Coss Ear2
lakbima.lk
COSS Ear 1

57 දෙනෙකුට  මරු කැඳවමින් පසුගිය 22 වෙනි දින ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් ආසන්නයේ එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය එරට තුළ දිනෙන් දින උත්සන්න වෙමින් ඇති ව්‍යාකූල සහ අනාරක්ෂිත තත්ත්වය නැවත වරක් තහවුරු කරන්නක් විය. මියගිය අය අතරින් 21 දෙනෙකු කාන්තාවන් බව පැවැසෙන අතර කුඩා දරුවන් පස් දෙනෙකුද ඒ අතර වන බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මිය ගිය අයට අමතරව 120කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන් වෙයි. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සිය සිරුරට සම්බන්ධ කරගෙන සිටි බෝම්බයක් පුපුරුවා ගැනීමෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විශ්වාස කෙරේ.  ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඡන්දදායකයන් ලියාපදිංචි කර ගැනීම පිණිස පිහිටුවා තිබූ මධ්‍යස්ථානයක් අසලදී වීමද විශේෂත්වයකි. ඇෆ්ගනිස්තානයේ මීළඟ මහා මැතිවරණය ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අතර එයින් පසු ජනාධිපතිවරණය ද 2019 වසරේ පැවැත්වීමට නියමිතව තිබේ. ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු මෙයට සති කිහිපයකට පෙර ආරම්භ වූයේ මෙම මැතිවරණ ඉලක්ක කර ගනිමිනි. ප්‍රහාරය නිසා ඒ අවට ගොඩනැගිලි, වාහන ඇතුළු දේපළ රැසක්ද විනාශ වී ඇති අයුරු දැකිය හැකි විය. මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳ වගකීම තමුන් භාරගන්නා බව 'ඉස්ලාමීය රාජ්‍යය' (අයි.එස්) සංවිධානය ප්‍රකාශ කර තිබිණි.
ඇෆ්ගනිස්තානයේ ජනාධිපති අෂ්රෆ් ගානිගේ රජයට එරෙහිව මේ වනවිට කැරලිකාර කණ්ඩායම් කිහිපයක්ම සටන් කරමින් සිටින අතර ත‍ලේබාන් සහ අයි.එස් සංවිධාන ඒ අතරින් ප්‍රධානය.  රජයට එරෙහිව සටන් කරන අතර ඔවුන් එකිනෙකා අතරද බලය වෙනුවෙන් අරගලයක් පවතින බව රහසක් නොවේ.
මෙවැනි බිහිසුණු ප්‍රහාර අරමුණු දෙකක් වෙනුවෙන් එල්ල කරන ඒවා ලෙස සැලකිය හැකි වෙයි. අයි.එස් සංවිධානය ප්‍රධාන වශයෙන්ම සුන්නි මුස්ලිම් නිකායට අයත් සංවිධානයක් වන අතර අනෙක් නිකායට අයත් ෂියා මුස්ලිම්වරුන් පිළිබඳ ඔවුන් දක්වන්නේ දැඩි පසමිතුරු ආකල්පයකි. මේ නිසා මෙම නිකාය දෙක අතර ගැටුමද මෙම ප්‍රහාරවලට එක් හේතුවක් බව සඳහන් කළ හැකි වේ. පසුගියදා එල්ල වූ ප්‍රහාරයද දියත්ව ඇත්තේ ෂියා මුස්ලිම්වරුන් වැඩිපුර වාසය කරන ප්‍රදේශයකදීය. ඒ නිසා මිය ගියවුන්ගෙන් වැඩි දෙනා ෂියාවරුන්ය.
මෙවැනි ප්‍රහාරවල තවත් ප්‍රධාන අරමුණක් වනුයේ රජය අස්ථාවර කිරීම සහ ජනතාව තුළ රජය කෙරේ ඇති විශ්වාසය බිඳ දැමීමය. රජයට ඇෆ්ගනිස්තාන වැසියන් ආරක්ෂා කළ නොහැකිව ගොස් ඇති බවට දැනටමත් විශාල විරෝධයක් ජනතාව අතරින් මතුවෙමින් තිබෙන බවක්ද පෙනී යයි. මෙය ඉහත කී කැරළිකරුවන්ට වාසිදායක පසුබිමක් සකස් කරන්නකි. එමෙන්ම මැතිවරණ කඩා කප්පල් කිරීමේ වුවමනාවක්ද මෙම අන්තවාදී සංවිධාන තුළ තිබෙනවා වන්නට පිලිවන. ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ ස්ථාන වෙත එල්ල වූ පළමු ප්‍රහාරය මෙය නොවන බවද මෙහිදී සඳහන් කළ යුතුය.
කෙසේ හෝ වේවා, ඇෆ්ගනිස්තානයේ මේ වනවිට සිදුවෙමින් ඇති සිදුවීම් තේරුම් ගැනීමේදී එහි මෑත ඉතිහාසය පිළිබඳ විමසා බැලීමද වැදගත් වෙයි. නවසිය අනූව දශකය වෙද්දී එරට වැඩි ප්‍රදේශයක පාලනය පැවැතියේ ත‍ලේබාන් සංවිධානය යටතේය. නමුත් සැප්තැම්බර් 11 නිව්යෝක්  ප්‍රහාරයෙන් පසු 2001 දී  ඇමෙරිකාව  ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ත‍ලේබාන් සංවිධානය බලයෙන් පහ කර බටහිර අනුග්‍රහය යටතේ අන්තර් වාර පාලනයක් එහි ඇති කරනු ලැබිණි. කෙසේ නමුත් ත‍ලේබාන් සංවිධානය නැවත රටේ බලය ඇල්ලීම සඳහා වන සිය අරගලය අත්හැරියේ නැත.
දැන් වසර ගණනක් තිස්සේ ඔවුන් ගෙන යන අරගලයේදී ඔවුන්ට යාබද පාකිස්තානයේ සහය  ලැබෙන බවද නිතර කතාබහට ලක්වන්නකි. ඇෆ්ගනිස්තාන රජය ඇමෙරිකාව සමග  මෙන්ම ඉන්දියාව සමගද සමීප සබඳතා පවත්වයි.  ඉන්දියාව ඇෆ්ගනිස්තානය තුළ තහවුරු වනවාට පාකිස්තානය කැමති නැත. ඔවුන් සහ ඉන්දියාව අතර එම කලාපයේ ආධිපත්‍යය වෙනුවෙන් බල අරගලයක් තිබෙන බව රහසක් නොවේ. ඔවුන් ත‍ලේබාන් සංවිධානයට සහය දීම හරහා ඇෆ්ගනිස්තානයේ කටයුතුවලට ඇඟිලි ගසන බවට චෝදනා නැගෙන්නේ ප්‍රධාන වශයෙන්ම මෙම පසුබිම තුළය.
කෙසේ වෙතත් මේ වනවිට ත‍ලේබාන් සංවිධානය නැවත කමෛන් බලවත් වෙමින් සිටින ආකාරයක් දැකිය හැකි වෙයි. ඒ අතර දැනට වසර කිහිපයකට පෙර සිට 'ඉස්ලාමීය රාජ්‍යය' (අයි.එස්) සංවිධානයද ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක වීමට පටන්ගෙන තිබේ. මෙම තත්ත්වය තුළ දැඩි අනාරක්ෂිත සහ ව්‍යාකූල තත්ත්වයක් මේ වනවිට ඇෆගනිස්තානය තුළ වර්ධනය වෙමින් ඇත.
මේ අතර මේ වනවිට ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන්  සමහර පාර්ශ්ව චෝදනා කරමින් සිටින්නේ මේ පිටුපස ඇතැම්  විදෙස් රාජ්‍යයන් සිටින්නට ඉඩ ඇති බවටයි. ආගමික ගැටුම් වර්ධනය කර, නිදහස්, සාමකාමී මැතිවරණයක් පැවැත්වීමේ පසුබිම අවුල් කර දමා තමුන්ට වාසිදායක ආකාරයේ ප්‍රතිඵලයක් ඇති කර ගැනීමට ආණ්ඩුව තුළ සිටින ඇතැම් පිරිස් විදෙස් රාජ්‍යයන්ද සමග එක්ව කුමන්ත්‍රණය කරමින් සිටින බවට මේ පාර්ශ්ව චෝදනා කරති.
මේ වනවිට ජනාධිපති
අෂ්රෆ් ගානිගේ රජය ත‍ලේබාන් සංවිධානය සමග සාම සාකච්ඡා ඇරඹීම සඳහා දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව ද රහසක් නොවේ. නමුත් එම උත්සාහයන් සාර්ථක වේවිද යන්න සම්බන්ධයෙන් තවමත් ඇත්තේ අවිනිශ්චිත බවකි. මෙහිදී ත‍ලේබාන් නායකයන්ගේ එක් ස්ථාවරයක් වී ඇත්තේ බටහිර අනුග්‍රහය ලබන රජයක් සමග සාමයකට යාම එම බලවේගවලට යටත් වීමක්ය යන්නයි. කෙසේ හෝ වේවා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ එරට දේශපාලනය තුළ ඉතා වැදගත්, තීරණාත්මක අවස්ථාවන් වනු ඇති අතර ඒ දක්වා දිගහැරෙන සිදුවීම් පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානයක් යොමු වනු ඇත.
නිහාල් පීරිස්

  1. කියුබාවේ කස්ත්‍රෝලාගේ පාලනය අවසන් වෙයි
  2. ඇමෙරිකාවේ ගුවන්යානයක පිපිරීමකින් කාන්තාවක් මරුට
  3. මෝරුන්ගේ ප්‍රහාර නිසා ඔස්ට්‍රේලියාවේ තරගාවලියක් අවලංගු කරයි
  4. සී.අයි.ඒ. නායකයා හා උතුරු කොරියානු නායකයා අතර රහසිගත හමුවක්
  5. සිරියාවෙන් හමුදාව ඉවත්කර නොගැනීමට ඇමෙරිකානු ජනපති කැමැති කරවාගත් බව ප්‍රංශ ජනපති කියයි
  6. බටහිර බලවතුන් සිරියාවට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු කුමක් සිදුවේවිද?
  7. ඇමෙරිකාව සහ රුසියාව අතර යුද ගැටුමක් ගැන බිය පළවෙයි
  8. තමිල්නාඩුවේ අයි.පී.එල් තරග එපා
  9. වසර 24 ක සිර දඬුවම් නියම වූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය
  10. බ්‍රසීලයේ හිටපු ජනපති සිරදඬුවම ඇරඹිය යුතු බවට අධිකරණයෙන් නියෝගයක්
  11. වැඩ වර්ජන රැල්ලකින් ප්‍රංශය උණුසුම් වෙයි
  12. දකුණු කොරියානු ‍පොප් සංගීතඥයෝ උතුරු කොරියාවේ ප්‍රසංග පවත්වති
  13. චීනයෙන් ඇමෙරිකාවට ප්‍රතිචාර
  14. පාලනයෙන් තොරව මහ ‍පොළොවට කඩා වැටුණු චීන අභ්‍යවකාශ යානය
  15. පාකිස්තානයට ආ මලාලාට ඇතැමුන්ගේ විරෝධය
  16. පාසල් අහිමි දරුවන් හාරදහසක් බ්‍රිතාන්‍යයේ
  17. සිම්බාබ්වේ හිටපු ජනාධිපති මුගාබේ ගේ බිරිඳට එරෙහිව විමර්ශනයක්
  18. 64කට මරු කැඳ වූ ගින්න නොසැලකිල්ල නිසා සිදු වූ බව පුටින් කියයි
  19. ඉන්දියාවේ කැලයක දුම්පිටකරන ඇතා
  20. උතුරු කොරියානු නායකයා චීනයට ගිය බවට පුවතක්
  21. ඇමෙරිකාව සහ චීනය අතර අලුත් 'යුද්ධයක්'
  22. අවි පාලනය කරන ලෙස ඉල්ලා ඇමෙරිකාව පුරා පෙළපාළි
  23. වෙනිසුවෙලාවේ දිළිඳු ළමා ජීවිත වෙනස් කළ සංගීතඥයා මියයයි
  24. කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන් වීමේ අරගලය යළිත් උත්සන්න වෙයි
  25. දූෂණ චෝදනා මත ප්‍රංශයේ හිටපු ජනාධිපතිගෙන් ප්‍රශ්න කරයි

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.