Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධාන හමුදාවන් විසින් මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනින් වැය කරද්දීත් තාලිබාන් සංවිධානය මේ වන විට ඇෆ්ගනිස්ථානයේ සියයට හැත්තෑවක බලය පතුරුවාගෙන සිටින බව වාර්තා වෙයි. 2014දී විදෙස් හමුදාවන් පිටවීමෙන් පසු තාලිබාන් තර්ජනය හෝ පාලනය පැතිරී තිබෙන ආකාරය මාස කිහිපයක් රටපුරා කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
මෙම වාර්තාව ඇෆ්ගනිස්ථාන රජය විසින් ප්‍රතික්ෂේප කොට ඇති අතර රටේ වැඩි කොටස පාලනය කරන්නේ තමන් බව පවසා තිබේ. කෙසේ වුවද මෑතක සිදු වූ ප්‍රහාරවලින් තාලිබාන්වරු හා අයි.එස්.වරු සිය ගණනක් ජනතාව මරාදමා ඇති බව වාර්තා විය.
ඇෆ්ගනිස්ථාන රජය මෙන්ම ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද තාලිබාන් සමග කිසිදු ආකාරයේ සාකච්ඡාවකට නොයන බව පවසා ඇති අතර තම හමුදාව දිගටම එරට රැඳී සිටින බව පසුගිය වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
 
බි.බි.සී.

ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් හි පිහිටි හමුදා කඳවුරකට ත්‍රස්ත ප්‍රහාර යක් එල්ල වී තිබේ. මෙහිදී සෙබඵන් දෙදෙනෙක් මියගොස් ඇති අතර දසදෙනෙක් තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පවසයි. ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තයින් පස්දෙනාගෙන් තිදෙනෙක් මරාදමා තිබේ.පසුගිය මාස කිහිපය තුළසිදුවු දරුණුතම බෝම්බ පිපිරීම සනිටුහන් කරමින් හා සියදෙනෙකුට පමණ මරු කැඳවමින් කාබුල් නගරයේ ගිලන් රියක් උපයෝගීි කරගෙන සිදුකල මරා ගෙන මැරෙන ප්‍රහාරයෙන් දෙදිනකට පසු මෙය සිදුවිය.
පසුගිය දිනවල ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර තෝරාගත් ඉලක්ක වෙත අයි.එස්.හා ත‍ලේලිබාන් ප්‍රහාර නිතර එල්ලවන බව වාර්තාවිය.

සී.එන්.එන්.

ලෝකයේ ප්‍රසිද්ධ රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකුම වංචා දූෂණ චෝදනාවලට ලක්ව විවිධ අර්බුදවලට මුහුණ දෙන අන්දම පසුගිය දිනවල නිතර දැකගන්නට ලැබිණි. දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය පාර්ක් ගුන්-හේ එවැනි චෝදනා නිසා මේ වනවිට සිටින්නේ අත්අඩංගුවේය. සිම්බාබ්වේ හි හිටපු ජනාධිපති රොබට් මුගාබේ මෙයට මාස කිහිපයකට පෙර බලයෙන් පහ කෙරුණු අතර දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සූමාද වංචා දූෂණ සම්බන්ධ චෝදනා නිසා බලය අහිමි වීමේ අනතුරට මුහුණ දී සිටියි. බ්‍රසීලයේ හිටපු ජනාධිපතිනිය වූ ඩිල්මා රුසෙෆ් මෙන්ම තවත් හිටපු ජනාධිපතිවරයෙකු වන ලුලා ද සිල්වාද මෙවැනි චෝදනාවලට ලක් වූ තවත් රාජ්‍ය නායක දෙපළකි.
මේ අතරින් 2003 සිට 2011 දක්වා බ්‍රසීලයේ ජනාධිපති ලෙස කටයුතු කළ ලුලා ද සිල්වාට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මේ දිනවල නැවතත් විශාල අවධානයක් යොමු වීමට පටන්ගෙන තිබේ. වැඩි කල් නොගොස් සමහර විට ඔහුටද බන්ධනාගාරයක කල් ගෙවන්නට සිදුවිය හැකි තත්ත්වයක් උදා වී ඇති බව පෙනේ.
දැන් බොහෝ කලෙක සිටම බ්‍රසීලයේ දේශපාලන නායකයන්ට සහ නිලධාරීන්ට එරෙහිව වංචා දූෂණ සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වෙමින් ඇති බව රහසක් නොවේ. මෙම චෝදනා ප්‍රධාන වශයෙන්ම එල්ල  වූයේ එරට රජයේ සමාගම්වල කොන්ත්‍රාත් පිටස්තර පාර්ශ්වවලට පිරිනැමීමේදී විශාල වශයෙන් අල්ලස් ආදිය ලබා ගත්තාය යන්න සම්බන්ධයෙනි. මෙම ආන්දෝලනයට පසුබිම් වූ ප්‍රධානම රජයේ සමාගමක් වූයේ පෙටේ‍රාබ්‍රාස් නමැති තෙල් සමාගමයි. මෙම සමාගමේ කොන්ත්‍රාත් පිරිනැමීමේදී ඉදිකිරීම් සමාගම් ආදියෙන් විශාල වශයෙන් අල්ලස් සහ වරප්‍රසාද ආදිය ලබාගෙන ඇති බවට දේශපාලනඥයන්  සහ නිලධාරීන් විශාල පිරිසකට එරෙහිව චෝදනා එල්ල වන්නට පටන් ගත් අතර මේ පිළිබඳ විමර්ශන කිරීම සඳහා 'ඔපරේෂන් කා(ර්) වොෂ්' (නඥපචබඪධද ඛිචප ඹචඵඩ) නමින් හැඳින්වුණු දැවැන්ත මෙහෙයුමක්ද ක්‍රියාවට නගනු ලැබිණි. මෙම විමර්ශනවලදී සඳහන් වූ විශේෂ කාරණාවක් වූයේ පෙටේ‍රාබ්‍රාස් සමග ගනුදෙනු කළ ඇතැම් ඉදි කිරීම් සමාගම් සිය කොන්ත්‍රාත් සඳහා අධික මිල ගණන් ඉදිරිපත් කර ඇති බවයි. එසේ ලබා ගත් අමතර  ලාභයෙන් කොටසක් පෙටේ‍රාබ්‍රාස් සමාගමේ ඉහළ නිලධාරීන්ටද, දේශපාලනඥයන්ටද අල්ලස් ලෙස ගෙවා ඇති බවට චෝදනා එල්ල විය. ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනින් සිදුව ඇති බව කියන මෙම මහා වංචාවලට හිටපු ජනාධිපති ලුලා ද සිල්වා ද සම්බන්ධ බවට චෝදනා මතු විය. ඔහුට එරෙහිව එල්ල වූ, වඩාත්ම අවධානයට ලක් වූ චෝදනාවක් වූයේ ඔහුට අයත්  නිවසක් සුඛෝපභෝගී ආකාරයෙන් වැඩි දියුණු කිරීම සඳහා එක්තරා ඉදිකිරීම් සමාගමකින් මේ ආකාරයෙන් අල්ලස් ලබාගෙන ඇතැයි යන්නයි. එමෙන්ම වෙනත් විවිධ හේතු මත මෙවැනි සමාගම් විසින් ලූලා ද සිල්වාට ගෙවා ඇති මුදල් සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කෙරිණි. ඔහු අයත් වන දේශපාලන පක්ෂය වන කම්කරු පක්ෂයේ කටයුතු වෙනුවෙන්ද මෙම අල්ලස් මුදල් විශාල වශයෙන් යොදාගෙන ඇතැයි යන්න මෙම විමර්ශනවලදී නැගුණු තවත් චෝදනාවකි.
කෙසේ හෝ වේවා, ලුලා ද සිල්වාට එරෙහිව නැගුණු ඉහත කී සුඛෝපභෝගී නිවස හා සම්බන්ධ චෝදනා මත මුල්වරට නඩු පැවැරුණේ 2016 වසරේ සැප්තැම්බර් මාසයේය. ඒ වනවිට ජනාධිපති ධුරය දරමින් සිටියේ ඔහුගේ ප්‍රතිවාදියෙකු වන මිචෙල් ටෙමර්ය.  මාස කිහිපයක් තිස්සේ පැවැති නඩු විභාගයෙන් පසු 2017 වසරේ මැයි මාසයේ ලුලා එම චෝදනාවලට වැරදිකරු ලෙස තීන්දු කරන ලද අතර වසර නවයකුත් මාස හයක සිර දඬුවමක් නියම කෙරිණි. නමුත් එම අවස්ථාවෙහි ඔහුට බන්ධනාගාර ගතවීමට සිදු නොවුණේ මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම හේතුවෙනි. මෙම අභියාචනයෙන් පසු කුමක් සිදුවේද යන්න සම්බන්ධයෙන් පසුගිය කාලයේ බ්‍රසීලය තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පැවැතියේ විශාල කුතුහලයකි. පසුගිය සතියේ නැවතත් ලුලා ද සිල්වා සම්බන්ධයෙන් ලොව පුරා  මහත් අවධානයක් යොමු වන්නට පටන් ගත්තේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද මෙම අභියාචනයට අදාළ තීන්දුවද ප්‍රකාශයට පත් වීම නිසාය.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනයේ බ්‍රසීලය පුරා පැවැතියේ මහත් උණුසුම් තත්ත්වයකි. හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් මෙන්ම ඔහුගේ විරුද්ධවාදීන්ද රැස්ව පෙළපාළි යමින් මහත් උද්වේගකර ආකාරයෙන් සිය අදහස් ඉදිරිපත් කරනු දැකිය හැකි විය. මොන චෝදනා ඉදිරිපත් වුවත් ලුලා ද සිල්වා  යනු බ්‍රසීලයේ ජනතාව අතර, විශේෂයෙන් පීඩිත සමාජ කොටස් අතර බෙහෙවින් ජනප්‍රිය චරිතයක් බවද කිසිසේත් අමතක කළ හැකි නොවේ. ඔහු බලයේ සිටියදී මෙම ජන කොටස් ඉලක්ක කරමින් දියත් කරන ලද දැවැන්ත සමාජ සුබ සාධන වැඩසටහන් එයට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැකිය.
කෙසේ නමුත් පසුගිය 24 වෙනි දින එරට අභියාචනාධිකරණය ද තීන්දුව ලබා දුන්නේ හිටපු ජනාධිපතිවරයාට හෝ ඔහුගේ ආධාරකරුවන්ට හෝ සතුට දනවන ආකාරයෙන් නොවේ. එම විනිසුරුවරුන්ද කලින් දී තිබූ තීන්දුවම තහවුරු කරමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර එයට අමතරව මුල් තීන්දුවේදී ලබා දුන් වසර නවයකුත් මාස හයක සිර දඬුවම තවත් දීර්ඝ කරමින් වසර 12 කුත් මාසයක සිර දඬුවමක් නියම කිරීමටද පියවර ගෙන තිබිණි. මෙම තීන්දුවත් සමගම ලුලා ද සිල්වා මුහුණ දී සිටින අර්බුදය වඩාත් දරුණු මට්ටමකට ළඟා වී ඇති බව පෙනේ. එමෙන්ම ඔහුගේ දේශපාලන අනාගතයද තීරණාත්මක අභියෝගයකට මුහුණ දී ඇති අයුරු දැකිය හැකි වෙයි. බ්‍රසීලයේ මීළඟ ජනාධිපතිවරණය ලබන ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිතව ඇති අතර ලුලා ද  නැවත වරක් එම තරගයට ඉදිරිපත් වීමට සූදානමින් සිටියේය. මේ වනවිට පවත්වා ඇති ජනමත සමීක්ෂණවලට අනුව මෙවර ජනාධිපතිවරණයෙන්ද ඔහු විශාල ජයක් හිමි කරගනු ඇතැයි අනාවැකි පළවී තිබිණි. නමුත් අභියාචනාධිකරණ තීන්දුව නිසා දැන් ඇතිව තිබෙන්නේ ව්‍යාකූල තත්ත්වයකි. මන්ද යත් අභියාචනාධිකරණයෙන්  වැරදිකරුවෙකු වන අයෙකුට බ්‍රසීලයේ ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් විය නොහැකි බව සඳහන් වන හෙයිනි.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා ඔක්තෝබරයේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමේ අදහස ඔහුගේ කම්කරු
පක්ෂය  තවමත් අත්හැර නොමැති අතර මීළඟට ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතනු ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අතර ලුලා ද සිල්වාගේ නීතිඥයන් පවසා ඇත්තේ එම තීන්දුවද ලැබෙන තුරු ඔහුට ජනාධිපති තරගයට ඉදිරිපත් වීමට ඇති අවස්ථාව අහිමි නොවන බවයි. නමුත්, යම් විදියකින් ශේ්‍රෂ්ඨාධිකරණයේ තීන්දුවෙන්ද මෙම තත්ත්වය වෙනස් නොවුණහොත් ඔහුට ජනාධිපති සිහිනය අත්හැරීමට පමණක් නොව වසර ගණනක සිර දඬුවමකට යටත් වීමටද සිදුවනු ඇත.
හිටපු ජනාධිපතිවරයා තමාට එරෙහිව එල්ල වන ඉහත චෝදනා දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කරමින් සිටින අතර ඔහු පෙන්වා දීමට හදන්නේ මෙය ඔහුගේ දේශපාලන සතුරන් දියත් කර ඇති ප්‍රහාරයක් බවයි.
බ්‍රසීල ජනතාවගෙන් විශාල පිරිසක්ද මෙම අදහස සමග එකඟ වන ආකාරයක් පෙනී යන බැවින් යම් හෙයකින් ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වුවහොත් රට තුළ විශාල කලබලයක් ඇති වනු ඇතැයි බොහෝ දුරට අපේක්ෂා කළ හැකි වෙයි.

නිහාල් පීරිස්

ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් හි පිහිටි 'සේව් ද චිල්ඩ්රන්' ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයේ කාර්යාලයට අයිසිස් සංවිධානය එල්ල කළ ප්‍රහාරය පසුගිය බදාදා (24දා) ලෝක ජනමාධ්‍ය තුළ ප්‍රධාන පුවතක් බවට පත් විය. එරට වේලාවෙන් පෙරවරු 9ට පමණ මෙම ප්‍රහාරය ආරම්භ වූයේ මෙම කාර්යාලය ඉදිරිපිට  කාර් බෝම්බයක් පුපුරා යාමත් සමගිනි. එය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව සඳහන් විය. ඒ සමගම ඒ අවට ප්‍රදේශය එකම ගිනිජාලාවක් බවට පත් වූ අතර ප්‍රහාරකයින් රොකට් වෙඩි ප්‍රහාර එල්ල කරමින්, ගේට්ටු විවර කරගෙන කාර්යාල ගොඩනැගිල්ලට ඇතුල්ව තිබෙන බව වාර්තා විය. එම අවස්ථාව වනවිට මෙම කාර්යාලයේ සේවකයින් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ගොඩනැගිල්ල තුළ සිටි බවද පැවැසේ.
ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ වහා එහි පැමිණ ප්‍රහාරකයින්ට එරෙහිව ප්‍රතිප්‍රහාර ආරම්භ කළ අතර පැය ගණනක් තිස්සේ මෙම සටන ඇදී යන ආකාරය දැකිය හැකි විය. තත්ත්වය පාලනය කළ බව ඇෆ්ගනිස්ථාන රජයේ පාර්ශ්වයෙන් නිල වශයෙන් නිවේදනය කෙරුණේ එරට වේලාවෙන් රාත්‍රි 7 ට පමණය. ඒ වනවිට පැය දහයකට ආසන්න කාලයක් ආරක්ෂක අංශ සහ ප්‍රහාරකයින් අතර සටන පැවතී තිබිණි.
කාර්යාලය තුළ සිටි සේවකයින්ගේ තත්ත්වය සම්බන්ධයෙන්ද බොහෝ වේලාවක් යනතුරු නිශ්චිතව තොරතුරක් දැනගන්නට නොවීය.  පසුව දැනගන්නට ලැබුණේ ඔවුන් වැඩි දෙනෙකු ගොඩනැගිල්‍ලේ ආරක්ෂා සහිත කොටසක සැඟවී සිටින බවයි. 46 දෙනෙකු පමණ එහි සිටින බව අනාවරණය විය. කෙසේ හෝ වේවා, ගොඩනැගිල්‍ලේ පිටුපස දොරටුවකින් මෙම සේවකයින් මුදා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබිණි. නමුත් සේවකයින් තිදෙනෙකු ප්‍රහාරය අතර මරණයට පත්ව ඇති බවද නිවේදනය කෙරිණි. එයට අමතරව එක් හමුදා සෙබළෙකුද මරණයට පත්ව ඇති බව සඳහන් වෙයි.
මෙම ප්‍රහාරය සඳහා සටන්කාමීන් පස් දෙනෙකු සහභාගි වී ඇතැයි විශ්වාස කෙරේ. ඒ සියලුදෙනා මරණයට පත්ව ඇති බව රජයේ ප්‍රකාශකයෙකු පවසා තිබේ. මේ අතර විසි දෙනෙකුට අධික පිරිසක් කාර් බෝම්බය නිසා තුවාල ලබා ඇති බව ද අනාවරණය විය. ගොඩනැගිල්ල තුළ 'සේව් ද චිල්ඩ්රන්' කාර්යාලයට අමතරව තවත් ස්වීඩන ආධාර ආයතනයක කාර්යාලයක්ද පැවති බව සඳහන් වූ අතර තම ඉලක්කය බ්‍රිතාන්‍ය සහ ස්වීඩන් ජාතිකයින් බව අයිසිස් සංවිධානය පවසා තිබිණි. ('සේව් ද චිල්ඩ්රන්' යනු බ්‍රිතාන්‍ය රාජ්‍ය නොවන සංවිධානයකි.) කාර්යාල ගොඩනැගිල්ල  තුළ කොටු වී සිටි සිය ඥාතීන් පිළිබඳ විමසමින් බොහෝ දෙනෙකු ඒ අසල රැස්ව සිටි බවද මාධ්‍ය වාර්තා කළේය. සිද්ධියත් සමගම ඇෆ්ගනිස්ථානය පුරා ක්‍රියාත්මක 'සේව් ද චිල්ඩ්රන්' වැඩසටහන් වහා අත්හිටුවන ලද අතර සියලු කාර්යාල වසා දැමීමටද පියවර ගන්නා ලදී.
ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රියාත්මක වඩාත් ප්‍රබලම සටන්කාමී සංවිධාන දෙක වන්නේ අයිසිස් සංවිධානය සහ තලිබාන් සංවිධානයයි. මෙම කණ්ඩායම් අතරද ගැටුම් පවතින අතර තමුන් මෙම ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැති බව තලිබාන් සංවිධානය නිවේදනය කර තිබිණි. කෙසේ නමුත් විදේශිකයින් මෙන්ම විදේශීය ආයතනද ඇෆ්ගනිස්ථානය තුළ නිතර ප්‍රහාරයට ලක් වන බව රහසක් නොවේ. පසුගිය සෙනසුරාදා (20 දා) එරට අගනුවර වන කාබුල්හි පිහිටි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයට එල්ල වූ ප්‍රහාරයද ඊට එක් නිදසුනකි. එහිදී විසි දෙදෙනෙකු මරණයට පත් වූ බව වාර්තා වූ අතර ඒ අතරින් වැඩි දෙනා විදේශිකයින් ය. 'විදේශිකයින් කොහිදැයි' විමසමින් ප්‍රහාරකයින් හෝටලය තුළ දිව ගිය බව සිද්ධිය ඇසින් දුටුවන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රහාරයේ වගකීම භාරගත්තේ තලිබාන් සංවිධානයයි.
රතු කුරුස හමුදාවට සම්බන්ධ සාමාජිකයින්ද, ස්වීඩන රාජ්‍ය නොවන සංවිධානයකට අයත් සාමාජිකයින්ද පසුගිය වසර තුළ නිතර ප්‍රහාරකයින්ගේ ඉලක්ක බවට පත් වනු දැකිය හැකි විය. මේ නිසා මෙම විදේශීය සංවිධාන ඇෆ්ගනිස්ථානය තුළ සේවය කරන සිය සාමාජිකයින් සංඛ්‍යා විශාල වශයෙන් අඩු කර තිබේ.
'සේව් ද චිල්ඩ්රන්' සංවිධානය 1976 වසරේ සිට ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රියාත්මක වන අතර එහි පළාත් 16ක් පුරා සිය සමාජ සේවා කටයුතු පවත්වාගෙන යන බව සඳහන් ය.

කිත්සිරි මල්වත්ත

ඇමෙරිකාවත්, අනෙක් පැත්තෙන් චීනය සහ දකුණු කොරියාවත් අතර අලුත් වෙළෙඳ යුද්ධයක් ආරම්භ වීමට යන්නේ දැයි  මේ දිනවල ලොකු කතාබහක් ඇති වෙමින් තිබේ. එයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 23 වෙනි දින ගන්නා ලද තීරණයකි.
චීනයෙන් ඇමෙරිකාවට ආනයනය කරන ප්‍රධාන නිෂ්පාදනයක් වන සූර්ය කෝෂ (solar cells) වෙනුවෙන් අය කරන තීරු බදු සියයට 30 ක අගයකින් ඉහළ දැමීමට ඇමෙරිකාව පියවර ගෙන ඇති අතර චීනය එය දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කරන්නට පටන්ගෙන තිබේ. මේ අතර ඇමෙරිකාවට ආනයනය කරන රෙදි සෝදන යන්ත්‍ර සම්බන්ධයෙන්ද සියයට 20 සිට 50 දක්වා තීරු බද්දක් අය කිරීමට ඇමෙරිකාව තීරණය කර ඇත. ඇමෙරිකාවට වැඩිපුරම මෙම යන්ත්‍ර ගෙන්වන්නේ දකුණු කොරියාවෙනි.  ඉහත තීරණය නිසා දකුණු කොරියාවටද ලොකු පහරක් වදිනු ඇතැයි බලා‍පොරොත්තු විය හැකි අතර ඔවුන් මේ නිසා කිසියම් තිගැස්මකට පත්ව සිටින අන්දම දැකිය හැකි වෙයි. මෙය ඇමෙරිකාවත්, චීනය සහ දකුණු කොරියාවත් අතර අලුත් වෙළෙඳ යුද්ධයක ආරම්භය සනිටුහන් කරන අවස්ථාවක් විය හැකි බවට ඇතැම් නිරීක්ෂකයෝ මේ වනවිට අදහස් පළකිරීමට පටන්ගෙන සිටිති.
ට්‍රම්ප්ගේ මෙම තීරණ ඔහු සිය ජනාධිපතිවරණ සටන කාලයේ දුන් ‍පොරොන්දු හා සමාන්තරව යන ඒවා බව අමතක කළ හැකි නොවේ. එකල සිටම  ට්‍රම්ප්ගේ ප්‍රධානම සටන් පාඨයක් වූයේ 'පළමුව ඇමෙරිකාව' (America First) යන්නය. එයින් ඔහු අදහස් කළේ තමා අන් සියල්ලටම වඩා ඇමෙරිකාවේ සහ ඇමෙරිකානු වැසියන්ගේ වුවමනාවන්ට ප්‍රමුඛත්වය දෙන බවයි. ඇමෙරිකාවට පිටරටින්, විශේෂයෙන් චීනය වැනි ආසියානු රටවලින් ගෙන්වන මිල අඩු භාණ්ඩවලට ඇමෙරිකානු  පාරිභෝගිකයන් පුරුදු වීම නිසා  එම භාණ්ඩ නිපදවන ඇමෙරිකානු  කර්මාන්තවලට දැඩි පහරක් වැදුණු බව රහසක් නොවේ. මේ නිසා කර්මාන්ත ශාලා වැසී යාමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පැවැති අතර කම්කරුවන්ට රැකියා අහිමි වීම විශාල ගැටලුවක් බවට පත්ව තිබිණි. 'පළමුව ඇමෙරිකාව' යන ප්‍රතිපත්තිය යටතේ ට්‍රම්ප් මෙම ගැටලු විසඳීමටත්, ඇමෙරිකානු කර්මාන්ත  නැවත නගා සිටුවීමටත් ‍පොරොන්දු වූ අතර ඔහුට වැඩි වශයෙන් ඡන්දය දුන්නේද මෙවැනි ගැටලු නිසා පීඩාවට පත්ව සිටි ජනතාවය. චීන සහ දකුණු කොරියානු භාණ්ඩවලට අය කරන තීරු බදු වැඩි කර එම භාණ්ඩවල මිල ගණන් ඉහළ යන්නට සැලැස්වීම ඒවාට ඇති ඉල්ලුම අධෛර්යමත් කරන්නකි. මේ හරහා ඇමෙරිකානු භාණ්ඩ සඳහා  ඇති ඉල්ලුම වර්ධනය කිරීමත්, ඒවා වඩාත් තරගකාරී තත්ත්වයකට පත්කිරීමත්, එතුළින් ඊට අදාළ කර්මාන්තවලට ශක්තියක් ලබා දීමත් ට්‍රම්ප්ගේ අරමුණ වෙයි. තමා මෙම පියවර ගත්තේ චීනය හෝ දකුණු කොරියාව සමග ඇති ප්‍රශ්නයක් නිසා නොවන බවත්, කාලයක් තිස්සේ අඩපණව ඇති ඇමෙරිකානු කර්මාන්ත නැවත නගා සිටුවීමේ සහ ඒ ඔස්සේ රැකියා උත්පාදනය කිරීමේ අරමුණ මත බවත් ජනාධිපතිවරයා පවසා තිබිණි.
කෙසේ හෝ වේවා මේ පියවර තුළින් මතු විය හැකි අනිසි විපාක පිළිබඳවද අදහස් ඉදිරිපත් වනු දැකිය හැකි වෙයි. විශේෂයෙන් පිටරටින් ආනයනය කරන, මිලෙන් අඩු සූර්ය කෝෂ යොදාගනිමින් සූර්ය බලශක්තිය සැපයීමේ කර්මාන්තද ඇමෙරිකාව තුළ වෙයි. ඉදිරියේදී මෙම ආනයනික සූර්ය කෝෂවල මිල ඉහළ යාම හේතුවෙන් මෙවැනි කර්මාන්තවලට පහර වදිනු ඇති බවද, ඒ නිසා එම ක්‍ෂේත්‍රයේ රැකියාවල නියුතු දස දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ අනතුරක් ඇති විය හැකි බවද පෙන්වා දෙනු ලැබේ. එමෙන්ම පිටරටින් ගෙන්වන රෙදි සෝදන යන්ත්‍ර මත පනවන බද්ධ නිසා ඒවායේ මිල ඉහළ යාමෙන් සාමාන්‍ය පාරිභෝගිකයන්ට අඩු මිළට එවැනි යන්ත්‍ර මිලදී ගැනීමට තිබූ අවස්ථාවද අහිමි වනු ඇති බවට චෝදනා නැගෙයි.
මේ අතර තවත් සමහර නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ ඇමෙරිකාව තුළ ට්‍රම්ප් බලා‍පොරොත්තු වන තරම් රැකියා ඇති කිරීමට මෙම පියවර සමත් වේවිද යන්න සැක සහිත බවයි. එයට එක් හේතුවක් ලෙස ඔවුන් පවසන්නේ මේ කාලයේ බොහෝ කර්මාන්ත මිනිස් ශ්‍රමිකයන් වෙනුවට රොබෝ තාක්ෂණය යොදා ගැනීමට පෙළඹීමයි. මේ නිසා ඇමෙරිකානු කර්මාන්ත ඇති වුවත් රැකියා ප්‍රශ්නය විශාල වශයෙන් විසඳෙනු ඇත්ද යන්න සැක සහිත බවට අදහස් ඉදිරිපත් වෙයි. මෙබඳු තත්ත්වයන් තුළ මෙවැනි තීරණවල වාසි සහ අවාසි ගැන වඩාත් ප්‍රායෝගිකව කල්පනා කළ යුතු බව මෙම විශේෂඥයන්ගේ අදහස වී තිබේ.
මේ අතර ට්‍රම්ප්ගේ මෙම තීරණය සහ උතුරු කොරියානු ප්‍රශ්නය අතර කිසියම් සම්බන්ධයක් ඇත්ද යන්න ගැනද සාකච්ඡාවට භාජනය වෙමින් තිබේ. ඇමෙරිකාව මේ වනවිට පසුවන්නේ උතුරු කොරියාව සමග ලොකු ගැටුමකට මැදි වී බව කවුරුත් දන්නා කාරණයකි. උතුරු කොරියාව ක්‍රියාවට නගමින් සිටින න්‍යෂ්ටික මිසයිල වැඩපිළිවෙළ නතර කරගැනීමට ඇමෙරිකාවට විශාල අවශ්‍යතාවක් ඇති අතර ඒ වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගනිමින් සිටියි. උතුරු කොරියාවට එරෙහිව විවිධ සම්බාධක පැනවීමට පෙරමුණ ගනිමින් සිටීමද එක් නිදසුනකි. මෙම සම්බාධක ආදිය සාර්ථක කර ගැනීමට නම් චීනයේ සහය ඇමෙරිකාවට විශාල වශයෙන් වුවමනා වෙයි. දැන් කාලයක සිටම ඇමෙරිකාව මෙවැනි සම්බාධක ඉදිරියට ගෙනෙමින් ඇති නමුත් ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණාද යන්න ගැන පවතින්නේ විශාල සැකයකි. උතුරු කොරියාවට, කවදත් ඔවුන්ගේ මිතුරෙකු වූ චීනයේ සහය ලැබිම මෙම  සම්භාධක අසාර්ථක වීමට එක් හේතුවක් වූ බවටද විශ්වාස කෙරිණි. මෙම පසුබිම තුළ ඇමෙරිකාව මෙම කාරණයේදී චීනයේ සහය තමාගේ පැත්තට දිනාගැනීම සඳහා වෙළෙඳ උපායන් භාවිතා කරනු ඇත්ද යන්න සම්බන්ධයෙන් දැන් ටික කලෙක සිටම අදහස් පළවෙමින් තිබේ. ට්‍රම්ප් චීන භාණ්ඩ මත තීරු බදු වැඩි කිරීමෙන්ද බලා‍පොරොත්තු වන්නේ චීනයට කිසියම් වක්‍ර බලපෑමක් කරමින් ඉහත කී සහයෝගය තමුන් වෙත දිනාගැනීමට විය හැකිද යන කාරණයද මේ දිනවල සාකච්ඡාවට බඳුන් වෙයි.
ඇමෙරිකාවේ දිගු කාලීන ආසියානු මිතුරෙකු වන දකුණු කොරියාවද සාමාන්‍යයෙන් උතුරු කොරියාවේ සතුරු පාර්ශ්වයක් ලෙස සැලකුණත් මේ වනවිට ඔවුන්ද සිටින්නේ උතුරු කොරියාව සමග සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වෙමිනි. උතුරු-දකුණු කොරියා අතර මෙම සාකච්ඡා වැඩපිළිවෙළ නිසා දකුණු කොරියාව සහ ඇමෙරිකාව අතර කාලයක් තිස්සේ පැවැති මිත්‍රත්වය ඈත් වනු ඇත්ද යන්න සම්බන්ධයෙන්ද පසුගිය දිනවල විවිධ අදහස් මතුවෙමින් තිබෙනු දැකිය හැකි විය. මෙම කාරණාද මේ වෙලාවේ ඇමෙරිකාවේ දැඩි අවධානයට ලක්වන ඒවා විය හැකිය යන්න බැහැර කළ නොහැක. ඇමෙරිකාව දකුණු කොරියානු භාණ්ඩ මතද තීරු බදු පනවන්නේ දකුණු කොරියාවට කරන යම් අනතුරු ඇඟවීමක් හැටියටද යන්න කිව හැකි නොවේ. කෙසේ හෝ වේවා ඇමෙරිකාවේ මෙම තීරණයට එරෙහිව දකුණු කොරියාව ලෝක වෙළෙඳ සංවිධානය (World Trade Organization) වෙත පැමිණිලි කිරීමට බලා‍පොරොත්තු වන බවද පසුගිය දිනවල ප්‍රකාශ කර තිබිණි. ඉදිරියේදී ඇමෙරිකාව මීටත් වඩා තීරණාත්මක භාණ්ඩ සම්බන්ධයෙන්ද මේ ආකාරයෙන් බදු පැනවීමට පියවර ගනු ඇති බවට අදහස් පළවෙමින් ඇති අතර මේ වනවිට බොහෝ දෙනා අවධානයෙන් සිටින්නේ මෙම තත්ත්වය වඩාත් දරුණු වෙළෙඳ යුද්ධයක් දක්වා වර්ධනය වනු ඇත්ද යන්න පිළිබඳවය.


නිහාල් පීරිස්

අප්‍රේල් මාසය අවසන් වන්නට පෙර ජනපතිවරණය පැවැත්වීමට වෙනිසුවෙලාව සූදානම් වෙයි. තව වසර හයකට බලය ලබාගැනීමට තමා සූදානම් බව ජනපති නිකොලස් මදුරෝ දහස් ගණනින් තම ආධාරකරුවන් සහභාගි වූ රැස්වීමකදී පවසා ඇත. මෙය නිවැරදි තීරණයක් බවත්, අධිරාජ්‍යවාදය හා දක්ෂිණාංශික පක්ෂ විසින් රටේ ආර්ථිකය පහළ දමන්නට සූදානම් වන බවත් ජනපතිවරයා වැඩිදුරටත් කියා තිබේ.

එරට විපක්ෂය මේ වනවිට දුර්වලවී හා බෙදී සිටින අතර ජනපතිවරයාට දැඩි තර්ජනයක් වියහැකි පිරිස මේ වනවිට රටින් පැනගොස් හෝ සිර අඩස්සියේ සිටින බව කියැවේ. කෙසේවුවද හිටපු ජනපති අපේක්ෂකයෙකු වූ හෙන්රික් කැප්රිලස් කියා ඇත්තේ මේ වනවිට රජය දැඩි ලෙස අප්‍රසාදයට පත්ව ඇති බැවින් ජනපතිවරයා පරාජය විය හැකි බවය.

සී.එන්.එන්.

IMAGE

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 14

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2317

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3298

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3552

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1437

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3422

Please publish modules in offcanvas position.