lakbima.lk

අපි දෙන්නා ළං කළේ භාවනා කරපු සෙනසුනයි


මම

මම අධ්‍යාපනය ලැබුවේ මීගමුව නිවුස්ටඞ් බාලිකාවෙන්. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි. තාත්තා ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ තමයි වැඩ කළේ. මගේ අම්මා මීට ටික කලකට කලින් අපි අතරින් වෙන් වුණා. දැන් මමයි, කමලූයි විවාහ වෙලා ජීවත් වෙන්නේ පිටකෝට්ටේ නිවසේ. මේ වෙන කොට අපිට රයන් සහ සවීන් කියන පුතාලා දෙන්නෙක් ඉන්නවා. අපේ පවුල බොහොම සතුටින්, සාමයෙන් ජීවත් වෙනවා.

හමුවීම

අනූව දශකයේ තමයි මම මුලින්ම කමල්ව දැන හඳුනා ගත්තේ. පාසල් අධ්‍යාපනය නිමා කරලා මමත් ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ වැඩ කළා තාත්තත් එක්ක. එ් කාලේ කමල්ට එල්ල කරපු අසත්‍ය චෝදනා එක්ක ඔහු ගොඩක් මානසිකව ඇද වැටී ඉඳපු කාලයක් තමයි එ්ක. මම නිතරම ආව ගිය තැනක් තිබ්බා රත්තනපිටිය සෙනසුන භාවනා මධ්‍යස්ථානය කියලා. ඉතින් මම දවසක් එ් සෙනසුන ගැන විස්තර ලියලා කමල්ට ලියුමක් දැම්මා. කමල් එ් ලියුම කියවලා මාත් එක්ක කතා බහ කළා. මම විශ්වාස කළා කමල්ට අවශ්‍ය මානසික සහනය එතැනින් ලැබෙයි කියලා. එ් හඳුනාගැනීමත් එක්ක අපි එකිනෙකාට ආදරය කරන්න පටන් ගත්තා.
 
විවාහය

අපි විවාහ වුණේ 2002 අවුරුද්දේ මැයි 14 වැනිදා. විවාහ වෙලා පදිංචි වුණේ පිටකෝට්ටේ කමල්ගේ නිවසේ. අපි ආදරය කරපු මුල් කාලයේ නම් මම කමල්ට කතා කළේ තාත්තට හොරෙන්. එ්ත් අම්මගෙයි, තාත්තගෙයි පූර්ණ ආශිර්වාදය එක්කයි මම විවාහ වුණේ. විවාහ වෙන්න කලින් කාර්යාලයේ ගෙවපු ජීවිතයත් එක්ක බොහොම සැහැල්ලූ විදිහටයි මම ජීවත් වෙන්න හුරු වෙලා හිටියේ. විවාහයත් එක්ක කාර්යාලයෙන් ඉවත් වෙලා වගකීම් සහගත බිරිඳක් වෙන්න මට සිදු වුණා. එ් වෙනස්කම් හැමදේම කමල් නිසා මම සතුටින් භාර ගත්තා.

ගෙදර වැඩවලට දක්වන සහයෝගය

ගෙදර වැඩ නම් ගොඩක්ම කෙරෙන්නේ මගේ අතින්. ඇත්තටම කමල් ගොඩක් කාර්යබහුල නිසා මම එයාට කරදර කරන්න කැමති නැහැ. බැරිම අවස්ථාවකදී තමයි මම ප‍්‍රශ්නයක් වුණත් කමල්ට කියන්නේ. දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ, ශක්තිමත් මවක් විදිහට තනියෙන්ම කරගන්න මම නිතරම උත්සාහ කරනවා. ගෙදර උයන, පිහන වැඩකටයුතු නම් කරලා දෙන්න අපිට හිතවතෙක් ඉන්නවා. ඉතුරු වැඩ ටික නම් මගේ අතින්ම කෙරෙනවා.

ඔහු ගැන මම විතරක් දන්නා රහස

ගොඩක් දෙනෙක් කමල් ගැන නොදන්න දෙයක් තමයි ඔහු බොහොම සංවේදී හදවතක් තිබෙන මනුෂ්‍යයෙක් බව. මගේ අම්මාගේ අවසන් කාලෙදී ඇය දැඩි ලෙස රෝගාතුර වුණා. ඇත්තටම එ් කාලේ අපේ පවුලම ගොඩක් දුක් වින්දා. මගේ අත් දෙකෙන්මයි මම අම්මට සැලකුවේ. එ් වගේම තමයි කමලූත් අම්මට උදව් කළේ. අම්මට අන්තිම මාස 6 දී ගොඩක් අමාරු වුණා. එ්ත් කමල් මගේ අම්මට සැලකුවේ එයාගේ අම්මට වගේ. අම්මාගේ සියලූම උපස්ථාන කටයුතු කමල් බොහොම ආදරයෙන් කළා. අම්මව හැමතැනටම අරන් ගියෙත් කමල්ගේම අත් දෙකෙන්මයි. ඇත්තටම මනුෂ්‍යයෙක් විදිහට කමල්ගේ එ් මානුෂීය ගුණාංග ගැන මට  අදහාගන්නත් බැරි වුණා. මට හිතෙනවා මගේ අම්මට එ් සලකපු පිනම ඇති කමල්ට නිරෝගී ජීවිතයක් ගත කරන්න කියලා.

හෙට දවස  

කමල් එක්ක විවාහ වුණාට පස්සේ අපි දෙන්නම බොහොම සහයෝගයෙන් අපේ බලාපොරොත්තු සියල්ලක්ම වගේ ඉටු කර ගත්තා. එ් නිසා අමුතුවෙන් ලබා ගන්න තරම් විශේෂ දේවල් අපිට නැහැ. අපේ ලොකු පුතාට දැන් වයස අවුරුදු 18 යි. පොඩි පුතාට වයස අවුරුදු 13 යි. දරුවන් දෙන්නට හොඳට උගන්වලා යහපත් පුරවැසියන් කරන එක තමයි දැන් කමල්ගේත්, මගේත් එකම සිහිනය වෙලා තියෙන්නේ. 

තිනෙති නානායක්කාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.