Coss Ear2
lakbima.lk
COSS Ear 1

රනිල් ඉවත්වුණොත් මීළඟ අගමැති කරුද සජිත්ද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අභිමතය පරිදි සිය කැමැත්තෙන් හෝ  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  අගමැති පදවියෙන් ඉල්ලා අස්වුව හොත් ඊළඟ අගමැතිවරයා වශයෙන් පත්වනුයේ කවුරුන්ද යන්න පිළිබඳව දේශපාලන ක්‍ෂේත්‍රයේ විවිධ කතා බහ ඇති වෙමින් පවතී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි මහ මැතිවරණයක් ඉල්ලා සිටිනු මිස අගමැති පදවිය කෙරෙහි උන්නදුවක් නොදැක්වීම මත එය එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් දෙපල වෙතට යොමුවීමේ වැඩි නැඹුරුවක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

එහෙත් ජයසූරිය මහතා හෝ ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් කිසිදු සෘජු අදහසක් ප්‍රකා‍ශකොට නොමැති අතර වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීම කෙරෙහි එජාප පසු පෙළ මන්ත්‍රීන් තුළ උනන්දුවක් පළ වී ඇතත් ඔහු මෙතෙක් අගමැති තනතුරින් ඉල්ලා අස්වීම ගැන කිසිදු ප්‍රකාශයක් නොකිරීම මත ඉදිරියේ දී ද ඔහු එම ධූරයේ කටයුතු කිරීමට ක්‍රියා කරනු ඇතැයි ද දේශපාලන පක්ෂ ආරංචි මාර්ග කියයි.

ඒ.ජී.රේණුකා

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1493

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1239

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 1968

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3359

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4171

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4316

Please publish modules in offcanvas position.