැ.

ඇෂ්ටන් කුචර් සහ ඩෙමී මුවර් 

වයස් පරතරය අවුරුදු 16යි

ඉංග‍්‍රීසි චිත‍්‍රපට නරඹන කෙනෙක් නම් ඇෂ්ටන් කුචර් සහ ඩෙමී මුවර් ගැන අමතක වෙන්න විදියක් නැහැ. ඇෂ්ටන් කුචර්  කියන්නේ ඇමෙරිකානු ජාතික නළුවෙක්. එ් වගේම ව්‍යාපාරිකයෙක්. 1990 වසරේ දී සිය සිනමා ජීවිතය ආරම්භ කළ ඔහු මේ වන විට චිත‍්‍රපට 26 ක පමණ ර`ගපා තිබෙනවා. එතකොට ඩෙමී මුවර් කියන්නෙත් නිළියක් බව කවුරුත් දන්නවා. 1996 වසර වන විට ඇය ලෝකයේ වැඩියෙන්ම අය කරන නිළිය බවට ද පත්ව සිටියා. ඇෂ්ටන් කුචර්  සහ ඩෙමී මුවර් 2005 වසරේ දී විවාහ වුණා. එ් වන විට ඩෙමී මුවර් විවාහ දෙකකින් වෙන්ව සිටි ගැහැනියක වුණත් එය ඇෂ්ටන්ගේ පළමු විවාහය. විවාහ වන විට ඇෂ්ටන්ට අවුරුදු 27 යි. ඩෙමී මුවර්ට අවුරුදු 43 යි. වයස මොනවා වුණත් හිත ගිය තැන මාලිගාව කියලා කියනවානේ. එ්ත් මාලිගා කැඩෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ කියන සත්‍යය පෙන්නුම් කරමින් ඔවුන් දෙදෙනා 2013 දී වෙන් වුණා.

සයිෆ් අලි ඛාන් සහ අම්රිතා සිං

වයස් පරතරය අවුරුදු 12

සයිෆ් අලි ඛාන් ගැනත් බොහෝ දෙනෙක් දන්නවා. ඔහු විවාහ වී සිටින්නේ කා සමග ද කියා ඇහුවොත් කරීනා කපූර් කියන උත්තරේ දෙන බොහෝ දෙනෙක් අම්රිතා සිං සහ සයිෆ් අතර තිබුණු විවාහය ගැන හාංකවිසියක් දන්නේ නැති බව විශ්වාසයි. කරීනා සමග විවාහ වන්නට පෙර සයිෆ් අම්රිතා සිං කියන සුප‍්‍රකට බොලිවුඞ් නිළිය සමග විවාහ වී සිටියා. සයිෆ් සහ අම්රිතා මුලින්ම එකිනෙකා හමුවුණේ සයිෆ්ගේ මුල්ම චිත‍්‍රපටයේ රූගත කිරීම පවත්වන අවස්ථාවේ දී. එදා දුටු පමණින් ආදරණීය බැ`දීමක් ඇති නොවුණත් පසුව ඔවුන් විවාහ වුණා. එ් 1991 වසරේ දී. එ් වන විට සයිෆ් 21 වැනි වියෙහි පසු වුණා. අම්රිතාට එ් වන විට වයස අවුරුදු 33 යි. කෙසේ නමුත් වසර 13 කට පසුව 2004 දී වෙන් වුණා. ඉන් පසුව සයිෆ් ඔහුට වඩා වසර 10 ළාබාල කරීනා සමග විවාහ වුණා.

ඇලන් ටේලර් සහ සෑම් (සැමන්තා) ටේලර් ජොන්සන් 

වයස් පරතරය අවුරුදු 23යි

ඇලන් ටේලර් ජොන්සන් කවුද කියලා කියනවා නම් ඔහු නළුවෙක්. ‘ගොඞ්සිලා’ චිත‍්‍රපටය නරඹා ඇති කෙනෙක් නම් ඔහු ගැන මතකයක් ඇති. එ් වගේම ඇනා කැරනිනා කියන සම්භාව්‍ය සිනමා කෘතිය ස`දහා ද ඔහු රංගනයෙන් දායක වුණා. මේ වසරේ දී තිරගත වුණු ලෝක ප‍්‍රකට ‘ඇවෙන්ජ්ර්’ චිත‍්‍රපට මාලාවේ පැරණි චිත‍්‍රපටයක් වූ  ‘එ්ජ් ඔෆ් අල්ට‍්‍රන්’ චිත‍්‍රපටය නරඹා ඇත්නම් ඉතින් ඇලන් ටේලර් ගැන වැඩි විස්තරයක් කියන්න  ඕන වෙන්නේ නැහැ. එතකොට සෑම් ටේලර් ජොන්සන් කියන්නේ නිළියක්ද? ඇත්තටම ඇය සිනමා නිෂ්පාදිකාවක්. එ් වගේම ඡුායාරූප ශිල්පිනියක්. ලෝකයේ සිනමා රසිකයන් අතර කතා බහකට ලක් වුණු ‘ෆිෆ්ටි ෂේඞ්ස් ඔෆ් ගේ‍්‍ර’ සිනමා නිර්මාණයේ නිෂ්පාදනය ඇගෙයි. එකම ක්ෂේත‍්‍රයක නිසා එකිනෙකා හමුවුණු ඇලන් සහ සෑම් 2012 වසරේ දී සෑම් සමග විවාහ වුණා. එ් වන විට ඔහුට අවුරුදු 22 යි. සෑම් එ් වන විට පෙර විවාහයකින් වෙන්ව සිටි කාන්තාවක්. ඇලන් සමග විවාහ වෙද්දී ඇය 45 වැනි වියෙහි පසු වුණා.

ගයි රිචී සහ මැඩෝනා 

වයස් පරතරය අවුරුදු 10

ගයි රිචී කියන්නේ කවුද? ඔහු ගැන නොදන්නා අය  ඕනෑ තරම් සිටියත් මැඩෝනා ගැන නොදන්න අය එ් තරම් නැතිව ඇති කියලා හිතෙනවා. මොකද ඇය ලෝකයේ සුප‍්‍රකට ගායිකාවක් නිසා. ඇය විසින් ගායනා කරන ලද ‘ල ඉස්ලා බොනිටා’ කියන ගීතය අපේ රටේ ද බොහෝ දෙනෙක් අසා ඇතිවාට සැකයක් නැහැ. දැන් එහෙනම් අපි බලමු ගයි රිචී කියන්නේ කවුද කියලා. ඔහු ජනප‍්‍රිය චිත‍්‍රපට නිෂ්පාදකවරයෙක්. ‘‘ගයි’’ වැඩියෙන්ම ප‍්‍රසිද්ධියට පත්ව සිිටින්නේ අපරාධ පිළිබ`ද චිත‍්‍රපට නිෂ්පාදනයටයි. ඔහුගේ චිත‍්‍රපට අතර ෂර්ලොක් හොම්ස් චිත‍්‍රපට කිහිපයක්ම වෙනවා. එ් වගේම ඔහු නිෂ්පාදනය කළ ‘කිං ආතර් - ලෙජන්ඞ් ඔෆ් ස්වෝර්ඞ්’ අතිශය ජනප‍්‍රියත්වයකට පත් වුණා. ගයි රිචී සහ මැඩෝනා 2000 වසරේ දී විවාහ වුණා. එ් වන විට ගයි 32 හැවිරිදි වියෙහි පසු වූ අතර මැඩෝනා 42 හැවිරිදි වියෙහි පසු වුණා. මේ විවාහයෙන් ඔවුන්ට දරුවකු නොලැබුණු නිසා ඔවුන් අප‍්‍රිකාවට අයත් මලාවි කියන රටේ දරුවකුව දරුකමට හදා ගත්තා. කොහොම වුණත් ඔවුන්ගේ විවාහය වසර 8 කට පමණයි සීමා වුණේ. මැඩෝනාගෙන් වෙන් වුණු ගයි වෙනත් කාන්තාවක හා විවාහ වුණා. මේ වෙන් වීමේදී මැඩෝනාට ගයිගෙන්     බි‍්‍රතාන්‍ය පවුම් 60කට ආසන්න මුදලක් වන්දි වශයෙන් ලැබුණා.

සචින් තෙන්දුල්කාර් 

වයස් පරතරය අවුරුදු 6යි

ඉහළින් නම් ස`දහන් කිසිම කෙනෙක් ගැන නොදන්න කෙනෙක් ඉන්න පුළුවන් වුණත් සචින් ගැන නොදන්න කෙනෙක් මේ ලංකාවේ ඉන්න විදිහක් නැහැ. සචින් කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්. ඔහු විවාහ වී සිටින්නේ ඇන්ජලී සමගයි. ඔවුන්ගේ ඇත්තේ දැකපු ගමන් එකට බැ`දුණු ආදර කතාවක්. මුම්බායි ගුවන් තොටුපළේදී මේ දෙදෙනා එකිනෙකාට මුල්වරට මුණ ගැසී තිබෙනවා. එ් අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා එකිනෙකා දෙස සෑහෙන වෙලාවක් බලාගෙන සිටි බවයි කියවෙන්නේ. ‘එයා මොන අවුරුද්දේ ඉපදෙන්න ඇතිද?‘ කියන දේවල් එ් වගේ වෙලාවට මතක් වෙන්නේ නෑ. එතැනින් ඇරඹුණු ඔවුන්ගේ හිතවත්කම ආදරයකට පෙරළිලා අවසානයේ 1995 වසරේ දී ඔවුන් විවාහ වුණා. එ් වන විට සචින් 22 හැවිරිදි වියෙහි පසු වූ අතර ඇන්ජලී 28 හැවිරිදි වියෙහි පසු වුණා.

මේ කියපු විස්තරවලට අමතරව ලෝකයේ තවත් බොහෝ සුප‍්‍රකට පිරිමි විවාහ වී සිටින්නේ තමාට වඩා වැඩිමහලූ කාන්තාවන් සමගයි. විශාල වයස් පරතරයක් නැතත් එවැනි දේවල් තවත් බොහොමයක් තිබෙනවා. අභිෂේක් බච්චාන් සහ අයිශ්වර්යා රායි ගැන කතා කළොත් අභිෂේක්ට වඩා අයිශ්වර්යා වසර දෙකක් වැඩිමහලූයි. දකුණු ඉන්දියාවේ ධනුෂ් සහ ඔහු විවාහ වී සිිටින අයිශ්වර්යා ගැන කියන්න තියෙන්නෙත් මේ කතාවමයි. එ් අයිශ්වර්යා ධනුෂ්ට වඩා වසර දෙකක් වැඩිමහලූයි. නමින් බොහෝ දෙනෙකුට නුහුරු වුණත් බටහිර ලෝකයේ බොහෝ සුප‍්‍රකට පුද්ගලයන්ගේ ජීවිතවලින් මෙවැනි දේවල් අසන්නට ලැබෙනවා. ඔවුන් විවාහ වෙනවා... වෙන් වෙනවා... කොහොම වුණත් විවාහයකට හෝ වෙන්වීමකට ඔවුන්ට කිසිදු අවස්ථාවක ‘වයස’ කියන කාරණාව ගැටලූවක් වී නැති බව නම් පෙනෙනවා.

නිරංජන් චාමින්ද කරුණාතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.