
තමාගේ ගුරුවරයකුද වූ ජී.එල්. පීරිස් මහාචාර්යවරයා එම පක්ෂයේ නායකයා වුවද එහි අපේක්ෂකයන් තම පෝස්ටර්වල ප්‍රදර්ශනය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය බවද දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
ජී.එල්. පීරිස් මහතා එම තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා වගකිව යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මහතා ඒ බව සඳහන් කළේය.
තම පක්ෂය බිහි වූ දා සිටම පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කැප වූ නායකයන්ගේ ඡායාරූප ඇතුළත් බැනර් ප්‍රදර්ශනය කර දේශපාලන කටයුතු ඉදිරියට ගෙනයාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්ප්රදාය බව හෙතෙම කීය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බැනර්වල එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ යන නායකයන්ගේ රුව ඇතුළත් කරමින් සිය දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යන බවද පැවැසීය.
නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වෙනුවට එම පෙරමුණ ප්‍රදර්ශනය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය බවද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කමණි හෙට්ටිආරච්චි
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.