Super User තරුණයකු පැහැර ගෙන ගිය සිසුවා අනුරපුරයෙන් හමුවේ Print Email සංඝමිත්තා පෙරහැරක් බැලීමට ගොස් සිටියදී පසුගිය 25 වන දින අලුයම අතුරුදහන් වූ 14 හැවිරිදි පාසල් සිසුවා ඊයේ (27) වනදා හමුවූ බව මීරිගම පොලීසිය පවසයි.කිතුල්වල මුනිදාස කුමාරතුංග කණිටු විදුහලේ අට වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවා අසල්වැසි තරුණයෙකු සමග මෙම පෙරහැර නැරඹීමට ගොස් තිබේ. මොවුන් දෙදෙනා සමග මිතුරු වූ තවත් තරුණයෙකු 21 හැවිරිදි තරුණයා මගහරිමින් 14 හැවිරිදි සිසුවා රැගෙන ගොස් ඇත. තමන් සමග පැමිණි සිසුවා නිවසට ගොස් ඇතැයි සිතූ21 හැවිරිදි තරුණයා තම නිවසට ගොස් තිබේ.මේ අතර පාසල් සිසුවා නිවසට පැමිණ නැති බව ඔහු දැනගෙන ඇත්තේ පසුදින දහවල් කාලයේදීය. පසුව මෙම දරුවාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් දෙමාපියන් පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සිදුකල පරීක්ෂණ වලදී මෙම පාසල් සිසුවා හා ඔහු රැගෙන ගිය තරුණයා අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තිබේ. මෙම පැහැර ගැනීම කුමන හේතුවක් මත යැයි සිදු කරන ලද්දක් දැයි මෙතෙක් අනාවරණය වී නැත. තිලක් සේනාසිංහ fShare Add comment ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : - ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු. Name (required) E-mail (required, but will not display) Notify me of follow-up comments Refresh Send Cancel tweet
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.