lakbima.lk

දුෂ්යන්ත් සහ ස්ටෙෆනි ඉතාලියේදී විවාහ ගිවිස ගත් හේතුව මෙන්න

දුෂ්යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන පසුගිය දවසක යුග දිවියට එළඹුණා. වසර ගණනක් ආදරයෙන් බැඳිලා හිටපු මේ දෙන්නගේ මංගල උත්සවය පැවැත්වුණේ ඉතාලියේදීයි. විවාහ වෙලා ටික දිනක් ඉතාලියේ ගත කළ මේ ආදරණීය කලාකරුවන් දෙ‍පොළ පහුගියදා ආයෙමත් ලංකාවට ආවා.

කෙළිලොල් තරුණයෙක් විදියට ගෙවූ ජීවිතය නිමා කරලා නව දිවියක් ඇරඹූ දුෂ්යන්ත්ට දැන් මොකද හිතෙන්නේ ජීවිතය ගැන.

අපි දෙන්නා අවුරුදු 4ක් ළඟින් ඇසුරු කළා. ඒ කාලය තුළම ස්ටෙෆනි මගේ ජීවිතයේ හැම ප්‍රශ්නයක්ම එකට බෙදාහදා ගත්තා. ඒ හින්දා ජීවිතයට කෙනෙකු ළං වුණා කියන ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. හැබැයි දැන් ජීවිතය ඉස්සරට වඩා සුන්දරයි කියලා හිතෙනවා.

දුෂ්යන්ත් ස්ටෙෆනි විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වුණේ කොහොමද?

අපේ විවාහය සිදු වුණේ පසුගිය මැයි මාසේ 25 වැනිදා. ඉතාලියේ Civita di Bagnoregio පල්ලියේ තමයි එය සිදු කළේ.

දෙන්නාම ලංකාවේ ජනප්‍රිය චරිත දෙකක්. ඒත් විවාහය සිදුකරන්න තෝරාගත්තේ ඉතාලිය. ඊට විශේෂ හේතුවක් තියෙනවද?

ස්ටෙෆනිට තමයි විවාහය ඉතාලියේ සිදුකරන්න අවශ්‍ය වුණේ. ඇගේ මවගේ විවාහය සිදු කරලා තියෙන්නෙත් අපේ විවාහය සිදු කළ පල්ලියේ. අනෙක ස්ටෙෆනිගේ පුංචි අම්මට ඒ පල්ලිය එක්්ක සමීප සම්බන්ධයක් තියෙනවා. ඉතින් එයාගේ ඉල්ලීමට මමත් කැමති වුණා.

දුරු රටක විවාහ උත්සවය පැවැත්වුණු නිසා ඔබේ ඥාති මිත්‍රාදීන් කොහොමද ඊට එකතු වුණේ?

අපේ සමීපතම සියලු දෙනා ඉතාලියට ඇවිත් අපේ විවාහ උත්සවයට සහභාගි වුණා.

ලංකාවේ සිටින යාළු මිත්‍රයන් වෙනුවෙන් ලංකාවේ උත්සවයක් පවත්වනවාද?

එහෙම අදහසක් නම් නැහැ.

දුෂ්යන්ත් හා ස්ටෙෆනිගේ සමීපතම මිතුර මිතුරියන්ගේ හිත් රිදෙන්න පුළුවන් නේද ඒ අයට ඔබලාගේ මංගල උත්සවයට එකතු වෙන්න නොලැබිම ගැන...

නැහැ. අපි සමීපතම මිතුර මිතුරියන් විදියට ඇසුරු කරන අය හරි අඩුයි. අපි ඒ සීමිත පිරිසට ඉතාලියේ පැවැති උත්සවයට ඇරයුම් කළා. ඒ අය අපි වෙනුවෙන් ඉතාලියට ඇවිත් අපේ උත්සවයට සහභාගි වුණා.

නව යුවළ පදිංචියට ගියේ දුෂ්යන්ත්ගේ මහ ගෙදරටද?

නැහැ. අපි අපේම ගෙදරට ගියා. ඒත් අම්මලා ඉන්න නිවසට ආසන්න නිවසක් නිසා ඒ අයත් නිතරම හමුවෙනවා.

දුෂ්යන්ත් - ස්ටෙෆනි කලා ජීවිතේ ඉදිරි පෙළ ගැස්ම මොනවගේ වෙයිද?

මට ප්‍රසංග කීපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ස්ටෙෆනි නම් වැඩියෙන්ම දායකවන්නේ නිවේදන කටයුතුවලටයි. ඇය බටහිර පන්නයේ ගායිකාවක් ලෙසත් කටයුතු කරනවා. ඉදිරියේදී අපි දෙන්නාම එකතුවෙලා ප්‍රසංගයක් කරන්නත් බලා‍පොරොත්තු වෙනවා.

ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.