Coss Ear2
lakbima.lk
COSS Ear 1

මාලදිවයිනේ උත්සන්න වෙමින් ඇති දේශපාලන අර්බුදය පිළිබඳව අපි ඊයේ (6 දා) ද 'දියත විවරණ' තුළින් සාකච්ඡා කළෙමු. දැන් මෙම අර්බුදය වඩාත් උණුසුම් තත්ත්වයකට පත්වෙමින් ඇති අතර ජනාධිපති අබ්දුල්ලා යාමීන්  රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටත්, තමාට තර්ජනයක්ව ඇති පාර්ශ්ව අත්අඩංගුවට ගැනීමටත් පියවර ගෙන තිබේ. මේ අනුව තිස් වසරක් තිස්සේ එරට පාලනය කළ ප්‍රකට ජනාධිපතිවරයෙකු වූ මයුමූන් අබ්දුල් ගයුම් ද, එරට අගවිනිසුරුවරයා වන අබ්දුල්ලා සයීඩ් ද අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳුදා (05 දා) වාර්තා කළේය. නමුත් ඔවුන් අත්අංගුවට ගැනීමට හේතු වශයෙන් සඳහන් කර ඇත්තේ මොනවාද යන්න මෙම සටහන ලියන අවස්ථාව වනවිට අනාවරණය වී තිබුණේ නැත.
අප ඊයේ ලිපියෙහි ද සඳහන් කළ පරිදි මාලදිවයිනේ මෙම දේශපාලන අර්බුදය වර්ධනය වූයේ එරට ජනාධිපති අබ්දුල්ලා යාමීන් සහ හිටපු ජනාධිපති මොහමද් නෂීඩ් අතර පවතින බල අරගලයෙහි ප්‍රතිඵලයක් වශයෙනි. 1978 සිට 2008 දක්වා මාලදිවයිනේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මයුමූන් ගයුම් ගෙන් පසු, 2008 පැවැති ජනාධිපතිවරණයෙන් එම පදවියට පත් වූයේ නෂීඩ්ය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් එරට ජනාධිපති ධුරයට පත් ප්‍රථමයා ද විය. නමුත් ගයුම්ගේ බලපෑම මාලදිවයින් දේශපාලනය තුළ දිගින් දිගටම දැකිය හැකි විය. නෂීඩ් ජනාධිපති ධුරයට පත් වුවද ඔහුට එරෙහිව විශාල තෙරපුමක් ක්‍රියාත්මක වූ බව පැවැසුණු අතර 2012 දී ඔහු ජනාධිපති ධුරයෙන් හදිසියේම ඉල්ලා අස් වූයේය. ඔහුට එරෙහිව කුමන්ත්‍රණයක් ආකාරයේ ක්‍රියාදායමක් ක්‍රියාත්මක වූ බවටද එකල අදහස් ඉදිරිපත් විය. කෙසේ හෝ වේවා 2013 වසරේ පැවැති ඊළඟ ජනාධිපතිවරණයෙන් ජයගත්තේ මයුමූන් ගයුම්ගේ සහෝදරයෙකු වූ (වත්මන් ජනාධිපති) අබ්දුල්ලා යාමීන්ය. 
නෂීඩ් ජනාධිපති ලෙස සිටියදී විනිසුරුවරයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මත ඔහුට එරෙහිව නඩු පැවැරුණු අතර පසුව  සිර දඬුවම් ද නියම කෙරිණි. නෂීඩ්ගේ පාර්ශ්වයෙන් කියැවුණේ මෙය හුදෙක් දේශපාලන පළිගැනීමක් පමණක් බවයි. කෙසේ වෙතත් 2016 වසරේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා බ්‍රිතාන්‍යය බලා යාමට නෂීඩ්ට අවසර ලැබුණි. ඒ අතර ඔහුට එරට දේශපාලන රැකවරණ ලැබුණු බව ද සඳහන් විය.
මාලදිවයින තුළ මේ වනවිට දිගහැරෙමින් ඇති වත්මන් සිදුවීම් මාලාවට මගපෑදුණේ මොහමද් නෂීඩ්ට එරෙහිව දී තිබූ සිර දඬුවම අවලංගු කරමින්  ඔහු නිදහස් කිරීම සඳහා පසුගිය සතියේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීමත් සමගිනි. එමෙන්ම විපක්ෂයේ තවත් නායකයින් 8 දෙනෙකුද ඒ ආකාරයෙන්ම නිදහස් කිරීමට නියම කෙරිණි. එයට හේතු ලෙස දැක්වුණේ ඔවුන් සම්බන්ධ නඩු විභාගයන්හි පැවැති විවිධ ගැටලුය. මේ අතර ආණ්ඩු පක්ෂයේ සිට විරුද්ධ පක්ෂයට යාම නිසා සිය මන්ත්‍රී ධුර අහිමි කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු නැවත මන්ත්‍රී ධුරයන්හි පිහිටුවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. මේ නිසා දැන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂය බහුතර බලයක් හිමි කරගන්නා අතර එය ජනාධිපතිවරයාට විශාල තර්ජනයක් එල්ල කරන්නක් වීම වැළැකිය නොහැක. මේ නිසා පාර්ලිමේන්තුව කැඳවීමද කල්දමා ඇති බව පසුගිය දිනවල අනාවරණය විය. 
ජනාධිපති යාමීන්ගේ රජයට එල්ල වෙමින් තිබූ මෙම දැවැන්ත අභියෝගය හමුවේ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක නොකරනු ඇතැයි විවිධ අංශ වෙතින් සැක පළවීමට පටන් ගත්තේය. තමා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට බලා‍පොරොත්තු වන බව පැවැසූ ඉහළ පෙළේ ‍පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තනතුරුවලින් ඉවත් කිරීම ඒ පිළිබඳ පෙරනිමිත්තක් ලෙස සැලකිණි. යම් හෙයකින් යාමීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට හිස නොනැමුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීමට සහ ජනාධිපති පදවියට නුසුදුස්සෙකු කිරීමට ඉඩ ඇති බවට මේ අතර අදහස් පළවෙන්නට පටන් ගත්තේය. රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටත්, අගවිනිසුරුවරයා සහ හිටපු ජනාධිපති මයුමූන්  ගයුම් අත්අඩංගුවට ගැනීමටත් යාමීන් රජය පියවර ගත්තේ මෙවැනි සිදුවීම් දාමයක් ඉදිරියට යමින් තිබියදීය. මයුමූන් ගයුම් පසුකාලයේ යාමීන්ට විරුද්ධ කණ්ඩායම් සමග එක් වීම ඔහු සම්බන්ධයෙන් මෙවැනි පියවරක් ගැනීමට හේතු වී ඇති බව පෙනේ. 
කෙසේ හෝ වේවා මෙම අලුත් මර්දනකාරී තත්ත්වයත් සමග ජනාධිපති යාමීන් වෙත  රට තුළින්  මෙන්ම ජාත්‍යන්තරයෙන් ද එල්ල වන පීඩනය ඉහළ යමින් ඇති ආකාරය දැකිය හැකි වෙයි. විශේෂයෙන් ඉන්දියාව, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය වැනි පාර්ශ්ව දැනටමත් මෙම තත්ත්වය පිළිබඳ සිය ප්‍රතිචාර දක්වා දැකි ආකාරය දැකගන්නට ලැබිණි. හදිසි තත්ත්වය ඉවත් කිරීමට පියවර ගන්නැයි බ්‍රිතාන්‍ය විදේශ ‍ලේකම් බොරිස් ජොන්සන් ජනාධිපති යාමීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඇමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහන් කර තිබුණේ මාලදිවයිනේ ඇති වෙමින් පවතින තත්ත්වය ගැන ලෝකය අවධානයෙන් පසුවන බවයි. මේ අතර හිටපු ජනාධිපති මොහමද් නෂීඩ් නිදහස්  කිරීම සඳහා ශේ්‍රෂ්ඨාධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සඳහන් කරමින් පසුගිය දා ඉන්දියාවද ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. මාලදිවයින තුළ දිගහැරෙමින් ඇති මෙම උණුසුම් තත්ත්වය තේරුම් ගැනීමේදී රට තුළ දේශපාලන බලවේග අතර පවතින අරගල මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවතින තත්ත්වයන්ද සැලකිල්ලට ගැනීම වැදගත් වෙයි. ජනාධිපති යාමීන්ගේ කාලය තුළ මාලදිවයින බොහෝ දුරට චීනය සමග සබඳතා වර්ධනය කර ගැනීමද කැපී පෙනුණු කාරණයක් විය. මාලදිවයිනේ සංවර්ධන කටයුතු වෙනුවෙන් චීනය මේ වනවිට විශාල වශයෙන් ආධාර කරමින් සිටියි. ඉන්දියානු සාගර කලාපයේ බලය වෙනුවෙන් ඉන්දියාව, චීනය, ඇමෙරිකාව වැනි පාර්ශ්ව අතර ඇති බල අරගලද මෙහිදී නොසලකා සිටිනු හැකි නොවේ. කෙසේ හෝ වේවා මේ වනවිට  බොහෝදෙනා මහත් උනන්දුවෙන් සහ කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ මාලදිවයින තුළ දිගහැරෙමින් ඇති මෙම අර්බුදය ඉදිරියේ දී කවර දිශාවන් ඔස්සේ ගමන් කරනු ඇත්ද යන්න පිළිබඳවය. 
 
නිහාල් පීරිස්

අපගේ අසල්වැසි මාලදිවයිනේ ද මේ වනවිට දේශපාලන අර්බුදයක් වර්ධනය වෙමින් ඇති අන්දම දැකිය හැකි වෙයි. මාලදිවයින පාලනය කළ ඉතා ප්‍රකට ජනාධිපතිවරයෙකු වන මයුමුන් අබ්දුල් ගයුම් ගේ සොහොයුරෙකු වන අබ්දුල්ලා යාමීන් මේ වනවිට එහි ජනාධිපතිවරයා වන අතර ඔහුට බලය අහිමි වීමේ තර්ජනයක් මතුව තිබිම මෙම අර්බුදයේ ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ. මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වීමේ හෝ ඔහු අත්අඩංගුවට ගැනීමේ හෝ ඉඩකඩක් මතුවීම නිසාය. මෙම අර්බුදයට පසුබිම් වූයේ එරට ශේ්‍රෂ්ඨාධිකරණය විසින් පසුගියදා ලබා දෙන ලද තීන්දුවකි. මේ පිලිබඳ සලකා බැලීමට පෙර මෑත කාලයේ මාලදිවයිනේ දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දිගහැරුණු සිදුවීම් පිලිබඳව අවධානය යොමු කිරීම වැදගත් වෙයි.
නවසිය හැත්තෑ ගණන්වල සිට 2008 වසර දක්වා දශක තුනක්ම මාලදිවයිනේ ජනාධිපතිවරයා වූයේ මයුමුන් අබ්දුල් ගයූම් ය. මේ කාලය තුළ එරට පැවතියේ තනි පක්ෂ ක්‍රමයක් යයි කිව හැකිය. ගයුම්ගේ පක්ෂය වූයේ මාලදිවයින් මහජන පක්ෂයයි. නමුත්  2000 න් පසු ගෙවුණු මුල් වසරවල ඔහුගේ පක්ෂයට අභියෝග කරමින් තවත් දේශපාලන පක්ෂ මාලදිවයින තුළ නැග එන්නට විය. මොහමද් නෂීඩ් විසින් ඇති කරන ලද මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේය. 2008 වසරේ මාලදිවයිනෙහි ජනාධිපතිවරණයක් පැවති අතර එහිදී ජයග්‍රහණය හිමි කරගන්නට මොහොමඩ් නෂීඩ් සමත් විය. ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් මාලදිවයිනෙහි ජනාධිපති පදවියට පත් පළමු නායකයා වූයේ ද මොහොමඩ් නෂීඩ් ය.
නමුත් ගයූම් ගේ බලපෑම එරට දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දිගින් දිගටම දැකිය හැකි විය. 2012 පමණ වනවිට නෂීඩ්ට එරෙහිව විරුද්ධ පාර්ශ්ව වෙතින් විවිධ විරෝධතා එල්ල වීමට පටන්ගත් අතර ඔහු හදිසියේම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූයේය. නෂීඩ් ඒ ආකාරයෙන් අස් වූයේ මන්ද යන්න සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් විය. නෂීඩ්ගේ පාර්ශ්වයෙන් පැවසුණේ ඔහුට ඉල්ලා අස්වීමට බලකෙරෙන තත්ත්වයක් ඇති වූ බවයි. එය එක්තරා ආකාරයක කුමන්ත්‍රණයක් ලෙසද හැඳින්විය හැකි විය. ඔහුගෙන් පසු ඊළඟ ජනාධිපතිවරණය වනතුරු ජනාධිපති ධුරය භාර ගත්තේ උප ජනාධිපති ලෙස සිටි මොහොමඩ් වහීඩ් හසන් ය. ඔහු හිටපු ජනාධිපති ගයූම්ගේ හිතවතෙකු බවටද එකල අදහස් පල විය. මාලදිවයිනේ ඊළඟ ජනාධිපතිවරණය පැවතියේ 2013 වසරේ යි. එහිදී නෂීඩ් පරාජයට පත් කරමින් ජනාධිපති ධුරයට පත් වූයේ ප්‍රගතිශීලී පක්ෂය නැමැති පක්ෂයකින් තරඟ කළ අබ්දුල්ලා යාමීන් වූ අතර ඔහු මයුමුන් ගයුම්ගේ සහෝදරයෙකු වීම කැපී පෙනුණු කාරණයකි.
මොහමද් නෂීඩ් ජනාධිපති පදවිය දරද්දී මාලදිවයින් විනිසුරුවරයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මත ඔහුට එරෙහිව නඩු පැවරිණි. අනතුරුව ඔහුට වසර 13 ක සිර දඬුවම් නියම විය. නෂීඩ්ගේ පාර්ශ්වයෙන් මෙහිදී ද පැවසුණේ මෙය දේශපාලන පලිගැනීමක ප්‍රතිඵලයක් බවයි. මෙම නඩු විභාගයට  එරෙහිව ජාත්‍යන්තර වශයෙන්ද විශාල විරෝධයක් එල්ල විය. කෙසේ හෝ වේවා 2016 වසරේ දී ඔහුට වෛද්‍ය ප්‍රතිකාර සඳහා බ්‍රිතාන්‍යය වෙත යාමට ඉඩ ලැබුණු අතර පසුව ඔහුට එහි දේශපාලන රැකවරණ ලැබුණු බව සඳහන් විය.
මේ ආකාරයෙන් ජනාධිපති යාමීන් සහ හිටපු ජනාධිපති නෂීඩ් අතර පැවැති ගැටුම හරහා මාලදිවයිනේ ප්‍රධාන දේශපාලන බල කඳවුරු දෙකක් අතර බල අරගලයක් ඉදිරියට යමින් පැවති අතර මෙය පසුගිය සතියේ තීරණාත්මක සන්ධිස්ථානයකට ළඟා වූයේ එරට ශේ්‍රෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවක් හේතුවෙනි. හිටපු ජනාධිපති නෂීඩ් සහ තවත් විරුද්ධ පක්ෂ නායකයින් 8 දෙනෙකුට එරෙහිව ක්‍රියාත්මක කර තිබූ සිර දඬුවම් අවලංගු කර ඔවුන් නිදහස් කිරීමට අධිකරණය විසින් මෙහිදී තීන්දු කරන ලදී. ඒ ඔවුන්ට එරෙහිව පැවති නඩු විභාගයන්හි පැවති බව පැවසුණු විවිධ ගැටළු හේතුවෙනි. මෙයට අමතරව පසුගිය කාලය තුළ ආණ්ඩු පක්ෂයෙන් විරුද්ධ පක්ෂයට යාම මත සිය ආසන අහිමි කර තිබූ එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකුට නැවත මන්ත්‍රී ධුර ලබා දීමටද නියෝග කරනු ලැබිණි. මෙම නියෝගයත් සමග සිදුවූ තවත්  වැදගත් සිදුවීමක් වූයේ ඒ නිසා දැන් පාර්ලිමේන්තුව තුළ විරුද්ධ පක්ෂයට බහුතර බලයක් හිමිවීමයි. එය ජනාධිපති යාමීන්ගේ පාලනයට
බරපතල අභියෝගයක් එල්ල කරන්නකි. මේ අතර පසුගිය සෙනසුරාදා (03 දා) පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු රැස්වීමක් අවලංගු කරන ලද බවද මාධ්‍ය අනාවරණය කර තිබිණි.
තත්ත්වය වඩාත් බරපතල තත්ත්වයට පත් වූයේ ආණ්ඩුව ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට පියවර නොගනීවිද යන සැකසංකා මතුවීමත් සමගය. මෙවැනි සැකයක් මතුවීමට ප්‍රධාන හේතුවක් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට තමුන් බලා‍පොරොත්තු වන බව පැවසු එරට ඉහළ පෙ‍ලේ ‍පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිය ධුරවලින් ඉවත් කිරීමට යාමීන් පියවර ගැනීමයි. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව යමින් ඉහත කී මන්ත්‍රීවරුන් 12 දෙනා නැවත සිය මන්ත්‍රී  ධුරයන්හි පිහිටුවීමට අදහස් කරන බව කී එරට පාර්ලිමේන්තුවේ මහ‍ලේකම්ව සිටි අහමඩ් මොහොමඩ් ද පසුව අබිරහස් ලෙස සිය ධුරයෙන් ඉවත් වූයේය. මේ සියල්ල නිසා බොහෝ දෙනෙකු තුළ සැක මතු වූයේ යාමීන් පාර්ශ්වය අධිකරණ තීන්දුව පිලිනොගෙන කටයුතු කරනු ඇත්ද කියාය. මේ අතර අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ජාත්‍යන්තර වශයෙන්ද, විරුද්ධ පක්ෂයේ ආධාරකරුවන් වෙතින්ද ජනාධිපති යාමීන් වෙත විශාල පීඩනයක් එල්ල වෙමින් තිබේ. යාමීන්  දූෂිත පාලකයෙකු බවටද, ඔහුගේ පාලනය යටතේ මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බරපතල ලෙස උල්ලංඝනය වෙමින් ඇති බවටද දැන් කාලයක සිටම චෝදනා එල්ල වෙමින් තිබිමද මෙහිදී අවධානයට හසු විය යුතු වේ.
ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට පියවර නොගතහොත් යාමීන්  ජනාධිපති ධුරයට නුසුදුස්සෙකු කිරීමටත්, ඔහු අත්අඩංගුවට ගැනීමටත් ශේ්‍රෂ්ඨාධිකරණය පියවර ගනිවීද යන සැකයද මේ වනවිට මතුවෙමින් තිබේ. නමුත් එවැනි තත්ත්වයක් ඇති වීම වලක්වනු පිණිස මාලදිවයින් ‍පොලිසිය සහ හමුදාව සූදානමින් තබා ඇති බව පැවසෙන අතර ඉදිරියේදී යාමීන්ගේ පාලනය රැක ගැනීම සඳහා හමුදා පාලනයක් ඇති වීමේ අනතුරක් ඇති බවද විරුද්ධ පක්ෂ ප්‍රකාශකයින් සඳහන් කර තිබෙනු දැකිය හැකි විය. මෙම පසුබිම තුළ මේ වනවිට මාලදිවයිනෙහි උණුසුම් දේශපාලන අර්බුදයක් ඔඩුදුවමින් ඇති අතර ඉදිරියේදී එය කවරාකාරයෙන් වර්ධනය වනු ඇත්ද යන්න පිලිබඳව ජාත්‍යන්තර වශයෙන්ද විශාල අවධානයක් යොමු වෙමින් තිබේ. මේ අතර එරට මීළඟ ජනාධිපතිවරණය ලබන අගෝස්තුවේ පැවැත්වීමට නියමිතව තිබිමද තත්ත්වය තවත් සංකීර්ණ කරන සාධකයකි. තමා ද මේ සඳහා ඉදිරිපත් වන බව නෂීඩ් පසුගියදා පවසා තිබිණි.
කෙසේ හෝ වේවා මේ වනවිට මොහමද් නෂීඩ් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර පාර්ශ්ව අතර ඉන්දියාව, ඇමෙරිකාව කැපී පෙනේ.  අනික් අතට පසුගිය කාලය තුළ අබ්දුල්ලා යාමීන්ගේ පාලනය යටතේ මාලදිවයින සහ චීනය අතර සබඳතා බොහෝ දුරට වර්ධනය වූ අයුරු ද දැකිය හැකි විය. චීනය ක්‍රියාත්මක කරන 'එකම තීරයක්, එකම මගක්'  ව්‍යාපෘතිය තුළද මාලදිවයිනට ප්‍රධාන තැනක් හිමි වෙයි. මාලදිවයිනේ බොහෝ සංවර්ධන කටයුතුවලටද චීනයේ සහයෝගය ලැබෙන බව නොරහසකි. ඒ නිසා මාලදිවයිනේ දේශපාලන සිදුවීම් තේරුම් ගැනීමේදී මෙම ජාත්‍යන්තර බලවතුන්ගේ අභිලාෂයන් පිලිබඳවද අවධානය යොමු කිරීම වැදගත් වන බව සඳහන් කළ හැකි වෙයි. කලාපීය ආධිපත්‍යය වෙනුවෙන් ඉන්දියාව සහ චීනය අතර ඇති බල අරගලය වැනි සාධකද මෙහිදී අමතක කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නිහාල් පීරිස්

කැනඩාවේ ප්‍රකෝටිපතියෙකු හා ඔහුගේ බිරිය ටොරොන්ටෝ නගරයේදී ඝාතනයට ලක්වීමෙන් රටම කැලඹුණේ පසුගිය දෙසැම්බරයේය. මේ ගැන පරීක්ෂණ තවමත් සිදුකෙරෙන අතර මිනීමරුවා කවුදැයි තවම අභිරහසක් බව වාර්තා වෙයි. ඔවුන්ගේ නිවසෙහි පිහිනුම් තටාකය අසල පිරිමි බඳ පටිවලින් එල්ලා තිබියදී හමු වූ හැත්තෑපස් හැවිරිදි බැරී ෂර්මන් හා ඔහුගේ බිරිය හනීගේ මරණ ඝාතනයන් බව පසුව ‍පොලීසිය පවසා සිටියේය. මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ ගෙල තෙරපී මෙන් මේ දෙදෙනා මියගොස් ඇති බවය. මුලදී ‍පොලීසිය මෙය එක් අයෙකු අනෙක් පුද්ගලයා ඝාතනය කොට පසුව තමා දිවිනසා ගත්බවට ලීසිය පවසා සිටි අතර මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුල්වල උදවිය අප්‍රසාදය පළකොට තිබුණි.

පසුව මරණ පරීක්ෂණ වාර්තා හෙළිකළ ‍පොලීසිය ඝාතන ලෙස සලකා මේ මරණ ගැන පරීක්ෂණ පවත්වන බව දන්වා සිටියේය.
මෙයට කලකට පෙර බෑරී ෂර්මන් විසින් ලියා තිබූ හා ප්‍රකාශයට පත්නොකළ තම ජීවිත කතාවේ ඔහු තමා මෙලොව කිසිවක් ගැන විශ්වාසයක් නොතබන අයෙකු ලෙස හඳුන්වා දී තිබේ.

නිශානි දිසානායක

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ලානා ඩෙල්රේ පැහැරගෙන යන බවට තර්ජනය කළ අයෙක් ෆ්ලොරිඩාවේ ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය සංගීත සංදර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබූ ඕර්ලන්ඩෝ ප්‍රදේශයේදී මෙම පුද්ගලයා පිහියක් කලිසම් සාක්කුවේ දමාගෙන ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට පත් වූ බව ‍පොලීසිය කියයි. පිළිගත හැකි සාක්ෂි සහිත තර්ජනය කිරීමක් සමග ගායිකාව පසුපස යෑම හා ආයුධයක් අතැතිව ඇය පැහැරගෙන යාමට තැත් කිරීම යන චෝදනා යටතේ හතළිස් තුන් හැවිරිදි මයිකල් හන්ට් හට නඩු පැවැරීමට ‍පොලීසිය කටයුතු යොදා තිබේ.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද ඔහු ලානාට තර්ජනය කොට ඇති අතර අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ පසුගිය සිකුරාදාය. කෙසේ වුවද සංගීත සංදර්ශනය පැවැත්වීමෙන් පසු සෙනසුරාදා දිනයේ මේ සිදුවීම මාධ්‍ය වෙත ලබාදීමට ‍පොලීසිය කටයුතු කොට තිබිණි.

සී.එන්.එන්.

ඇෆ්ගනිස්ථානය මේ වනවිට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාර වැලක ඉලක්කය බවට පත්ව සිටින බව පෙනේ. සතියකට ආසන්න කෙටි කාලයක් තුළ එක පෙළට සිදු වූ ප්‍රහාර හතරක් පිළිබඳව පසුගිය දිනවල වාර්තා වූ අතර සිය ගණනක් මේ නිසා මරණයට පත් විය. මෙම තත්ත්වය පිළිබඳව මේ වනවිට විශාල ජාත්‍යන්තර අවධානයක්  යොමු වෙමින් ඇති අන්දම දැකිය හැකි වෙයි. විශේෂයෙන් එරට අගනුවර වන කාබුල් නගරය ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර බොහෝ පාර්ශ්ව තුළ මහත්  නොසන්සුන් බවක් ජනිත කිරීමට සමත්ව තිබේ. මේ අතරින් පසුගිය සෙනසුරාදා (27 දා)  එල්ල වූ ගිලන් රථ බෝම්බය මහත් කම්පනයක් සහ භීතියක් ඇති කිරීමට සමත් විය. මෙම ප්‍රහාරය එල්ල වූයේ බෝම්බ සවි කරන ලද ගිලන් රථයක් කාබුල් හි ඉතා ජනාකීර්ණ ඉසව්වක පුපුරා යාමත් සමගය. මෙයින් මිය ගිය සංඛ්‍යාව සියයකට ආසන්න බව පැවසුණු අතර තවත් 160කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. මෙම ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශය රජයේ කාර්යාල, තානාපති කාර්යාල මෙන්ම සාප්පු සංකීර්ණ ආදියද බහුල ප්‍රදේශයක් විය. ආරක්ෂක අංශවල සැකයෙන් ගැලවී ප්‍රහාරය එල්ල කිරීම සඳහා සටන්කාමීන් ගිලන් රථයක් යොදාගෙන ඇති බව පැහැදිලිය. මෙම ප්‍රහාරය පිළිබඳ වගකීම භාර ගත්තේ තලිබාන් සංවිධානයයි.
මෙම ප්‍රහාරයෙන් දින කිහිපයක් ගතවීමටත් පෙර පසුගිය සඳුදා (29) නැවතත් කාබුල් වෙත තවත් ප්‍රහාරයක් එල්ල විය. මෙවර එයට ඉලක්ක වූයේ හමුදා ඇකඩමියකි. මාර්ෂල් ෆහීම් ජාතික හමුදා විශ්ව විද්‍යාලය යනුවෙන් හැඳින්වෙන මෙම ආයතනය අබියස එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් හමුදා සෙබළුන් 11 දෙනෙකු මිය ගිය බව මාධ්‍ය අනාවරණය කර තිබිණි. මෙම ප්‍රහාරයේ වගකීම භාර ගත්තේ අයිසිස් සංවිධානයයි.
මෙම ප්‍රහාර දෙකට කලින් පසුගිය 20 සහ 24 යන දිනවල ද ඇෆ්ගනිස්ථානයෙහි තවත් බිහිසුණු ප්‍රහාර දෙකක් එල්ල විය. 20 වෙනි දින ප්‍රහාරය එල්ල වූයේ කාබුල්හි පිහිටි සුපිරි හෝටලයක් වන ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයටය. එහිදී 22 දෙදෙනෙකු මිය ගිය බව පැවසුණු අතර තලිබාන් සංවිධානය වගකීම භාරගෙන තිබුණි. මෙහිදී මරණයට පත් වැඩි පිරිස විදේශිකයින් බවද සඳහන් විය. 24 වෙනි දින ප්‍රහාරයට ඉලක්ක වූයේ ජලාලාබාද් නගරයේ පිහිටි, ‘සේව් ද චිල්ඩ්රන්’ රාජ්‍ය නොවන සංවිධානයට අයත් කාර්යාලයකි. එහිදී සිව් දෙනෙකු පමණ මියගොස් ඇති බැව් වාර්තා විය. අයිසිස් සංවිධානය ප්‍රහාරය පිළිබඳ වගකීම භාර ගනිමින් නිවේදනයක් නිකුත් කර තිබිණි. කෙසේ හෝ වේවා මෙම ප්‍රහාර මාලාවත් සමග නැවතත් ඇෆ්ගනිස්ථානය තුළ අතිශය ව්‍යාකූල තත්ත්වයක්  හටගෙන ඇති අතර වැසියන් මෙන්ම රජයද මහත් කම්පනයට සහ අපහසුතාවට පත්ව ඇති බව පෙනේ. භීතියට පත්ව සිටින ජනතාව තමුන්ට ආරක්ෂාව සැපයීමට නොහැකි වීම ගැනත්, මෙම සටන්කාමීන් මර්දනය කිරීමට අ‍පොහොසත් වීම ගැනත් රජය වෙත දැඩි අප්‍රසාදය පළ කරන්නට පටන්ගෙන ඇත. 
ඇෆ්ගනිස්ථානය මේ ආකාරයේ ප්‍රහාරයන්ට ඉලක්ක වන්නේ ඇයි? මේ වනවිට ඇෆ්ගනිස්ථානයේ පවතින්නේ බටහිර රටවලද සහය ලබන පාලනයකි. එහි ජනාධිපතිවරයා වන්නේ අෂ්රෆ් ගානිය. මේ අතර තලිබාන් සංවිධානය සහ අයිසිස් සංවිධානය මෙම පාලනයට එරෙහිව සටන් කරමින් සිටිති. තලිබාන් සංවිධානය දැන් කාලයක සිටම ඇෆ්ගනිස්තානයේ ප්‍රබල කැරළිකාර කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වෙමින් සිටින අතර කලකට පෙර, අනූව දශකයේ අවසන් භාගයේ ටික කලක් ඇෆ්ගනිස්තානය පාලනය කළේද ඔවුන්ය. ඒ කාලයේ ඔවුන් ගෙන ගියේ ඉතා දැඩි නීති රීති සහිත ආගමික පාලනයකි. නමුත් 2001 සැප්තැම්බර් 11 දින ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ  ප්‍රහාරයෙන් පසු  ත්‍රස්තවාදයට එරෙහිව මෙහෙයුමක් දියත් කළ ඇමෙරිකාව ඇතුළු බටහිර පාර්ශ්වය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කර තලිබාන් සහ ඒ වනවිට ක්‍රියාත්මකව තිබූ අල් කයිඩා කණ්ඩායම්වලට එරෙහිව සටනක් දියත් කළේය. එහිදී මෙම සටන්කාමීන් බොහෝ දුරට අඩපණ කරමින් බටහිර රටවල සහය ලබන පාලනයක් එහි ස්ථාපිත කිරීමට හැකියාව ලැබිණි. එයින් පසුව ජනාධිපති ධුරයට පත් වූයේ  හමීඩ් කර්සායි ය. (ඔහු 2014 දක්වා එරට ජනාධිපති ධුරය දැරුවේය.) කෙසේ නමුත් තලිබාන් සංවිධානය මුළුමනින් පරාජය කිරීමට කර්සායි රජයට හෝ ඔහුට සහය දුන් බටහිර කඳවුරට හෝ හැකි වූයේ නැත. ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශ රැසක් තම අණසක යටතේ තබා ගැනීමට තලිබාන් සංවිධානයට හැකි වූ අතර අදටත් ඔවුහු රජයට එරෙහිව ප්‍රබල කැරැල්ලක් ඉදිරියට ගෙන යමින් නැවතත් එරට බලය තහවුරු කර ගැනීමට සටන් කරමින් සිටිති. මේ අතර අයිසිස් සංවිධානයද මේ වනවිට ඇෆ්ගනිස්තානය තුළ තහවුරු වෙමින් සිටියි. නමුත් ඔවුන් සහ තලිබාන් සංවිධානය අතර ද බල අරගලයක් වෙයි. එක් කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කළ විට අනෙක් කණ්ඩායමද තවත් ප්‍රහාරයක් එල්ල කරන්නේ එකිනෙකාට නොපරදිමින් තම බලය පෙන්වීම සඳහා යයිද සැලකිය හැකිය.
මේ අතර කාලයක සිටම තලිබාන් සංවිධානයට  පාකිස්තානයේ සහය ලැබෙන බවටද විශ්වාසයක් පවතී. විශේෂයෙන් පාකිස්තාන බුද්ධි අංශවල සහය ඔවුන්ට ලැබෙන බවට චෝදනා එල්ල වෙයි. ඇෆ්ගනිස්තානය පිහිටා ඇත්තේ භූගෝලීය වශයෙන් ඉතා වැදගත් කලාපයක වන අතර මෙම කලාපයේ බලය තහවුරු කර ගැනීම සඳහා පාකිස්තානය සහ ඉන්දියාව අතර ඇති බල තරගයද මෙහිදී අවධානයට ලක් විය යුතු වැදගත් සාධකයකි. ඉන්දියාව මේ වනවිට ඇමෙරිකාවේ සමීපම මිතුරෙකු බවට පත්ව සිටින නිසා මෙම තරගයේදී ඔවුන්ට වැඩි වාසියක් හිමි වීමේ පසුබිමක්ද නිර්මාණය වෙමින් තිබේ. ඒ අතර මෑත කාලයේ ඉන්දියාව ඇෆ්ගනිස්තානය සමග වඩාත් සමීප සබඳතා ගොඩ නගා ගනිමින් සිටීමද පාකිස්තානයට යම් හිසරදයක් බවට පත්ව ඇති බව පෙනේ. මෙම තත්ත්වය පසුබිමෙහි ඇෆ්ගනිස්තානය තුළ සිය බලපෑම පවත්වාගෙන යාම සඳහා පාකිස්තානය තලිබාන් සංවිධානය යොදා ගන්නා බව බොහෝ විට සාකච්ඡාවට ලක්වන කාරණයකි. ඉන්දියානු තානාපති කාර්යාලය, කොන්සියුලර් කාර්යාල මෙන්ම ඉන්දියානු නිලධාරීන් ද බොහෝ අවස්ථාවල ඇෆ්ගනිස්තානය තුළ ත්‍රස්ත ප්‍රහාරවලට ඉලක්ක වී ඇති බවද අමතක කළ හැකි කාරණයක් නොවේ. 2008 වසරේ ඇෆ්ගනිස්තානයේ ඉන්දියානු තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ඇමෙරිකාව සෘජුවම චෝදනා කළේ පාකිස්තාන බුද්ධි අංශවලටය. (පාකිස්තානය මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කළේය.)
අනෙක් අතට, පාකිස්තානය සහ ඇමෙරිකාව අතර දැන් කාලයක සිටම යම් ආතතියක් වර්ධනය වෙමින් ඇති බවද නොරහසකි. පාකිස්තානය තලිබාන් වැනි ත්‍රස්තවාදීන්ට උදව් කිරීම පිළිබඳව ඇමෙරිකාව නිරන්තරයෙන් ඔවුන්ට චෝදනා කරමින් සිටින අතර පාකිස්තානයට දෙන ආධාර අඩු කිරීමේ තීරණයක්ද පසුගිය දා ට්‍රම්ප් රජය විසින් ගනු ලැබිණි. තලිබාන් සංවිධානය පසුගිය සතිවල ඇෆ්ගනිස්තානය තුළ ප්‍රහාර වැඩි කළේ මෙයට ප්‍රතිචාරයක් වශයෙන්ය යන අදහසක්ද ඇතැම් නිරීක්ෂකයින් මතු කර තිබෙනු දැකිය හැකි විය. කෙසේ නමුත් මේ වනවිට තලිබාන් සහ අයිසිස් කණ්ඩායම් සිය ප්‍රහාර වේගවත් කර තිබිමේ අවසන් අරමුණ කුමක් විය හැකිද යන්න සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුට පැහැදිලි අවබෝධයක් ඇති බවක් නොපෙනේ.  ඉදිරියේදී මෙම තත්ත්වය තවත් වර්ධනය විය හැකිද, ඊට ප්‍රතිචාර වශයෙන් ඇෆ්ගන් රජය සහ ඔවුන්ට සහය දෙන බලවතුන් කුමක් කරනු ඇත්ද යන කාරණා සම්බන්ධයෙන් මේ වනවිට විශාල ජාත්‍යන්තර අවධානයක් යොමු වෙමින් ඇති බව නම් පැහැදිලිව පෙනෙන්නට තිබේ. 
 
නිහාල් පීරිස්

මෙය ඇමෙරිකානු සිහිනය දැකීම ඇරඹීමට වෙලාව බව හා ඇමෙරිකානු ව්‍යාපාරයක් ඇරඹීමට වෙලාව පැමිණ ඇති බව කොංග්‍රසය අමතමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. රිපබ්ලිකන්වරු සමග එක්ව වැඩකිරීමට ඩිමොක්‍රටික්වරුන්ට වෙලාව පැමිණ ඇති බවත් වැඩිදුරටත් ජනපතිවරයා පවසා තිබේ. ගුවන්ටනාමෝබේ කඳවුර දිගටම විවෘතකර තබන ලෙසට තමා නියෝග කරන බවත් ජනපතිවරයා පවසයි. ආන්දෝලනයට ලක් වූ මෙම සිර කඳවුර වසාදමන ලෙස ඔබාමා ධුරයෙන් සමුගැනීමට පෙර නියෝග කොට තිබිණ. ඇමෙරිකානු ආර්ථික වර්තමානයේදී දිනෙන් දින ඉහළයමින් පවතින බව වාර්තා වෙයි.
 
සී.එන්.එන්.
 

IMAGE

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක මට ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 7

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2316

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3298

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3551

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1437

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3422

Please publish modules in offcanvas position.