Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජ්‍යෙෂ්ඨයන් පක්ෂයි පසුපෙළ විරුද්ධයි

පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීම සඳහා දෙපාර්ශ්වයේම ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ගේ එකඟතාවය පළ වී තිබේ.
මෙම එකඟතාවය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ බස්නාහිර පළාතේ හිටපු ප්‍රබලයෙක් සහ පළමුවරට පාර්ලිමේන්තුවට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ 19 දෙනෙක් පමණ විරුද්ධත්වය පළකර ඇත. එනමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ සිට සියලු ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ගේ කැමැත්ත පළ වී ඇති අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ 24 දෙනකුගේ කැමැත්ත දැනටමත්  පළ වී ඇත.
මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යෑම සඳහා ජනාධිපතිවරයා විසින් නම්කර ඇති පාර්ලිමේන්තුවේ තරුණ දේශපාලනඥයා සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයාගේද ආශිර්වාදය හිමි වී ඇත.
කෙසේ නමුත් පසුපෙළ මන්ත්‍රීවරුන් 19 දෙනාගේ අකමැත්ත හේතුවෙන් පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීමේ කටයුත්ත ප්‍රමාද වෙමින් තිබෙන බව ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.

සංජය නල්ලපෙරුම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.