Coss Ear2
lakbima.lk
COSS Ear 1

බස් ගාස්තුව 12.5% තෙක් ඉහළට : වර්ජනයක් නැහැ

බස් ගාස්තුව සියයට 12.5 ක ප්‍රතිශතයකින් සහ රුපියල් 10 ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 12 ක් දක්වා වැඩි කිරීමට රජය අද (16) පස්වරුවේ ලබාදුන් අනුමැතිය මත බස් වර්ජනය අතහැර දැමීමට බස් සංගම් ප්‍රධානීහු අද (16) පස්වරුවේ තීරණය කළහ.
මෙම ගාස්තු වැඩිවීම එළඹෙන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව රජයේ පාර්ශ්වය මෙහිදී පැවැසූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය.
බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී බස් සංගම් නියෝජිතයන් හා රජයේ පාර්ශ්වය අතර මෙම සාකච්ඡාව පැවැත්වුණි.
ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
මේ අනුව කැබිනට් මණ්ඩලය අවසර දී තිබුණු සියයට 6.56 ක බස් ගාස්තුව සියයට 12.5 ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට අමාත්‍යවරු දෙපළ අවසර දී ඇත. රුපියල් 10 ක්ව පැවැති අවම බස් ගාස්තුව අමාත්‍ය මණ්ඩලය මීට පෙර වැඩිකිරීම සඳහා අවසර නොදුන් අතර නමුත් අද (16) පැවැති සාකච්ඡාවේදී එම ගාස්තුව රුපියල් 12 ක් දක්වා වැඩි කිරීමට එකඟතාව ලබාදී ඇත.
මේ අනුව මෙම නව ගාස්තු වැඩිවීම ඊළඟ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමත කිරීමෙන් පසුව එදින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
 
පානුක රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.