lakbima.lk

එදා අපි පුතාට දුන්නේ ලොකු කිස් එකක් විතරයි

තුන් ඉරියව්වෙන්ම හපන්කම් දක්වමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අගනා සේවයක් ඉටු කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස කාලයක් පුංචි තිරය හැඩ කළ මංජුලා තිළිණිගේ බාලම පුතුවන ඩිෂාල්ගේ පළමු උපන්දිනය පසුගිය දිනක යෙදී තිබුණා. ඩිල්ෂානුයි මංජුලයි දෙන්නා එකතුවෙලා එදා උපන් දින සාදය සංවිධානය කර තිබුණේ මෙන්න මේ විදියටයි.

පුංචි පුතාගේ උපන්දින සැමරුම මුළු පවුලටම විශේෂ එකක් වුණා නේද..?

ඔව්. ඒක අපට හුඟක්ම විශේෂ සැමරුමක් වුණා. කොළඹ පිහිටි, අපටම වෙන්වූ සංචාරක නිකේතනයකදී තමයි පුතාගේ උපන්දිනය අපි සැමරුවේ. මේක අපේ බාලම පුතාගේ උපන්දිනය. එයා පවු‍ලේ පුංචිම කෙනා නිසා හැමෝම පුතාට හුඟාක් ආදරෙයි. ඉතින් හැමෝගේම සුබපැතුම් පුංචි පුතාට උපන්දිනය වෙනුවෙන් ලැබුණා.

ඩිල්ෂානුයි මංජුලායි මොකක්ද පුතාට දීපු උපන්දින තෑග්ග..?

ලොකු කිස් එකක් තමයි අපි දෙන්නා පුතාට දුන්නේ. ඒ හැරුනාම වෙන විශේෂ දෙයක් අපි දුන්නේ නැහැ.

එතකොට පුතාගේ අයියලා, අක්කලා පුංචි පුතාට මොනවද දුන්නේ..?

ඒ ගොල්ලෝ නම් ලස්සනට හදපු පුංචි පුංචි සුබපැතුම්පත් ටිකක් මල්ලිට දුන්නා.

ලොකු වුණාම පුංචි පුතාවත් තාත්තා වගේම ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන එකද මංජුලාගේ බලා‍පොරොත්තුව..?

ක්‍රිකට් ක්‍රීඩකයෙක්ම වෙන්න ඕනෑ කියලා විශේෂත්වයක් නැහැ. ඩිල්ෂාන් වගේම මොන ක්ෂේත්‍රයකින් හරි කැපී පෙනෙන, දක්ෂ පුද්ගලයෙක් බවට පුතාව පත්කරන එකයි මගේ එකම පැතුම.

ඩිල්ෂාන් සහ මංජුලාගේ කැඳැල්ලට තවත් අමුත්තෙක් එකතු කරගන්න බලා‍පොරොත්තුවක් නැද්ද.?

අනේ නැහැ. ඩිෂාල් පුතා තමයි අපේ පවුලට එකතු වූ අන්තිම කෙනා. දුවල පුතාලා හතරදෙනාගේ අනාගතය යහපත් එකක් බවට පත්කරන එක තමයි දැන් අපි දෙන්නාගේම එකම හීනය.

සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.