Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් හි පිහිටි 'සේව් ද චිල්ඩ්රන්' ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයේ කාර්යාලයට අයිසිස් සංවිධානය එල්ල කළ ප්‍රහාරය පසුගිය බදාදා (24දා) ලෝක ජනමාධ්‍ය තුළ ප්‍රධාන පුවතක් බවට පත් විය. එරට වේලාවෙන් පෙරවරු 9ට පමණ මෙම ප්‍රහාරය ආරම්භ වූයේ මෙම කාර්යාලය ඉදිරිපිට  කාර් බෝම්බයක් පුපුරා යාමත් සමගිනි. එය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව සඳහන් විය. ඒ සමගම ඒ අවට ප්‍රදේශය එකම ගිනිජාලාවක් බවට පත් වූ අතර ප්‍රහාරකයින් රොකට් වෙඩි ප්‍රහාර එල්ල කරමින්, ගේට්ටු විවර කරගෙන කාර්යාල ගොඩනැගිල්ලට ඇතුල්ව තිබෙන බව වාර්තා විය. එම අවස්ථාව වනවිට මෙම කාර්යාලයේ සේවකයින් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ගොඩනැගිල්ල තුළ සිටි බවද පැවැසේ.
ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ වහා එහි පැමිණ ප්‍රහාරකයින්ට එරෙහිව ප්‍රතිප්‍රහාර ආරම්භ කළ අතර පැය ගණනක් තිස්සේ මෙම සටන ඇදී යන ආකාරය දැකිය හැකි විය. තත්ත්වය පාලනය කළ බව ඇෆ්ගනිස්ථාන රජයේ පාර්ශ්වයෙන් නිල වශයෙන් නිවේදනය කෙරුණේ එරට වේලාවෙන් රාත්‍රි 7 ට පමණය. ඒ වනවිට පැය දහයකට ආසන්න කාලයක් ආරක්ෂක අංශ සහ ප්‍රහාරකයින් අතර සටන පැවතී තිබිණි.
කාර්යාලය තුළ සිටි සේවකයින්ගේ තත්ත්වය සම්බන්ධයෙන්ද බොහෝ වේලාවක් යනතුරු නිශ්චිතව තොරතුරක් දැනගන්නට නොවීය.  පසුව දැනගන්නට ලැබුණේ ඔවුන් වැඩි දෙනෙකු ගොඩනැගිල්‍ලේ ආරක්ෂා සහිත කොටසක සැඟවී සිටින බවයි. 46 දෙනෙකු පමණ එහි සිටින බව අනාවරණය විය. කෙසේ හෝ වේවා, ගොඩනැගිල්‍ලේ පිටුපස දොරටුවකින් මෙම සේවකයින් මුදා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබිණි. නමුත් සේවකයින් තිදෙනෙකු ප්‍රහාරය අතර මරණයට පත්ව ඇති බවද නිවේදනය කෙරිණි. එයට අමතරව එක් හමුදා සෙබළෙකුද මරණයට පත්ව ඇති බව සඳහන් වෙයි.
මෙම ප්‍රහාරය සඳහා සටන්කාමීන් පස් දෙනෙකු සහභාගි වී ඇතැයි විශ්වාස කෙරේ. ඒ සියලුදෙනා මරණයට පත්ව ඇති බව රජයේ ප්‍රකාශකයෙකු පවසා තිබේ. මේ අතර විසි දෙනෙකුට අධික පිරිසක් කාර් බෝම්බය නිසා තුවාල ලබා ඇති බව ද අනාවරණය විය. ගොඩනැගිල්ල තුළ 'සේව් ද චිල්ඩ්රන්' කාර්යාලයට අමතරව තවත් ස්වීඩන ආධාර ආයතනයක කාර්යාලයක්ද පැවති බව සඳහන් වූ අතර තම ඉලක්කය බ්‍රිතාන්‍ය සහ ස්වීඩන් ජාතිකයින් බව අයිසිස් සංවිධානය පවසා තිබිණි. ('සේව් ද චිල්ඩ්රන්' යනු බ්‍රිතාන්‍ය රාජ්‍ය නොවන සංවිධානයකි.) කාර්යාල ගොඩනැගිල්ල  තුළ කොටු වී සිටි සිය ඥාතීන් පිළිබඳ විමසමින් බොහෝ දෙනෙකු ඒ අසල රැස්ව සිටි බවද මාධ්‍ය වාර්තා කළේය. සිද්ධියත් සමගම ඇෆ්ගනිස්ථානය පුරා ක්‍රියාත්මක 'සේව් ද චිල්ඩ්රන්' වැඩසටහන් වහා අත්හිටුවන ලද අතර සියලු කාර්යාල වසා දැමීමටද පියවර ගන්නා ලදී.
ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රියාත්මක වඩාත් ප්‍රබලම සටන්කාමී සංවිධාන දෙක වන්නේ අයිසිස් සංවිධානය සහ තලිබාන් සංවිධානයයි. මෙම කණ්ඩායම් අතරද ගැටුම් පවතින අතර තමුන් මෙම ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැති බව තලිබාන් සංවිධානය නිවේදනය කර තිබිණි. කෙසේ නමුත් විදේශිකයින් මෙන්ම විදේශීය ආයතනද ඇෆ්ගනිස්ථානය තුළ නිතර ප්‍රහාරයට ලක් වන බව රහසක් නොවේ. පසුගිය සෙනසුරාදා (20 දා) එරට අගනුවර වන කාබුල්හි පිහිටි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයට එල්ල වූ ප්‍රහාරයද ඊට එක් නිදසුනකි. එහිදී විසි දෙදෙනෙකු මරණයට පත් වූ බව වාර්තා වූ අතර ඒ අතරින් වැඩි දෙනා විදේශිකයින් ය. 'විදේශිකයින් කොහිදැයි' විමසමින් ප්‍රහාරකයින් හෝටලය තුළ දිව ගිය බව සිද්ධිය ඇසින් දුටුවන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රහාරයේ වගකීම භාරගත්තේ තලිබාන් සංවිධානයයි.
රතු කුරුස හමුදාවට සම්බන්ධ සාමාජිකයින්ද, ස්වීඩන රාජ්‍ය නොවන සංවිධානයකට අයත් සාමාජිකයින්ද පසුගිය වසර තුළ නිතර ප්‍රහාරකයින්ගේ ඉලක්ක බවට පත් වනු දැකිය හැකි විය. මේ නිසා මෙම විදේශීය සංවිධාන ඇෆ්ගනිස්ථානය තුළ සේවය කරන සිය සාමාජිකයින් සංඛ්‍යා විශාල වශයෙන් අඩු කර තිබේ.
'සේව් ද චිල්ඩ්රන්' සංවිධානය 1976 වසරේ සිට ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රියාත්මක වන අතර එහි පළාත් 16ක් පුරා සිය සමාජ සේවා කටයුතු පවත්වාගෙන යන බව සඳහන් ය.

කිත්සිරි මල්වත්ත

  1. ඇමෙරිකාව - චීනය සහ දකුණු කොරියාව අතර වෙළෙඳ යුද්ධයක ලකුණු?
  2. වෙනිසුවෙලාව ජනපතිවරණය නියමිත කාලයට පෙර පවත්වන ලකුණු
  3. රෝගීන් 97ක් මරා දැමීම සම්බන්ධයෙන් ජර්මන් හෙද නිලධාරියෙකුට නඩු
  4. ඇමෙරිකාවේ කොංග්‍රසය අයවැය සම්මත කරයි
  5. ලෝක ආර්ථික සමුළුවක් අද
  6. ‘පද්මාවත්’ චිත්‍රපටය නිසා 25 වෙනිදා සිනමා ශාලා ගිනිබත් ?
  7. කැටලෝනියාවේ අලුත් පාර්ලිමේන්තුව රැස් වෙයි
  8. ට්‍රම්ප් පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයක්
  9. සිනමාවේ තරගකරුවන් වූ රජිනි සහ කමල් අතර දේශපාලනයේත් තරගයක්
  10. කැලිෆෝනියා නායයාමෙන් මියගිය පිරිස දාහතක් දක්වා ඉහළට
  11. මැතිවරණයෙන් මාස තුනකට පසුවත් ජර්මනියට ආණ්ඩුවක් නැහැ
  12. ඔස්ට්‍රේලියාවේ පළමු වරට සමලිංගික විවාහ
  13. තායිලන්ත අගමැති වෙනුවට කාඩ්බෝඩ් අනුරුවක්
  14. ඇමෙරිකාවට දරුණුම ශීත සෘතුවක්
  15. චීන ඉන්ධන කාන්දුවෙන් පාරිසරික හානියක් ගැන බියක්
  16. ට්‍රම්ප් ගැන රහස් ඇතුළත් ‍පොතක් නිසා ඇමෙරිකාව කැලඹෙයි
  17. යුරෝපය හරහා දරුණු සුළිසුළඟක්
  18. උතුරු කොරියාව දකුණු කොරියාව සමග සාම මාවතට එළඹෙන ලකුණු
  19. උතුරු කොරියාවේ ඔලිම්පික් ගමනට දකුණු කොරියාවේ ප්‍රසාදය
  20. කාන්තා අතවරවලට විරෝධය පෑමට හොලිවුඩයේ එකමුතුවක්
  21. 2018 පළමු ට්විටර් පණිවුඩයෙන් ට්‍රම්ප්ගෙන් පාකිස්තානයට විරෝධය
  22. ගෙවී ගිය වසරේ ලොව කැලඹූ සිදුවීම්
  23. හිටපු පාපන්දු තරුවක් හා උප ජනපතිවරයෙක් ලයිබිරියා ජනපතිවරණ සටන් බිමේ
  24. ෆුජිමෝරිට සමාව දීමට එරෙහිව පෙරූ රාජ්‍යයේ විරෝධතා
  25. උතුරු මුහුදේදී රුසියානු යුද නැව්වල වලට බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීමක්

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.