Coss Ear2
lakbima.lk
COSS Ear 1
නවතම පුවත

මාතර රන්හලේ ගැටුමෙන් පොලිස් නිලධාරියෙක් මරුට

IMAGE 2018 Jun 22 14:17
මාතර ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අළෙවි සැලක් මංකොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලිස් නිලධාරීන් අතර  අද (22) උදේ ඇති වු වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියකු මිය...
Views - 127
එසැනින් පුවත්

සීගිරිය ‍පොලීසිය කඩා වැටෙන්න ළඟයි

IMAGE 2018 Jun 22 12:21
සීගිරිය ‍පොලීසියේ ගොඩනැගිලි බොහෝමයක් අවිධිමත් හා අබලන් තත්ත්වයෙන්...
Views - 111

කොළඹ වරාය මහජනයාට නැරඹීමට විවෘත කරනවා

IMAGE 2018 Jun 22 11:52
කොළඹ වරාය මහජනතාව වෙත දැකබලාගත හැකි අයුරින් විවෘත කරන බව වරාය හා නාවික...
Views - 194

උණ රෝගයෙන් කරාපිටියේදී මියගිය දරුවන් 20න් 15ක්ම අවුරුද්දට අඩුයි

IMAGE 2018 Jun 22 11:17
වෛරස් උණ රෝගයට ලක්වීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල තුළදී මියගිය දරුවන්...
Views - 182

ඥානසාර හිමියන්ට අත් වූ තත්ත්වය ගැන කනගාටු වෙනවා

IMAGE 2018 Jun 22 11:05
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය...
Views - 321

දන්සල්වලට ටින් මාළු ගන්නේ බලාගෙනයි

IMAGE 2018 Jun 22 10:22
නියමිත මිලට වඩා අඩුවෙන් ටින් මාළු ලැබුණද පොසොන්  දන්සල් සඳහා ටින් මාළු...
Views - 272

වැඩ කළ නොහැකිනම් ඇමැතිකම දාලා යනවා

IMAGE 2018 Jun 22 10:10
සිංහරාජයේ අලි මිනිස් ගැටුම විසඳීමට ජනපතිවරයා තමාට සහය දෙන බව පැවැසුවද මේ...
Views - 417

රාජ්‍ය ආයතන නඩත්තුවට වසරකට බිලියන 450ක්

IMAGE 2018 Jun 22 09:51
රාජ්‍ය ආයතන නඩත්තුවට වසරකට රුපියල් බිලියන 450 ක් වැය වන බව සභානායක ලක්ෂ්මන්...
Views - 152

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කළ යුතුයි

IMAGE 2018 Jun 22 09:33
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්...
Views - 197

ඇලෝසියස් චෙක් 10,000ක් බැංකු 31කින් නිකුත් කරලා

IMAGE 2018 Jun 22 00:54
පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා සමාගමේ...
Views - 684

අධිකරණ ඇමැතිනිය අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා

IMAGE 2018 Jun 22 00:47
අධිකරණ ඇමැතිනිය කෝට්ටේ සංඝ සභාවට ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන...
Views - 1136

හමුදා බලඇණි 25ක් අහෝසි කිරීමේ නියෝගයක්

IMAGE 2018 Jun 22 00:26
ජිනීවා මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සෙයිද් අල් හුසේන් ඉකුත් සැසි...
Views - 846

මරණයට කැප වූ සුනඛයන් තිදෙනෙකු මුදා ගැනෙයි

IMAGE 2018 Jun 21 16:40
චීන ජාතිකයින් විසින් කොල්ලුපිටිය පාලු නිවසක මස් පිණිස රඳවා සිටි සුනඛයන්...
Views - 1403

ප්‍රාදේශීය සභා පලාත් සභා නිසා රටේ ස්වෛරීභාවය නැති වෙලා

IMAGE 2018 Jun 21 14:33
ජනාධිපතිකමෙත් යම් වාසියක් ඇති බවත් තියෙනවා නමුත් ප්‍රාදේශීය සභා පලාත්...
Views - 849

වැසිකිලි වලකට වැටී දෙදෙනෙක් මරුට

IMAGE 2018 Jun 21 12:30
අරණායක අරම ප්‍රදේශයේ වැසිකිලි වලකට ඇද වැටී 68 හැවිරිදි වයස්ගත අයෙකු හා 36...
Views - 906

නාඋල තරුණයන් දෙදෙනෙක් වන අලින්ට බිලි

IMAGE 2018 Jun 21 10:11
මාතලේ-නාඋල ලිහිනිපිටිය ගම්මානයේදී ඊයේ (20) රාත්‍රියේ වන අලි ප්‍රහාරයකින්...
Views - 1017
එතෙර පුවත්

ඉන්දුනීසියාවේ බෝට්ටු අනතුරක් : 190ක් මරුට

IMAGE 2018 Jun 22 11:18
ඉන්දුනීසියාව කම්පා කළ බිහිසුණු ඛිෙදවාචකයක් පිළිබඳ පුවතක්  වාර්තා විය....
Views - 65

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණේ ඇයි?

IMAGE 2018 Jun 21 10:53
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...
Views - 432

ඇමෙරිකානු රැප් ගායකයා වෙඩි තබා ඝාතනය කරයි

IMAGE 2018 Jun 20 12:43
ඉතා ජනප්‍රිය වූ ගීත ඇල්බමයන් මගින් ලොව පුරා ප්‍රකට වූ ඇමෙරිකානු රැප් ගායක...
Views - 1107

පින්තූර ගැලරිය

IMAGE

අසරණ සතුන්ගේ වරදින් රිය අනතුරු සිදුවන කතාව බොරු !

IMAGE 2018 Jun 22 13:06
දිනපතා මිනිසුන් කිහිපදෙනෙකුට ජීවිත අහිමිකරවමින් තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත්කරවන රිය...
Views - 87

තනි ඇඟිල්ලෙන් පොත් තුනක් ලියූ කීබෝඞ් වීරයා

IMAGE 2018 Jun 21 16:34
නුසේර් යසින් හෙවත් ‘‘‍‍Nas Daily’’ යනු කෙටි වීඩියෝ සහිතව සමාජ ජාලා සංවාද ගොඩනගන ජනප‍්‍රිය...
Views - 243

ලිංගික සේවා මධ්‍යස්ථාන 2කින් කතුන් 11 අත්අඩංගුවට

IMAGE 2018 Jun 20 21:22
කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි...
Views - 926

නිළිකම කියන්නේ පුංචි කා‍ලේ ඉඳන්ම මගේ හිතේ තිබුණු හීනයක්

IMAGE 2018 Jun 18 12:23
මෑත කාලයේ පුංචි තිරයෙන් අප දුටු නිළි පරපුර අතර රුක්ෂානා දිසානායකද ප්‍රේක්ෂක අවධානයට...
Views - 1056

දැවෙන විහඟුන් පෙන්නන්නත් කලින් අනෝමා දෙබරයට ගල් ගසයි

IMAGE 2018 Jun 17 12:19
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස්...
Views - 3748

චම්පා කල්හාරි එක් තැන් වෙයි

IMAGE 2018 Jun 17 12:03
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ සිටම සිය ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු...
Views - 6480

චන්දිමාල්ගේ නිවසට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් කඩා පනී

IMAGE 2018 Jun 17 11:29
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මීට සති දෙකකට පමණ පෙර කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේදී...
Views - 3792

ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ප්‍රහාරයක්

IMAGE 2018 Jun 15 10:16
ෂාරුක් ඛාන් ඉඳහිට නොයෙකුත් අලකලංචිවලට මුහුණ දෙයි. මේ දවස්වලද ඔහු සිටින්නේ තරමක අලකලංචියකට...
Views - 1794

මංගල දින ‘දුසිරිත් වියදමෙන්‘ උගත් පාසලට පොදු සේවා රැසක්

IMAGE 2018 Jun 13 10:19
සිය විවාහ මංගල උත්සවයේදී මත්පැන්, සිගරැට් හා කට ගැස්ම වලට යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත්...
Views - 2020
IMAGE

ධර්මද්වීපයේ නූතන කතාන්දරය

IMAGE 2018 Jun 18 09:19
රටක සහජීවනය නංවාලීමට එ රටෙහි ආගමික ප‍්‍රතිපත්තිය ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබේ. සමාජ පුරවැසියන් විශුද්ධි මාර්ගයේ යැවීමේ ප‍්‍රධාන මාර්ගය එරට...
Views - 235
ව්‍යාපාරික පුවත්

නවතම Huawei Y5 Prime 2018 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

IMAGE 2018 Jun 18 11:23
ශ්‍රී ලංකාවේ අංක එක දක්වා වේගයෙන් වර්ධනය වෙමින් පවතින ස්මාර්ට්ෆෝනයක් වන...
Views - 339

පහසුකම් කළමණාකරණ සේවා සඳහා McPeak Lanka ඇරඹෙයි

IMAGE 2018 Jun 18 11:18
මැක්ඕෂන් ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් (පුද්)සමාගම (මැක්ලරන්ස් සමූහයේ සාමාජික )...
Views - 136

BIG BAD WOLF පොත් අලෙවිය ජුනි 28 සිට ජුලි 8 දක්වා යළි ශ්‍රී...

IMAGE 2018 Jun 07 13:44
ලොව සුපතල පොත් අලෙවියක් වන  BIG BAD WOLF පොත් අලෙවිය යළි  ශ්‍රී ලංකාවේදී ...
Views - 582

කතා මැද කතා

ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ

IMAGE 2018 Jun 17 10:04
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා...
Views - 2291
සුන්දර ලක්බිම

අගනුවර තුළ සැඟවුණු විස්මිත සොබාදම් රජ දහන

IMAGE 2018 Jun 07 11:26
කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව...
Views - 1350

බුදු සිරිතයි ලක් දෙරණයි

කාටූන්

සහන් එළිය

සමහර පිරිමින් දකින විට බියෙන් සිරුර කිලි‍පොලා යන සේවිකාවක්

IMAGE 2018 Jun 15 11:59
“ඩොක්ට” මේක කාටවත්ම කියන්න බැරි ප්‍රශ්නයක් අඩුම තරමින් මම මගේ මහත්තයටවත් කියලා නැහැ” මනෝ වෛද්‍යවරයා හමුවට පැමිණි තරුණ විය නොඉක්මවූ කාර්යාල...
Views - 2014
විමසුම

රුපියල බාල්දුව නවතින හැඩක් නෑ

IMAGE 2018 Jun 14 10:17
ඉකුත් සතියේ සිට ඇමෙරිකන් ඩොලරයක් සඳහා රුපියල් 160ක් ගෙවීමට සිදුවිය. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවනු ලබන උපරිම මිලයි. ශ්‍රී ලංකා මහ...
Views - 678
මානිගේ තීරුව

කිම් ජොං උන් හොඳායි !

IMAGE 2018 Jun 17 10:12
මේ සතිය වනතුරුම ලෝකයා හිතාගෙන සිටියේ උතුරු කොරියානු නායකයා මහ එපා කරපු එකෙක් හැටියටය. එහෙත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 12 වැනිදා...
Views - 1184
ධර්ම ශ්‍රී‍ ගේ සමයං

ස්වාසිලන්තයෙන් හෝ ගෙනත් තව තවත් ඇමැති පදවි දෙමු

IMAGE 2018 Jun 19 11:48
රටවැසියාගේ බලා‍පොරොත්තුවක් ඉෂ්ඨ වුණේය. එය ඉටුවෙනතුරු ජනතාව බලා සිටියෝය. ඒ නොකා නොබිය. රටේ දියුණුව පතන ජනතාව එහෙමය. ඇමැති මණ්ඩලය තවත් වැඩි කළ යුතුය....
Views - 437
විශේෂ පුවත්

ජන හද ජයගත් ‍පොදු ජන ජනපති

IMAGE 2018 Jun 22 12:10
නැතිබැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් බවට පත් කිරීම ඒ උදාර නායකයාගේ  ජීවිත...
Views - 54

පාසල්වලින් බිහි කළ යුත්තේ රටට ආදරය කරන දරුවන්

IMAGE 2018 Jun 22 12:00
අද රජයන් පනවන නීති රීති නිසා ජාතිකත්වයට සංස්කෘතියට රටට දැයට ඇති ආදරය...
Views - 41

පන්නිල ආනන්ද නාහිමිගේ මැදිහත්වීමෙන් වතුපිටිවල රෝහලට කෝටි 2ක...

IMAGE 2018 Jun 21 11:52
අත්තනගල්ල අරහත්ත රජ මහා විහාරාධිපති  සිනාදී සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක...
Views - 133

සදහටම නිහඬ වූ අභිමානනීය ස්වරය

IMAGE 2018 Jun 20 12:26
මෙරට ගීත කලාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ ගායන ශිල්පියකු...
Views - 307

ලෝකයේ දූෂිතම ගංගා අතරට මහවැලි ගඟත්

IMAGE 2018 Jun 19 14:23
අක්‍රමවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඉදිරි දස වසර තුළදී ලෝකයේ දූෂිතම...
Views - 410

නිමක් නැති පිය සෙනෙහස

IMAGE 2018 Jun 19 13:31
රෝග කිහිපයකින් පෙළෙන අසූනව වියැති පියෙකු අවුරුදු පනස් නවයක් වයසැති ආබාධිත...
Views - 682

පුටින් ට එරෙහිව සත් දෙනෙකු තරග කරන රුසියානු ජනාධිපතිවරණය

මෙම සතිය තුළ ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ සිදුවීමට නියමිතව ඇති  ඉතා වැදගත් සිදුවීමක් වන්නේ රුසියාවේ ජනාධිපතිවරණයයි. ලොව සුපිරි බලවතෙකු වන රුසියාවෙහි ජනාධිපතිවරණය පිළිබඳව මේ වනවිට කාගේත් විශාල අවධානයක් යොමු වී තිබිම පුදුමයට කාරණයක් නොවේ.
මේ ආකාරයෙන් ජාත්‍යන්තර වශයෙන් ලොකු අවධානයක් මේ කෙරේ යොමු වුවත් එම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මේ වනවිටත් ප්‍රකාශයට පත්ව අවසන් තත්ත්වයක් දකින්නට ලැබෙන බවද සඳහන් කළ හැකි වෙයි. මන්දයත්, වත්මන් ජනාධිපති ව්ලැද්මීර් පුටින් මෙවරත් ඉතා පහසුවෙන් ජයගනු ඇති බව ඉතා පැහැදිලි බැවිනි. මෙම ප්‍රතිඵලය කෙතරම් ස්ථිරද යත් මෙය පුටින්ට පවා කම්මැලි ජනාධිපතිවරණයක් බවට පත්ව තිබෙනවා විය හැකි යයි එක් ‍ලේඛකයෙකු සඳහන් කර තිබිණි.
2000 වසරේ පළමුවරට රුසියාවේ ජනාධිපති පදවියට පත් පුටින් මේ වනවිට වසර 14 ක් එම ධුරයේ කටයුතු කර තිබේ. 2000 සිට 2004 දක්වා සිය පළමු ධුරකාලයේ කටයුතු කිරීමෙන් පසු 2004  පැවැති ජනාධිපතිවරණයෙන්ද ඔහු ජය ලැබුවේය. ඊළඟට 2008 ජනාධිපතිවරණයට පුටින් ඉදිරිපත් නොවුණේ පිට පිට තුන්වරක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට රුසියානු ව්‍යවස්ථාව අනුව හැකියාවක් නැති බැවිනි. 2008 සිට 2012 දක්වා එරට ජනාධිපති ධුරය දැරුවේ පුටින්ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ද්මිත්‍රි මෙද්වදෙව්ය. ඔහු ජනාධිපති පුටුවේ සිටියද තිරය පිටුපස සිට රට මෙහෙයවූයේ පුටින්ම බවට පිළිගැනීමක්ද තිබේ. 2012 ජනාධිපතිවරණයට පුටින් නැවතත් ඉදිරිපත් වූ අතර එයින්ද ජයගෙන මේ වනතුරුම එම ධුරය දරමින් සිටියි. 2012 දක්වාම ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 4 කට සීමා වුවද 2012 සිට එය වසර 6 දක්වා දීර්ඝ කෙරිණි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය මාර්තු 18 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබේ. එයින්ද ජය ලැබුවහොත් පුටින් තවත් වසර 6 ක් රුසියානු ජනාධිපති ධුරය දරනුු ඇති අතර එවිට ඔහුගේ සමස්ත ධුර කාලය වසර 20 ක් දක්වා ඉහළ යනු ඇත. මේ අතර කතාබහට ලක්වන තවත් විශේෂ කාරණයක්ව ඇත්තේ වැඩිම කාලයක් රුසියාවේ නායකත්වය දැරූ පුද්ගලයා ලෙස ඔහු වාර්තාවක් පිහිටුවනු ඇත්ද යන්නය. දැනට එම වාර්තාවට හිමිකම් කියන්නේ 1922 සිට 1952 දක්වා  වසර 30 ක් සෝවියට් රුසියාවේ නායකත්වය දැරූ ජෝසෆ් ස්ටාලින්ය.
65 වැනි වියේ පසුවන පුටින්ගේ ජනප්‍රියත්වය මේ වනවිට පවතින්නේ ඉතාම ඉහළ මට්ටමකය. මෑතක පවත්වා ඇති ජනමත සමීක්ෂණ බොහොමයකින් මේ බව සනාථ වී ඇති අතර ඔහුගේ ජනප්‍රියතා මට්ටම මේ වෙද්දී සියයට 80 කට වඩා ඉහළ අගයක් ගන්නා බව සඳහන් වෙයි.
ඒ අතර ඔහුට තරගයක් දිය හැකි මට්ටමේ ප්‍රතිවාදියෙකු නොමැති වීමද කැපී පෙනෙන කාරණයකි. කාලයක් තිස්සේම පුටින්ගේ ප්‍රධානම විවේචකයා ලෙසත්, ප්‍රධාන ප්‍රතිවාදියා ලෙසත් සැලකෙන්නේ 41 හැවිරිදි ඇලෙක්සි නවල්නි ය. නමුත් මේ වනවිට ඔහු වංචා චෝදනාවක් මත වරදකරුවෙකු කර තිබෙන බැවින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට හැකියාවක් නොමැත. නමුත් නවල්නි මෙන්ම ඇතැම් දේශපාලන නිරීක්ෂකයන්ද සඳහන් කරන්නේ මෙම චෝදනාව ඔහු දේශපාලන වශයෙන් නිහඬ කිරීමට කළ ව්‍යාජ චෝදනාවක් බවයි. ඇතැමුන් පවසන ආකාරයට පුටින් වඩාත්ම බියක් දක්වන දේශපාලන චරිතය නවල්නි ය. නවල්නි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණද ඔහු වෙනත් ආකාරයක ව්‍යාපාරයක් සංවිධානය කරමින් සිටියි. ඒ ජනාධිපතිවරණය වර්ජනය කිරීමට ඡන්දදායකයන් පෙළඹවීම සඳහා ය. යම් හෙයකින් ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට එන ඡන්දදායකයන් සංඛ්‍යාව කැපී පෙනෙන ආකාරයෙන්  පහත වැටුණහොත් එය පුටින්ට කිසියම් කණස්සල්ලක් ඇති කරන්නක් වනු ඇත. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරණයේ වලංගු බව පිළිබඳ ප්‍රබල චිත්‍රයක් ජාත්‍යන්තරය තුළ ඇති කිරීම තරමක් අපහසු වනු ඇති බැවිනි. පුටින්ගේ බලා‍පොරොත්තුව බව පැවසෙන්නේ සියයට 70 ක පිරිසක් ඡන්දය පාවිච්චි කිරීම සහ එයින් සියයට 70 ක් ඔහුට ඡන්දය දීම බව පැවසේ.
පුටින්ගේ  සුවිශේෂී ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ් ඔහු ශක්තිමත් දේශප්‍රේමියෙකු ලෙස රටේ ජනතාව තුළ තහවුරු වී ඇති ප්‍රතිරූපය යයි සඳහන් කළ හැකිය. විශේෂයෙන්ම කාලයක් තිස්සේ බටහිර බලවතුන්ගෙන් රුසියාවට එල්ල වෙමින් ඇති තර්ජන හමුවේ රුසියාව නැවත ජාත්‍යන්තර තලයේ ශක්තිමත්, කැපී පෙනෙන රාජ්‍යයක් බවට පත් කළේ පුටින් බවට ජනතාව තුළ ලොකු විශ්වාසයක් පවතී. අද වනවිට ඒ අතින් රුසියාව සිටින්නේ ප්‍රබල තත්ත්වයක බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙයට වසර කිහිපයකට පෙර ක්‍රිමියාව  යුක්රේනයෙන් රුසියාවට ඈඳා ගැනීමේ සිද්ධියද මෑත කාලයේ පුටින්ගේ වීරත්වය ඉහළ නැංවූ අවස්ථාවක් විය. ක්‍රිමියාව නවසිය පනස් ගණන් වනතුරු පැවැතියේ රුසියාවේ කොටසක් වශයෙනි. නමුත් 1954 දී එය යුක්රේනය හා සම්බන්ධ කෙරුණි. ඒ එකල පැවැති සෝවියට් සමූහාණ්ඩුව තුළ සිදු වූ ක්‍රියාවලියක් වශයෙනි. නමුත් රුසියානු ජාතිකවාදීන් කවදත් සිටියේ ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් භූමියක් වූ ක්‍රිමියාව නැවත රුසියාවට ඇඳාගත යුතුය යන ස්ථාවරයේය. 2014 වසරේ පුටින් විශාල ජාත්‍යන්තර විරෝධයක් හමුවේ පවා ක්‍රිමියාව යුක්රේනයෙන් නැවත රුසියාවට ඈඳා ගැනීමට කටයුතු කළ අතර එය රුසියාව තුළ ඔහුගේ ජනප්‍රියත්වය විශාල ලෙස ඉහළ නැංවූ අවස්ථාවක් බවට පත් විය. යුක්රේනයේ පැවැති රුසියන් හිතවාදී පාලනය වෙනුවට ඒ වෙද්දී බටහිරට හිතවත් පාලනයක් එහි ස්ථාපිත වෙමින් තිබිම නිසා පුටින්ගේ ක්‍රියාවේ ‘’දේශප්‍රේමිත්වය’’ වඩාත් කැපී පෙනුණු බව පැවැසිය හැක.
මෑත කාලයේ මැද පෙරදිග  කලාපය තුළද රුසියාවේ බලය වර්ධනය වෙමින් ඇති අන්දම දැකිය හැකි වෙයි. මෙය මේ වනවිට ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ටද බලවත් හිසරදයක් බවට පත්ව තිබෙන කාරණයකි. බටහිරට හිසරදයක් වුවද, රුසියාවේ මෙම බලවත් වීම රට තුළ පුටින්ට ඇති ආකර්ශනය සහ ඔහුගේ වීරත්වය වඩාත් ඉහළ දමන්නකි. එමෙන්ම රුසියාවට එරෙහිව බටහිර කඳවුර විවිධ කෙණහිලිකම් සහ කුමන්ත්‍රණ කරන තරමට පුටින්ගේ ජනප්‍රියත්වය ඉහළ යන අන්දම දැකිය හැකි වෙයි. ක්‍රිමියාව ඈඳාගත් අවස්ථාවේ රුසියාවට එරෙහිව බටහිර කඳවුර සම්බාධක රැසක් පැනවූ අතර මෙවැනි කෙණහිලිකම්වලට එඩිතරව මුහුණ දුන් නායකයෙකු ලෙස පුටින් ජනතාව අතර ගෞරවයට පාත්‍ර විය. මේ වනවිට තෙල් මිල පහළ යාම නිසාත්, බටහිර සම්බාධක නිසාත් රුසියානු ආර්ථිකය කිසියම් මන්දගාමී තත්ත්වයක පැවැතියත් පසුගිය කාලයේ රුසියාව ආර්ථික වශයෙන් ද යම් ස්ථාවරත්වයකට පත් කිරීමේ ගෞරවයද ඔහුට හිමි වන බව රහසක් නොවේ.  කෙසේ නමුත් පුටින්ට එරෙහිව මතු වන දරුණුම විවේචනයක් වී තිබෙන්නේ ඔහුගේ කාලය තුළ රටේ වංචා දූෂණ විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි යන්නයි.
ලබන 18 වෙනි දින පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තවත් අපේක්ෂකයන් සත්  දෙනෙකු තරග කරන බවද අමතක කළ හැකි කාරණයක් නොවේ. සෙනියා සොබ්චැක්, පාවෙල් ගෘඩිනින් ඒ අතරින් වඩාත් කැපී පෙනෙන අපේක්ෂක දෙ‍පොළකි. ගෘඩිනින් දවෛනි තැන දිනාගනු ඇතැයි පැවසුණත් සමීක්ෂණ අනුව පෙනී යන්නේ ඔහුට  සියයට 8 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අපහසු වන ආකාරයකි. තරුණ කාන්තාවක වන සොබ්චැක් රූපවාහිනි ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය තරුවකි. කෙසේ නමුත් පුටින්ට එරෙහිව මේ ආකාරයෙන් තරග වදින අපේක්ෂකයින් ද බොහොමයක් පුටින්ගේම ඉත්තන් බවටද රාවයක් පවතී. ජනාධිපතිවරණයේ වලංගු බව වැඩි කරනු පිණිස මේ ආකාරයෙන් අපේක්ෂකයින් යොදවා ඇති බව එහිදී මතු කරන තර්කය වී තිබේ.
ජනාධිපතිවරණයෙන් පුටින් ජය ගැනීම බොහෝ දුරට ස්ථිර වුවත් ලොව පුරා කව්රුත් බලා සිටින කාරණාව වී ඇත්තේ ඔහුගේ ජයග්‍රහණයේ විශාලත්වය කෙතරම් වනු ඇත්ද යන්නයි. කෝටි 11 කට ආසන්න සංඛ්‍යාවක් මෙවර ඡන්දය පාවිච්චි කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.

කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGEක්‍රිකට්

චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් සටනට ක්‍රීඩා කිරීමේ අවස්ථාව

IMAGE 2018 Jun 22 10:59
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු වී තරග තහනමකට ලක්වූ ශ්‍රී ලංකා නායක...
Views - 78

හතුරුසිංහ සහ ගුරුසිංහටත් අයි.සී.සී.යෙන් චෝදනා

IMAGE 2018 Jun 21 08:23
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ශා. ලුසියාහි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කරීමේ චෝදනාවට වැරදිකරු බවට අයි.සී.සී.ය...
Views - 174
IMAGEමලල කී‍්‍රඩා

ලෝකඩ පදක්කම්ලාභී දිනූෂාට ගුවන් හමුදාවෙන් උසස්වීමක්

IMAGE 2018 Jun 22 10:43
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී පැවැති 21 වැනි ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේදී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් (කි.ග්‍රෑම් 48) ශ්‍රී ලංකාවට ලෝකඩ...
Views - 29

මයිලෝ පාසල් සහාය දිවීමේ තරගාවලිය 24දා ඇරඹෙයි

IMAGE 2018 Jun 21 08:38
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන මයිලෝ සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලිය ජුනි 24දා සිට 26 දා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී...
Views - 90
IMAGEරග්බි

අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි සමස්ත ශූරතාව සී.එච්.ට

IMAGE 2018 Jun 19 12:20
ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සී.එච්. සමත් විය. මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාව ගුවන් හමුදාවට හිමිවූ...
Views - 71

ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් අවසන් පූර්ව වටයට

IMAGE 2018 Jun 18 09:14
මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් පරාජිතයන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශා. ජෝසප් සහ කිංග්ස්වුඩ් සමත් විය. කොළඹදී පැවැති...
Views - 175
IMAGE වෙනත් කී‍්‍රඩා

උරුගුවේ සහ රුසියාව අවසන් 16 අතරට

IMAGE 2018 Jun 22 10:49
ලෝක කුසලාන පාපන්දු තගාවලිය යටතේ පැවැති උරුගුවේ සහ සෞදි අරාබිය අතර තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කළ උරුගුවේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබිමට සමත් විය....
Views - 29

ස්විට්සර්ලන්තය හමුවේ ප්‍රබල බ්‍රසීලය පසු බසියි

IMAGE 2018 Jun 19 12:15
ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ තවත් පෙරළියක් සිදු කරමින් ප්‍රබල බ්‍රසීලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත්...
Views - 201

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.