Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉන්ෆ්ලුවන්සා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරෙයි

මේ දිනවල ඉන්ෆ්ලුවන්සා රෝගය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග විශේෂඥ ජූඩ් ජයමහ මහතා සඳහන් කරයි.
නොවැම්බර් දෙසැම්බර් මාසවල ඉන්ෆ්ලුවන්සා වෛරසය පැතිර යන බැවින් මේ දිනවල පැතිර යන්නේ ඉන්ෆ්ලුවන්සා බි වෛරසය බව හෙතෙම පැවැසීය.
මෙම වෛරසය කුඩා ළමුන්ට හා වයස් ගතවූවන්ට ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බැවින් එවැනි අය සෙනඟ වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයන් වෙත ගෙන නොයන්නැයිද හෙතෙම ඉල්ලීමක් කරයි.
විශේෂයෙන් කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ඇඟපතේ වේදනාව, කෑම අරුචිය මෙම රෝගයේ විශේෂ ලක්ෂණයක් වන බැවින් කුඩා දරුවන්ට හා වයස්ගත වූවන්ට එම වෛරසය වැඩි බලපෑමක් එල්ල කරන බවද විශේෂඥවරයා කීය.
කෙසේ නමුත් පසුගිය මාසයේදී වෛද්‍ය පර්යේෂණායතනයට ඉන්ෆලුවන්සා බි යැයි සැක කරන රෝගීන් 300ක් පමණ දෙනාගේ සෙම සාම්පල් ලැබුණ අතර ඉන් පුද්ගලයන් 40ක් පමණ රෝග කාරක වෛරසය ආසාදනය වූවන් බවට හඳුනා ගත් බවද හෙතෙම කීය.
 
ශ්‍රියානි විජේසිංහ
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.