chamil අතුරුදන් පනත යුද්ධයට අදාළ නෑ Print Email බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත අතීතයට බල නොපාන සංශෝධනයක්ද සහිතව ගෙන ඒමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ගනු ලබන ස්ථාවරය අනුව රජය මේ තීරණය ගෙන ඇත. මෙම පනත් කෙටුම්පත ඉකුත් පාර්ලිමේන්තු සතියේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමට සැලසුම් කර තිබුණත් පසුව එය කල් දැමීමට රජය තීරණය කළේය. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත ගෙන ඒමේදී රජය විසින් අනුගමනය කරන ස්ථාවරය අනුව යුද සමයේදීත්, පසුගිය ආණ්ඩු කාලයේදීත් සිදුවූ පුද්ගල අතුරුදන් වීම් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත නොහැකි වෙයි. අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති පනත් කෙටුම්පත ඉහත සංශෝධනයද සහිතව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවේදී විවාද කොට සම්මත කර ගැනීමට නියමිතය. ලසන්ත වීරකුලසූරිය fShare Add comment ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : - ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු. Name (required) E-mail (required, but will not display) Notify me of follow-up comments Refresh Send Cancel tweet
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.