Coss Ear2
lakbima.lk
COSS Ear 1

දකුණු පළාතේ පැතිරී ගිය උණ රෝගයෙන් මියගිය දරුවන්ගේ මරණවලට හේතුව ඉන්ෆ්ලුවන්සා වෛරසය පමණක් නොවන බවත් ඉන්ෆ්ලුවන්සා, ඇඩ්නෝ වෛරසය සහ ආර්.එස්.ඩී. නමැති වෛරසයද ආසාදනය වීමෙන් බවත් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
අප්‍රේල් පළමු සතියේ සිට අද (27) දක්වා කරාපිටිය රෝහ‍ලේදී මියගිය දරුවන් එකොළොස් දෙනාගෙන් හත් දෙනකුගේ මරණ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ වාර්තාවලට අනුව ඔවුන් මියගියේ ඉන්ෆ්ලුවන්සා තත්ත්වය හේතුවෙන් පමණක් නොවන බව තහවුරු වී ඇතැයි අධ්‍යක්ෂවරයා කීය.
මියගිය දරුවන්ගෙන් සිව්දෙනකු ඇඩ්නෝ වෛරසයට ගොදුරු වීමෙන් මරණයට පත්වී ඇති බව වාර්තා වී ඇතැයිද හෙතෙම කියා සිටියේය. එමෙන්ම ඉන්ෆ්ලුවන්සා වෛරස් තත්ත්වය සමග ඇඩ්නෝ වෛරසය ආසාදනය වීමෙන් මෙන්ම මෙම වෛරස් තුනම ආසාදනය වීමෙන්ද දරුවන් මියගිය බවට මේ වනවිට වාර්තා වී ඇති බව අධ්‍යක්ෂවරයා කීය. මේ නිසා මියගිය සෑම දරුවකුගේම මරණයට හේතුව ඉන්ෆ්ලුවන්සා රෝගය යැයි ප්‍රචාරය කිරීමෙන් නිවැරදි ප්‍රතිකාර ලබාදීමේදී ගැටලු මතුවන බවද හෙතෙම කීය. අධ්‍යක්ෂවරයා පැවැසුවේ ඇඩ්නෝ වෛරසය හා ශ්වසන පද්ධතියේ සංකූලතා හේතුවෙන්ද එක් දරුවකු මියගොස් ඇති බව තහවුරු වූ බවයි.
 
තනුජා නානායක්කාර

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.