Coss Ear2
lakbima.lk
COSS Ear 1

රනිල් ඉවත්කිරීමට මන්ත්‍රීන්ට අවශ්‍ය නෑ

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ඇතැම් මාධ්‍යවලට අවශ්‍යතාව තිබෙන නමුත් මන්ත්‍රීවරුන් කිසිවකුට එවැනි අවශ්‍යතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය. අගමැතිවරයාට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ලිපියක් භාරදී ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර කිසිදු මන්ත්‍රීවරයකුට එවැනි අවශ්‍යතාවක් පැනනැගී නැතැයිද ඒ මහතා කීය.
වර්තමානයේ ඇතැම් ජනමාධ්‍ය විසින් සියලු දේශපාලනික තීන්දු තීරණ ගන්නා තත්ත්වයට පත්ව ඇතැයිද හෙතෙම කීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (13) හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නලින් බණ්ඩාර මහතා මෙම කරුණු හෙළි කළේය.
 
ලසන්ත වීරකුලසූරිය, ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.