lakbima.lk

මාධවී වත්සලා කාටවත් නොකියපු ප්‍රේම කතාවේ ඇත්ත කතාව

“මට මිලාන් මුණගැහෙන කා‍ලේ වෙද්දී ආදරේ ගැනත්, මිනිස්කම ගැනත් විශ්වාසය හොඳටම පළුඳුවෙලා තිබුණේ. ඒ නිසාම ඒ විශ්වාසය යළි මගේ හිතේ ඇති කරන්න එයාට ගොඩක් මහන්සි වෙන්න වුණා. ඒත් එයාගේ අවංක පිරිසිදුකම නිසාම මගේ ආදරේ, විශ්වාසය එයා දිනාගත්තා.

පසුගියදා අපි මාධවී වත්සලා එක්ක 'රිද්ම' කතා බහක් කළා. හා හා පුරා ඇය තමන්ගේ පෙම්වතා ගැන එදා 'රිද්මට' හෙළි කළා. කතාබහ අවසන් වෙලා ටික වෙලාවකින් මාධවී එවපු SMS  ක සඳහන් වෙලා තිබුණ දේ තමයි මුලින්ම සඳහන් කළේ. ඒ සටහන මේ ලිපියට ඇතුළත් කරන්න කියලා මාධවී ඉල්ලා සිටි නිසා ඔන්න අපි ලිපිය ආරම්භ කරද්දීම මාධවීගේ ඉල්ලීම ඉටුකළා.

මාධවී වත්සලා, එහෙමත් නැත්නම් ජැක්සන් හා කුමාරිගේ වැඩිමල් දියණිය ළඟදීම විවාහ වන්නට යන බව පසුගිය කා‍ලේ කනෙන් කොනින් ආරංචි වුණත් ඒ ගැන විමසුවාම මාධවී පිළිතුරු නොදී මගහැරියේ අනාගතයේ ඒ සැමදේ කියන්නම් කියන ‍පොරොන්දුව පිට. දැන් දැන් මාධවී තමන්ගේ ආදරවන්තයා ගැන තොරතුරු වගේම ඡායාරූපත් පළකරනවා. පසුගියදා මාධවීගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ ආදරවන්තයා 'Surprise Party' එකකුත් දීලා තිබුණා. අපිත් මාධවීට කතා කළේ ඇගේ ආදර කතාව ගැන අහන්න. ඒ අතරේම අපි පසුගියදා පැවැත්වූ 'Surprise Party' එක ගැනත් විමසුවා.

එයා මිලාන් ද සිල්වා. පෞද්ගලික අංශයේ රැකියාවක් කරන්නේ. අපි පෙම්වතුන් වෙලා වසරක් විතර වෙනවා. හැබැයි ඊට කලින් අවුරුදු දෙකක් විතර කාලයක් යාළුවෝ විදියට ඇසුරු කළා.

මුලින්ම මාධවී ඒ විදියට තමන්ගෙ පෙම්වතා ගැන හැඳින්වීමක් කරලාම කතාබහට එකතු වුණා. ඉන්පසුව අපි විමසුවේ මාධවී මිලාන් හමුවූ අයුරු පිළිබඳව.

ඔස්කා සංවිධානයේ කලාකරුවන්ගේ දරුවෝ එකතු වෙලා අනාගත පරපුර කියලා සංවිධානයක් පවත්වාගෙන යනවා. අපි කට්ටිය ඉඳහිට විවේකය ගත කරන්න කොහේ හරි යනවා. ඒ වගේ ගියපු අවස්ථාවකදී සංගීත් ඉද්දමල්ගොඩත් එක්ක මිලානුත් ඇවිල්ලා හිටියා. බැලූ බැල්මට සමාජශීලී බවක් පෙනුණට මම ටිකක් ආඩම්බර නිහඬ චරිතයක්. අර අඳුනන් නැති කෙනෙකුත් ඇවිල්ලා අපිට නිදහසේ ඉන්න නෑ කියල තමයි ඉස්සර වෙලාම එයා දැක්කම මම අනිත් අයට කිව්වේ. මිලානුත් සංගීත්ගෙන් අහලා තිබුණා 'මම කවුද කියලා'. 'ජැක්සන් ඇන්තනීගේ' දුව කිව්වම 'ඒකද ඔච්චර ආඩම්බර' කියලා ඇහුවාලු. ඔන්න ඕක තමයි අපේ පළමු හමුවීම. දෙවැනි වතාවට අපි හමුවුණේ සංදීප ජයකොඩිගේ (එඩ්වඩ් - චරිතාගේ පුතු) උපන්දිනය දා. එදා නම් අපි කතාබහ කරලා හිතවත් වුණා. හැබැයි ඒක ලොකු යාළුකමක් නොවෙයි. මම රාගම එයා කඩවත. සාදය ඉවරවෙලා මම යද්දී සංගීතුයි මිලානුයි වාහනේ අරගෙන මගේ වාහනේ පස්සේ ආවා. මම ගෙදර ගේට්ටුවෙන් ඇතුළු වෙනතුරුම ඉඳල තමයි ගියේ. එහෙම කළේ මගේ ඉල්ලීමට නොවෙයි. කැමැත්තෙන්ම මට උදව්වට ආපු කෙනා යහතින් ගෙදර ගියාද කියල දන්නේ නැහැනේ. ඒ හින්ද මම සංගීත්ගෙන් මිලාන්ගේ නම්බර් එක ඉල්ලගෙන මග ම‍ලේ නෑ නේද... කියලා SMS එකක් ගැහුවා. එයාට ඒක තේරිල නැහැ. මොන මාලෙද කියල උත්තරයක් එවල තිබුණා...

ඔන්න ඔය විදියට ඇති වූ මිතුදම අන්තිමට දැන් මංගල මා‍ලේ බඳින තැන දක්වාම ඇවිත්. කාලයක් යාළුවෝ විදියට ඇසුරු කරද්දී මාධවීට දැනිල තියෙනවා, මිලාන්ගේ හිතේ තමන් ගැන උනන්දුවක් තියෙන බව. ඒත් ඇය ඒ ගැන ඔහුට අඟවලා නැහැ. මිලාන් කෙළින්ම තමන්ගේ ආදරේ ප්‍රකාශ කළත් මාධවී ඒ ආදරේ පිළිගන්න ටිකක් මැලිවෙලා. මිනිසුන් ගැනයි ආදරය ගැනයි හිතේ තිබුණු විශ්වාසය පළුඳු වෙලා තිබුණ හින්දා තමයි මාධවී ඒ විදියට මිලාන්ගේ ආදරය පිළිගන්න   මැලිවෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මිලාන් තමන්ගේ උත්සාහය අතහැරලා නැහැ. කොහොම කොහොම හරි අන්තිමට මිලාන් මාධවී දෙදෙනා පෙම්වතුන් බවට පත්වෙලා තියෙනවා.

මිලාන් අඛිලවයි සජිත්වයි වෙන වෙනම මුණ ගැහිලා මස්සිනාලා දෙදෙනාගෙත් හිත දිනාගෙන ඊට පස්සේ ජැක්සන් ඇන්තනීට කෙළින්ම තමන්ගේ අදහස ප්‍රකාශ කරලා තියෙනවා.

අද වෙද්දී දෙපාර්ශ්වයේම ආශිර්වාද මැද මාධවී හා මිලාන්ගේ ආදරය ගලාගෙන යනවා. එහි සොඳුරු සිහිවටනයක් පසුගිය 5 වැනිදා පැවැතුනා.

මගේ Birth Day 6 වැනිදා. 5වැනිදා සවස මිලාන් මට Party එකකට යන්න කතා කළා. එයාගෙ හොඳම යාළුවෝ දෙන්නෙක් වන රොමේෂ්, දිල්හාරා දෙදෙනාගේ Wedding Anniversary Party එකක් කියල තමයි කිව්වේ මම යද්දී. අපේ ගෙදර හැමෝම එතැන ඉන්නවා. ඒක මිලාන් මම වෙනුවෙන් සැලසුම් කරපු 'Surprise Party' එකක්. චූටි කා‍ලේ මගෙ උපන්දිනයට Party තිබුණා. මම A/L පාස් වුණාම Party එකක් තිබුණා. මගේ අනිත් හැම උපන් දිනයක්ම  මොකක් හරි පුණ්‍ය කර්මයක් කරන්නයි යොදා ගත්තේ. මේ විදියේ 'Surprise Party' එකක් මගේ ජීවිතයේ තිබූ පළමු වතාවයි මේ.

ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.