උතුරු පළාත් අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාට එරෙහි ගෙන ආ විශ්වාස භංග යෝජනාව ඉවත් කර ගන්නා බව ඊයේ ( 19) සවස විපක්ෂ නායක ,දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත දැනුම් දී ඇත.
විපක්ෂ නායකවරයා මෙසේ දැනුම් දී ඇත්තේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීි.වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් අමාත්‍යවරුන් දෙදෙනා පිළිබඳව ගත් තීරණය වෙනස් කළ බව දන්වමින් ඊයේ (19) විපක්ෂනායක වෙත යැයි ලිපියට ප්‍රතිචාර දක්වමිනි. තවද මෙම අර්බුදය දුර දිග නොයවා සහයෝගයෙන් විසඳා ගැනීමට හැකි වීම පිළිබඳ තමන් සතුටට පත්වන බවද විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් කටයුතු කළ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිතයන්ගේ තීරණය වෙනස් කරන බව විපක්ෂනායක වරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත.
උතුරු පළාත් සෞඛ්‍ය හා ධීවර අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග වෙනස් කරමින් ඔවුන් දෙදෙනාගේ අනිවාර්ය නිවාඩුව ඉවත් කල බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ඊයේ (19) විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාට ලිපියක් යවමින් දන්වා යවා තිබුණි. ඒ අනුව මසකට අමාත්‍යධුර අත්හිටුවමින් නිවාඩුවක් ලබා දුන් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතාට හා ධීවර ප්‍රවාහන අමාත්‍ය පී.ටෙනිස්වරන් මහතාට සිය රාජකාරී වැටුප් ලබා ගනිමින් මන්ත්‍රී වරප්‍රසාද හිමි බව එම ලිපියෙන් දන්වා ඇත. උතුරු පළාත් සභාවේ දූෂණ වංචා හේතුවෙන් පළාත් අමාත්‍යවරුන් දෙදෙනකු ධුරවලින් ඉවත් කර මෙම අමාත්‍යවරුන් දෙදෙනාට මසක නිවාඩු කාලයක් ලබා දීමට පහුගියදා ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු කර තිබුණි. ඊට විරෝධය පල කරමින් මන්ත්‍රීවරුන් 21කුගේ අත්සනින් යුතුව ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් විය.
මෙම උතුරු පළාත් සභාවේ හටගත් ගැටුමේ අවසානයක් දැකීමට නම් ප්‍රධාන අමාත්‍යවරයාට ලිපියක් යවමින් ඉකුත් දා විපක්ෂ නායකවරයා දන්වා සිටියේ දූෂණ චෝදනාවන්ගෙන් වරදකරුවන් නොවූ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත් වැරදි තීරණය කඩිනමින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසය.ඒ අනුව ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ඔහුගේ තීරණය වෙනස් කළ බව දන්වමින් ඊයේ (19) ඔහුට ලිපියක් යවා තිබේ.
ශානිකා මාධවී පීිරීස්
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.