Super User උසස් පෙළ විභාග වංචා කළ පුද්ගලයන් 205 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවයි Print Email මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේදී විවිධ වංචනික ක්‍රියාවල නිරත වූ විභාග අයැදුම්කරුවන් 205 දෙනකුගේ විභාග ප්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.ප්‍රශ්න පත්රවලට පිළිතුරු ලිවීමේදී විවිධාකාර ලෙස කොපි කිරීම, ව්‍යාජ ආකාරයට හැඳුනුම්පත් මාරු කරමින් ව්‍යාජ පුද්ගලයන් විභාගයට පෙනී සිටීම ආදී වංචනික ක්‍රියාවල නිරත වීම හේතුවෙන් මෙලෙස 205 දෙනකුගේ විභාග ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගත් බව විභාග කොමසාරිස් ජනරාල් බි. සනත් පූජිත මහතා “ලක්බිම” කළ විමසීමකදී පැවැසීය. දිවයින පුරාම තැනින් තැන සිදුවූ එවැනි වංචනික ක්‍රියා පිළිබඳව සලකා බලා මෙම 205 දෙනාගේ ප්‍රතිඵල අත්හිටුවා ඇත. මේ අතර කොළඹින් බැහැර ප්‍රදේශවල පාසල්වලට අදාළ ප්‍රතිඵල තැපැල් කළ බවත්, ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත ඉදිරියේදී තැපැල් කරන බවත්, කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය. ගයාත්‍රි ගීගනආරච්චි fShare Add comment ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : - ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු. Name (required) E-mail (required, but will not display) Notify me of follow-up comments Refresh Send Cancel tweet
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.