Coss Ear2
lakbima.lk
COSS Ear 1

කොළඹට මහ වැසි - ආපදා තත්ත්වයක්

කොළඹ කොටුව ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, මරදාන ඩාලි පාරේ ගිනි නිවන හමුදා මූලස්ථානය, කොළඹ පිටකොටුවේ ට‍්‍රැක්ටර් සංස්ථා හන්දිය ආදී ස්ථානවල තද සුළඟ හේතුවෙන් ගස් කඩාවැටීම නිසාත් මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසාත් අද දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබිණ.

මීට අමතරව නුගේගොඩ, උඩහමුල්ල ආදී ප‍්‍රදේශවල කැලණිවැලි දුම්රිය මාර්ගයට ගස්කඩා වැටීම නිසා දුම්රිය ගමනා ගමනය ද ඇනහිට තිබේ. මේ අතර කිරිබත්ගොඩ පොදුවෙළෙඳසල් භූමියේ තනා තිබූ වෙසක් තොරණ කඩා වැටීමෙන් අද්දර තිබූ වාහන හතරකට අලාභහානි සිදු වී ඇති අතර මහරගම නගරයේ වෙසක් තොරණ ද සුළඟ නිසා කඩාවැටීමේ අවදානමක පවතින බව පෙනී ගොස් ඇත. මීට අමතරව කොළොන්නාව නගර සභා සීමාව තුළ දසුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.

නිරිතදිග මෝසම් ප‍්‍රවාහය රට තුළට පිවිසීමට පෙර ඇතිවන පෙර මෝසම් තත්ත්වය නිසා මෙම සුළං සහිත වැසිබර කාලගුණ තත්ත්වය හටගෙන ඇති බවත් ඉදිරි දින දෙකතුන තුළ රට තුළට පිවිසෙන  නිරිතදිග මෝසම් ප‍්‍රවාහය නිසා මෙම තත්ත්වය ඉදිරියේ දී තවත් වර්ධනය විය හැකි බව පවසන කාලගුණ විද්‍යා ආරංචි මාර්ග එහි බලපෑම බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ ප‍්‍රදේශ කෙරෙහි වැඩි වශයෙන් එල්ල විය හැකි බවත් සඳහන් කරයි.

දමයන්ති ගමගේ

පෙර පුවත  - ස්වභාවික ආපදා සමයක් අත ළඟ  - 01

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.