Coss Ear2
lakbima.lk
COSS Ear 1

දකුණු අප්‍රිකාවේ ජේකබ් සූමාත් ජනාධිපතිකමෙන් විසි වෙයිද?

අප්‍රිකානු දේශපාලන කරළියේ පසුගිය දිනවල රඟ දැක්වුණු ප්‍රබලම නාටකය වූයේ සිම්බාබ්වේ හි හමුදා මෙහෙයුමකින් පසු, වසර 37ක් තිස්සේ එරට පාලකයා වූ රොබට් මුගාබේ බලයෙන් පහ කර හිටපු උප ජනාධිපතිවරයෙකු වූ එමර්සන් ම්නැන්ගග්වා  ජනාධිපති ධුරයට ගෙන ඒමයි. මෙම සිදුවීම් දාමයෙන් පසු දැන් තවත් අප්‍රිකානු රටක නායකත්වය හා බැඳුණු තවත් වැදගත් සිදුවීම් පෙළක් ජාත්‍යන්තර අවධානය දිනාගනිමින් සිටියි. ඒ අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රධානම රටක් වන දකුණු අප්‍රිකානු දේශපාලනය තුළයි.
දකුණු අප්‍රිකාවේ වත්මන් ජනාධිපතිවරයා වන්නේ ජේකබ් සූමායි. 2009 වසරේ එම ධුරයට පත් ඔහු මේ ගෙවමින් සිටින්නේ ඔහුගේ දෙවැනි ධුර කාලයේ අවසන් අදියරයි. 2019 වසරේ එරට මීළඟ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී වෙනත් ජනාධිපතිවරයෙකු පත්වීමට නියමිතව තිබේ. දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව අනුව එක් අයෙකුට ජනාධිපති පදවිය දැරිය හැක්කේ  පස් වසර බැගින් දෙවතාවක් පමණි. නමුත් සූමා ට සමහර විට නියමිත කාලයට කලින්ම ධුරයෙන් සමුගන්නට සිදුවිය හැකි බවටද මේ වනවිට අදහස් පළවෙමින් තිබේ. එයට හේතු වී ඇත්තේ පසුගිය දා දකුණු අප්‍රිකානු දේශපාලන ක්‍ෂේත්‍රයේ සිදු වූ තවත් වැදගත් සිදුවීමකි. එනම් සූමාද අයත්, එරට ආණ්ඩු බලය හිමි පක්ෂය වන අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් පක්ෂයට නව නායකයෙකු තෝරා පත් කරගනු ලැබිමයි. ඒ අනුව දැන් එම පක්ෂයේ නායකයා වන්නේ ජේකබ් සූමා නොව කලින් උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සිරිල් රම‍පෝසාය.
2007 වසරේ සිටම දස වසරක් එහි නායකයා වූයේ සූමා යි. පක්ෂ සභාපති ලෙස ඔහුගේ ධුර කාලය පසුගියදා අවසන් වූ අතර නව සභාපතිවරයෙකු පත් කරගැනීම සඳහා පක්ෂය තුළ ඡන්ද විමසීමක් පැවැත්විණි. එහිදී පක්ෂයේ නව නායකයා වීම සඳහා දෙදෙනෙක් තරග වැදුණහ. ඒ, උප ජනාධිපති වූ රම‍පෝසා සහ සූමාගේ කලින් බිරිඳ වූ කොසසානා ද්ලාමිනි සූමා  ය. පසුගිය සතියේ පැවැති මෙම ඡන්ද විමසීමේදී ඉතා තියුණු තරගයක් දැකිය හැකි විය. කෙසේ හෝ වේවා, අවසානයේ ජයග්‍රහණය හිමි වූයේ රම‍පෝසා ටය. යම් හෙයකින් ද්ලාමිනි සූමා ජය ගත්තා නම් පක්ෂයේ  මීළඟ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වන්නේද ඇයයි. එසේ වූවා නම් තවදුරටත් දකුණු අප්‍රිකානු දේශපාලනය තුළ ජේකබ්  සූමාගේ සෙවනැල්ල ක්‍රියාත්මක වීමට ඉඩ තිබුණු බවටද බොහෝ නිරීක්ෂකයෝ අදහස් පළ කළහ. විශාල වශයෙන් වංචා දූෂණ චෝදනාවලට ලක්ව සිටින සූමා මේ වනවිට රටේ බොහෝ  පාර්ශ්ව අතර අප්‍රසාදයට පත්ව සිටින චරිතයකි. සිරිල් රම‍පෝසා ඔහුගේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළද පසුගිය කාලයේ බොහෝ අවසථාවල ඔහුද සූමාගේ කටයුතු විවේචනය කළේය.  දෙදෙනා අතර පැවැතියේ එතරම් යහපත් ඇයි හොඳයියක් නොවේ. කෙසේ නමුත් තවමත් සූමාට පක්ෂවද විශාල බලවේගයක් රට තුළ ක්‍රියාත්මක වන බවද දැකිය හැකි වෙයි. ද්ලාමිනි සූමා දකුණු අප්‍රිකාවේ මීළඟ ජනාධිපතිවරිය වූවා නම් සූමාට එරෙහිව පවතින දූෂණ චෝදනාද යටයන්නට ඉඩ තිබුණු බවටද අදහස් ඉදිරිපත් විය.
සිරිල් රම‍පෝසා සැලකෙන්නේ වංචා දූෂණවලට එරෙහිව ලොකු හඬක් නගන අයෙකු වශයෙනි. (ඔහු දකුණු අප්‍රිකාවේ වීරයා වන නෙල්සන් මැන්ඩෙලා විසින්ද වඩාත් ප්‍රිය කරනු ලැබූ චරිතයකි.  1994 වසරේ මැන්ඩෙලා ජනාධිපති පදවිය බාර ගනිද්දී උප ජනාධිපති පදවියට ඔහුගේ තේරීම වී ඇත්තේ රම‍පෝසා ය. එමෙන්ම තමාගෙන් පසු එරට ජනාධිපති පදවියටද ඔහු පත්වනු දැකීම මැන්ඩෙලාගේ අභිප්‍රාය වූ බව සඳහන් වේ. නමුත් යම් යම් හේතූන් නිසා එම තත්ත්වය වැළකී ගොස් තිබිණි. ඒ පිළිිබඳව විවිධ අර්ථකතන ඇති ආකාරයක්ද දැකිය හැකි වෙයි.)
මෙවර රම‍පෝසා අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායකත්වයට තරග කරද්දී ඔහුගේ ප්‍රධාන සටන්පාඨය වූයේ  ද වංචා දූෂණවලට එරෙහිව සටන් කරන බවයි. එහිදී ඔහුගේ ප්‍රධානම ඉලක්කය බවට පත් වනු ඇත්තේ වත්මන් ජනාධිපති සූමා බව අමුතුවෙන් කිව යුතු නොවේ. පසුගිය කාලයේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ජනප්‍රියත්වය වේගයෙන් දියවී යන ආකාරයක් පෙන්නුම් කළ අතර වංචා දූෂණ පිළිබඳ චෝදනාද ඊට ප්‍රධාන හේතුවක් විය. මෙම පසුබිම තුළ සමහර විට සූමාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල විය හැකි බව ඇතැම් නිරීක්ෂකයන් පෙන්වා දෙන අතර එසේ අස් නොවුණහොත්   ඔහු ධුරයෙන් ඉවත් කරනු පිණිස පක්ෂය ක්‍රියා කිරීමට ඉඩ ඇති බවද පෙන්වා දෙනු ලැබේ. එසේ වුවහොත් ජනාධිපති ධුරයට තාවකාලිකව පත් වන්නේ උප ජනාධිපති රම‍පෝසාය. මේ මගින් පක්ෂය තුළ බලවතුන් දෙදෙනෙකු සිටීමේ තත්ත්වයද තුරන් කිරීමට පිළිවන් වනු ඇතැයි බලා‍පොරොත්තු විය හැකිය. පක්ෂ නායකයා ලෙස රම‍පෝසා සිටියදී, ජනාධිපති ලෙස සූමා කටයුතු කිරීම නිසා පක්ෂය තුළ ප්‍රබල බළ කඳවුරු දෙකක් තිබිමෙන් ඇති වන ගැටුම  මේ මගින් අවම කිරීමට හැකිවනු ඇති බව සමහරුන්ගේ මතය වී ඇති බව පෙනේ.
නමුත් රම‍පෝසාගේ නායකත්වය යටතේ සූමා ට එරෙහිව එවැනි පියවරක් ගැනීමට විරුද්ධවද අදහස් පලවෙනු දක්නට ලැබේ. සූමා නිසි කාලයට පෙර ඉවත් කිරීමට පියවර ගතහොත් පක්ෂය තුළ විශාල බෙදීමක් ඇති වනු ඇතැයි ඇතැම්හු අනතුරු අඟවති.
මේ වනවිට සූමාට එරෙහිව ඇති දූෂණ චෝදනා අතර අවි ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති චෝදනා ප්‍රධාන තැනක් ගනියි. මීට අදාළව චෝදනා 18 ක් පිළිබඳ අවධානය යොමුව තිබේ. එයට අමතරව ගුප්තා පවුල නමැති ව්‍යාපාරික පවුලක් සමග සූමා පැවැත්වූ  සැක කටයුතු සම්බන්ධතා පිළිිබඳවද චෝදනා එල්ල වී ඇත. මෙම දූෂිත සබඳතා හරහා ඉහත කී ගුප්තා පවුලට විශාල වශයෙන් රජයේ කටයුතුවලට මැදිහත් වීමටත්, ඔවුන්ට වාසි සහගත ආකාරයේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවා ගැනීමටත් හැකි වූ බවට චෝදනා නැගිණි.
කෙසේ හෝ වේවා, මෙම පසුබිම තුළ ජේකබ් සූමා සම්බන්ධයෙන් ඉදිරියේදී ඇති විය හැකි නව තත්ත්වයන් පිළිබඳව මේ වනවිට රට තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල අවධානයක් යොමුව ඇති බව පැහැදිලිව දැකිය හැකි වෙයි.

නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 46

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2325

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3304

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3558

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1441

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3431

Please publish modules in offcanvas position.