lakbima.lk

මහරජ කන්සා හි විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මි දෙවගන


ලක්ෂ්මි දෙවගන යනු විෂ්ණු දෙවියන්ගේ බිරිඳයි. මහරජ කන්සා ටෙලි කතා මාලාවේ ප‍්‍රධාන චරිත දෙකක් වන විෂ්ණු සහ ලක්ෂ්මි චරිතවලට රංගනයෙන් දායක වන්නේ තරුණ හින්දු නළු නිළි දෙපළක් වන විෂාල් කර්වාල් සහ නේහා සර්ගම්ය.

විෂාල් කර්වාල්
ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ් හි පන්ජාබි පවුලක උපත ලද විෂාල් රන් ආභරණ ව්‍යාපාරික පවුලකින් පැවැත එන්නෙකි. ඔහුගේ පියා පෞද්ගලික පාසල් කීපයකම අධ්‍යක්ෂකවරයකු ද වේ. 1985 වසරේ උපත ලද විෂාල් කර්වාල් ධනවත්  පවුලක දරුවෙකු නිසාම ඔහුට ඉතා ඉහළ අධ්‍යාපනයක් ලබා දීම සඳහා ඔහුගේ පියා විසින් විශාල ධනයක් වැය කර තිබිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස විෂාල් උසස් අධ්‍යාපනය සඳහා පරිගණක ඉංජිනේරු විද්‍යාව හදාරා ඉන්පසු ඇමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ ගුවන් නියමු පාසලක පෞද්ගලික ගුවන් නියමුවෙකු ලෙස පුහුණුව ලබා තිබේ. 2008 වසරේ සිට ඔහු පෞද්ගලික ගුවන් නියමුවෙකු ලෙස විවිධ ගුවන් සේවා සඳහා සේවය ලබා දෙනු ලබයි.
විෂාල්ට රූපවාහිනියේ දොරටු විවර වන්නේ ්ාඩැබඑමරු රු්කසඑහ ඔඪ ියදඅ නම් වූ රූපවාහිනී වැඩසටහන නිසාය. මෙම වැඩසටහනින් විෂාල් ඉන්දියාව තුළ ප‍්‍රසිද්ධියට පත් වීමත් සමග ඔහුට රංගන අවස්ථාද ගලා එන්නට විය.

ඒ අනුව ඔහු 2009 වසරේ සිට තෝරා ගත් රූපවාහිනී මාලා නාට්‍ය සඳහා රංගනයෙන් දායක වූ අතර වෙළෙඳ දැන්වීම් මෙන්ම චිත‍්‍රපට ද ඒ අතර තිබේ. දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටියද ඔහු සිය වෘත්තීය ලෙස රංගනය තෝරා ගැනීමට කිසිදු කැමැත්තක් දක්වන්නේ නැති බව වරක් මාධ්‍යයට පවසා තිබිණි. ගුවන් නියමු වෘත්තිය සිය ජීවිකාව බවට පත් කර ගැනීම සඳහා තමන්ට ඇමෙරිකාවට යන්නට සිදුවන බවත් මේ දක්වා ගිවිසුම් අත්සන් කර ඇති නාට්‍ය සඳහා පමණක් රංගනයෙන් දායක වී රංගනය විනෝදාංශයක් ලෙස තබා ගන්නා බවත් ඔහු තවදුරටත් පවසා තිබේ.
ගුවන් නියමුවෙකු ලෙස ජීවිතය සාර්ථක වූ පසු විවාහ වන්නට බලාපොරොත්තුවෙන් සිටින විෂාල්ට මේ දක්වා පෙම්වතියක් නැති බවත් සිය විවේක කාලය හොඳින් ගත කිරීම සඳහා දවසකට කිලෝ මීටර් 3 බැගින් ඇවිදින බවත් ඔහු පවසා ඇත්තේ පෞද්ගලික තොරතුරු ලෙසය.

නේහා සර්ගම්
පට්නා හි ප‍්‍රසිද්ධ සංගීතඥයෙකු වන පද්ම ශ‍්‍රී පන්ඩිත් සියරාම් තේවාරීගේ මිනිපියක වූ නේහා සර්ගම් ද දක්ෂ සම්භාව්‍ය ගායිකාවකි. එසේ වුවද ඇය සිය අධ්‍යාපන කටයුතු සඳහා තෝරා ගනු ලැබුවේ සංගීතයට හාත්පසින්ම අසමාන විෂය කෂේත‍්‍රයකි. එනම් වෙළෙඳ දැන්වීම්කරණය සහ අලෙවි කරණයයි. ඇය මෙම විෂය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියකද වේ.


ඉන්ඩියන් අයිඞ්ල් තරගාවලියෙන් විශාල පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලබා ගත් නේහා වඩාත් ජනප‍්‍රියත්වයට පත් වූයේ මෙම තරගාවලිය අතරතුර සිදු වූ හදිසි අනතුරක් හේතුවෙනි. මේ නිසා ඇය ඉන්ඩියන් අයිඞ්ල් 2 තරගාවලියෙන් ඉවත් වූ අතර ඉන්පසු නැවතත් ඉන්ඩියන් අයිඞ්ල් 4 තරගාවලියේ සිට එයට එකතු වී ජයග‍්‍රහණය කරන්නට සමත් වූවා ය. ඉන්පසු ඇයට 2012 වසරේ දී  ඍ්ප්හ්බ රූපවාහිනී නාට්‍ය මාලාවේ ප‍්‍රධාන චරිතවලින් එකක් සඳහා දායක වන්නට අවස්ථාව ලැබුණු අතර එහි ඇගේ රංගනය වෙනුවෙන් කුසලතා සම්මානයක් ද ඇයට හිමි වී තිබිණි.
රංගන ශිල්පියෙකු සහ අධ්‍යක්ෂකවරයකු වූ නීල් බාත් සමග විවාහ අපේක්ෂාවෙන් සිටින නේහා 2019 වසරේ දී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය.

දුලංජලී මුතුවාඩිගේ
    
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.