Coss Ear2
lakbima.lk
COSS Ear 1

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නිල චාරිකාවක් ආරම්භ කරමින් පසුගිය 27 වනදා දකුණු කොරියාවට පැමිණියේය. ඒ 1953 කොරියානු යුද්ධය නිමවීමෙන් පසු දකුණු කොරියාවට පැමිණි ප්‍රථම උතුරු කොරියානු නායකයා ලෙසිනි. 
කොරියානු අර්ධද්වීපය දෙකඩ කරමින් ඉදිකර ඇති ආරක්ෂිත මායිමේදී දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් විසින් ඉතා උණුසුම් ආකාරයෙන් උතුරු කොරියානු නායකයා පිළිගත් අතර ලෝකයම කොරියානු යුද්ධයක් යළි බලා‍පොරොත්තු වන මේ මොහොතේ උතුරු කොරියානු නායකයා තම රටට පැමිණීම සාමය සඳහා වන උදාරතම ක්‍රියාවලියක ඇරඹුම ලෙස සලකන බව දකුණු කොරියා නායකයා පැවැසීය. පිළිතුරු කතාව කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මේ හමුව සාමයේ සමාරම්භක මොහොත ලෙස හැඳින්වීය.
සාකච්ඡාවේ පළමු වාරය නිමවීමෙන් පසු උතුරු කොරියානු නායකයා පෙරළා උතුරු කොරියාවට යාම සඳහා දැඩි ආරක්ෂාව මධ්‍යයේ සිය කළු පැහැ ලිමොසින් රථයට ගොඩවනු දැකගත හැකි විය. දිවා ආහාරයෙන් පසු උතුරු කොරියානු නායකයා පෙරළා පැමිණි අතර එහිදී දෙරටේම පස් යොදා ගෙන ෆයිනස් වර්ගයේ ශාකයක් රෝපණය කරන්නට යෙදුණි. අනතුරුව ද්විපාර්ශ්වීය සාකච්ඡා යළි සාකච්ඡා ඇරඹුණු අතර ඒ සඳහා උතුරු කොරියානු නායකයා සමග නව දෙනෙකුගෙන් යුතු නියෝජිත පිරිසක් දකුණු කොරියාවට පැමිණෙන ලදී. ඒ පිරිස අතර උතුරු කොරියාවේ බලවත්ම තැනැත්තිය ලෙස සැලකෙන කිම් ජොන් උන්ගේ සොයුරිය වන කිම් යෝ ජෝ න්ග්ද විය.
නායක දෙපළ පැවැති සාකච්ඡාවේදී න්‍යෂ්ටික තාක්ෂණය සාමකාමී අරමුණු වෙනුවෙන් යොදා ගැනීම, කොරියානු යුද්ධයේදී දෙකඩ වූ පවුල්වල සුබසාධනය, ආර්ථික සහයෝගය වැනි කරුණු සාකච්ඡාවලට ලක්කරන්නට යෙදුණි. සාකච්ඡා දේශ සීමා මායිමේ දකුණු කොරියානු  පාර්ශ්වයේ ඇති සාම ගම්මානයේ පිහිටි පැන්මුන්ජොම් නගරයේ පිහිටි සාම නිවහනේ පවත්වනු ලැබිය.
 
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු 
  1. ට්‍රම්ප් සහ ඉරානය අතර ‘න්‍යෂ්ටික ප්‍රශ්නය’
  2. දහයක් මරාදැමූ සැකකරුගෙන් ප්‍රශ්න කරයි
  3. බිරියගේ මරණයෙන් දිනකට පසු හිටපු ජනපතිවරයාත් රෝගාතුර වෙයි
  4. සංචාරකයින්ට මරු කැඳවූ බස් අනතුර ගැන උ.කොරියානු නායක සොව පළකරයි
  5. අතරමං වූ දැරියට තනි රැක්ක මහලු සුනඛයා
  6. කුඩා දරුවන්ද ඇතුළු 57 දෙනෙකුට මරු කැඳ වූ ඇෆ්ගන් බෝම්බය
  7. කියුබාවේ කස්ත්‍රෝලාගේ පාලනය අවසන් වෙයි
  8. ඇමෙරිකාවේ ගුවන්යානයක පිපිරීමකින් කාන්තාවක් මරුට
  9. මෝරුන්ගේ ප්‍රහාර නිසා ඔස්ට්‍රේලියාවේ තරගාවලියක් අවලංගු කරයි
  10. සී.අයි.ඒ. නායකයා හා උතුරු කොරියානු නායකයා අතර රහසිගත හමුවක්
  11. සිරියාවෙන් හමුදාව ඉවත්කර නොගැනීමට ඇමෙරිකානු ජනපති කැමැති කරවාගත් බව ප්‍රංශ ජනපති කියයි
  12. බටහිර බලවතුන් සිරියාවට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු කුමක් සිදුවේවිද?
  13. ඇමෙරිකාව සහ රුසියාව අතර යුද ගැටුමක් ගැන බිය පළවෙයි
  14. තමිල්නාඩුවේ අයි.පී.එල් තරග එපා
  15. වසර 24 ක සිර දඬුවම් නියම වූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනිය
  16. බ්‍රසීලයේ හිටපු ජනපති සිරදඬුවම ඇරඹිය යුතු බවට අධිකරණයෙන් නියෝගයක්
  17. වැඩ වර්ජන රැල්ලකින් ප්‍රංශය උණුසුම් වෙයි
  18. දකුණු කොරියානු ‍පොප් සංගීතඥයෝ උතුරු කොරියාවේ ප්‍රසංග පවත්වති
  19. චීනයෙන් ඇමෙරිකාවට ප්‍රතිචාර
  20. පාලනයෙන් තොරව මහ ‍පොළොවට කඩා වැටුණු චීන අභ්‍යවකාශ යානය
  21. පාකිස්තානයට ආ මලාලාට ඇතැමුන්ගේ විරෝධය
  22. පාසල් අහිමි දරුවන් හාරදහසක් බ්‍රිතාන්‍යයේ
  23. සිම්බාබ්වේ හිටපු ජනාධිපති මුගාබේ ගේ බිරිඳට එරෙහිව විමර්ශනයක්
  24. 64කට මරු කැඳ වූ ගින්න නොසැලකිල්ල නිසා සිදු වූ බව පුටින් කියයි
  25. ඉන්දියාවේ කැලයක දුම්පිටකරන ඇතා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.