Super User කොළඹ - නුවර “අධිවේගය” 2020 ඡන්දයට පෙර Print Email 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණයට පෙර කොළඹ– මහනුවර අධිවේගී මාර්ගය විවෘත කිරීමටබලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලමහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ගණේමුල්ල දුම්රිය මාර්ගය හරහා ඉදිවූ ගුවන් පාලම විවෘත කිරීමෙන් අනතුරුව අද (11දා) පෙරවරුවේ පැවති උත්සවයකදීය. එහිදී වැඩිදුරටත් අදහස් පලකළ අමාත්‍යවරයා මෙසේද කීය.කොළඹ -මහනුවර අධිවේගී මාර්ගයේ තැනීම් කටයුතු කොටස් තුනක් වශයෙන් ආරම්භ කොට තිබෙනවා. එහිකඩවත සිට මීරිගම දක්වා මුල් කොටසේ ඉදිකිරීම් චීන සමාගමකට භාර දී තිබෙනවා.මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවෙනි කොටස දේශීය සමාගමකට භාරදී තිබෙනවා.පොතුහැර සිට ගලගෙදර දක්වා තුන්වනකොටස ජපන් සමාගමකට භාර දී තිබෙනවා. මේ පෙර විවෘත කිරීමට අපි බලාපොරොත්තුවනවා.” එස්.ටී.පි සිල්වා fShare Add comment ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : - ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු. Name (required) E-mail (required, but will not display) Notify me of follow-up comments Refresh Send Cancel tweet
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.