lakbima.lk

පුංචි සමනළයා පියඹා යන්නටත් කලින් වෙඩි තබා මරා දැමුවේ ඇයි?

 
ඉක්බාල් මාසි උපත ලබන්නේ 1983 දී පාකිස්තානයේ ලාහෝර් නගරයට කිට්ටුවෙන් පිහිටි මුරිද්කේ නම් ගම්මානයේදීයි. මේ පවුල සිටියේ දුප්පත්කමේ පතුලටම වෙන්නටයි.
අවුරුදු හතරක දරුවෙක් කියන්නේ මවුපිය සෙනෙහස, රැකවරණය මැද හැදෙන වැඩෙන චරිතයක්. එ්ත් ඉක්බාල්ට එ් වාසනාව මුළුමනින්ම අහිමි වෙලා තිබුණා. එ් අහිමිවීම කොයිතරම් නම් අමානුෂිකද කියනවා නම් අවුරුදු හතර පිරුණු ඉක්බාල්ට රැකියාවකුත් කරන්න සිදුවුණා. 
එහෙම වෙන්න හේතුව තමයි ඉක්බාල්ගේ පියා බුමුතුරුණු නිපදවන කර්මාන්ත ශාලා හිමියෙකුගෙන් රුපියල් 600 ක ණය මුදලක් ලබාගැනීම. එ්ත් පොරොන්දු වුණු විදිහට මේ මුදල ගෙවාගන්න ඔහුට පු`ඵවන් වුණේ නැහැ. එ් වෙනුවට ඔහුට හතර වියැති ඉක්බාල් පුතුව එ් කර්මාන්ත ශාලාවේ රැකියාවනට යවන්න සිදුවුණා. ඔහු උපයන මුදලින් දිනපතාම රුපියල් 10 ක් බුමුතුරුණු කර්මාන්ත ශාලා හිමිකරුට දෙමින් තමයි එ් ණය මුදල ගෙවා දැමුවේ. 
මේ ණය ගෙවා දමන්න වයස අවුරුදු හතරේ ඉක්බාල්ට සතියකට පැය 120 ක් (දවසකට පැය 17 ක් පමණ* දවස් හතේම නිවාඩුවක් නැතිව වැඩ කරන්න සිදුවුණා. දවසකට ලැබුණේ පැය භාගයක විවේකයක් පමණයි. 
ඉක්බාල් වැනි අන්ත දුප්පත් දරුවන් තව බොහෝ දෙනෙක් මේ කර්මාන්ත ශාලාවේ රැකියාව කළා. මේ අසරණ        දරුවන්ගෙන් වැඩගත්තේ දම්වැල්වලින් ගැටගසා තබාගෙනයි. එ්, ඔවුන් පලායාමෙන් වළක්වාගන්නයි.
මේ කෙළවරක් නැති අපා දුක් පීඩා තවදුරටත් ඉවසාගෙන සිටින්නට බැරි වූ ඉක්බාල් දවසක් කර්මාන්ත ශාලාවෙන් පලාගියා. එසේ ගියේ පළාතේ පොලිස් ස්ථානයටයි. 
”එ් කම්හලේ අපෙන් වැඩ ගන්නේ හරිම නරක විදිහට. මම වගේ තව ගොඩාක් ළමයි එහේ ඉන්නවා. එ් ළමයින්ව බේරගන්න මොකක් හරි දෙයක් කරන්න.” වයසට වඩා බොහෝ මුහුකුරා ගිය නිර්භීතකමක් හා මුඛරිකමක් තිබූ ඉක්බාල් පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටියා.
එ්ත් පොලිස් නිලධාරීන් හිටියේ මේ අසරණ දරුවා කියන දෙය නෑසුණා වගෙයි. ඔවුන් කර්මාන්ත ශාලා හිමියාව නීතිය හමුවට ගෙනගියේ නැහැ. එ් වෙනුවට ඉක්බාල්ව ගෙනගොස් එ් කර්මාන්ත ශාලා හිමියාටම භාරදුන්නා. එතැන් පටන් ඔහු ඉක්බාල්ගෙන් වැඩ කරවාගත්තේ ඉතාමත් අමානුෂික අයුරින්.
ඉක්බාල් දෙවැනි වරටත් එ් කර්මාන්ත ශාලාවෙන් 
පලාගියා. එ් අවස්ථාවේදී ඔහුට පිහිට වුණේ පාකිස්තානයේ එ්කාබද්ධ කම්කරු විමුක්ති පෙරමුණයි. එයින් පවත්වාගෙන ගිය පාසලකින් ඉක්බාල් ඉගෙනුම ලැබුවා. ඔහු ඉගෙනගන්නට බොහොම දක්ෂයි. අවුරුදු හතරකදී සම්පූර්ණ කළයුතු ප‍්‍රාථමික අධ්‍යාපනය දෙවසරකින් අවසන් කළේ එ් නිසයි.
ඉක්බාල් තමන්ගේ කථිකත්වයෙන් ප‍්‍රයෝජන ගනිමින් ළමා ශ‍්‍රමය යොදාගැනීම ගැන දේශන පවා පැවැත්වූවා. එහි ප‍්‍රතිඵල වශයෙන් පාකිස්තානයේ ළමා කම්කරුවන් 3000 කට පමණ නිදහස ලැබුණා.
ඉක්බාල්ගේ අනාගත බලාපොරොත්තුව වුණේ නීතිඥයෙකු වී අන්ත දුක් විඳින ළමා ශ‍්‍රමිකයන් සහ කම්කරුවන්ගේ නිදහස හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමයි.
ඉක්බාල් රටින් රටට යමින් ළමා ශ‍්‍රමය යොදාගැනීම ගැන දේශන පැවැත්වූවා. ඔහුට එ් අවස්ථාවන් උදාවුණේ එ්කාබද්ධ කම්කරු විමුක්ති පෙරමුණ හරහායි. මේ කුඩා දරුවා කරන මේ උතුම් මෙහෙවරට ගරුකරමින් 1994 දී ඇමෙරිකාවේ බොස්ටන් හිදී ‘රීබොක් මානව හිමිකම් සමිමානය’ පිරිනැමුණා.
”මම පාකිස්තානයේ දස දුක් විඳින දසලක්ෂයක් පමණ වන ළමා ශ‍්‍රමිකයන්ගෙන් කෙනෙක්. නමුත් මම වාසනාවන්තයි. එ්කාබද්ධ කම්කරු විමුක්ති පෙරමුණ නිසා මට නිදහස ලැබී තිබෙනවා. මේ සංවිධානය නිසා මට ඉගෙනීමේ හැකියාවත් ලැබුණා. එ්ත් අද මේ මොහොත වෙද්දීත් සතුන්ටත් වඩා දුක් විඳින ළමා ශ‍්‍රමිකයන් ගැන මීට වඩා ලෝකයේම අවධානය යොමුවිය යුතුයි. මම පෙනී සිටින්නේ එ් අසරණයන් වෙනුවෙන්.” මේ සම්මානය පිළිගනිමින් ඉක්බාල් කියා සිටියා.
1995 අපේ‍්‍රල් 16 වැනිදා ඉක්බාල් තම යහ`ඵවන් කිහිපදෙනෙකු සමග තම උපන් ගම්මානයේ පාපැදි පදිමින් විනෝද වෙමින් සිටියා. එ් අතරවාරයේ එල්ල වුණු පිස්තෝල උණ්ඩයකින් වයස අවුරුදු 12 දී ඔහුගේ ජීවිතය නතර වුණා. මේ වෙඩි තැබීම කළේත් ඉක්බාල්ගේ වයසේම පසුවුණු හෙරොයින් නම් මත්ද්‍රව්‍යයට තදින්ම ඇබ්බැහි වූ දරුවෙක්.
නමුත් එ්කාබද්ධ කම්කරු විමුක්ති පෙරමුණ පවසා සිටියේ පාකිස්තානයේ බුමුතුරුණු කර්මාන්ත ශාලා හිමියන් මේ දරුවාට කිහිප වරක්ම මරණ තර්ජන කර ඇති බව හා මේ ඝාතනය පැහැදිලිවම ඔවුන්ගේ සැලසුමක ප‍්‍රතිඵලයක් බවයි.
නඳුන් අමන්ද 
මනමේන්ද්‍ර ආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.