Coss Ear2
lakbima.lk
COSS Ear 1

ටෙක්සාස් ඝාතකයා ගැන තොරතුරු ගුවන් හමුදාව නිකුත් කොට නැති බවට හෙළිිදරව්වක්

ටෙක්සාස්හි දේවස්ථානයකට ගොස් විසිහය දෙනකු වෙඩි තබා ඝාතනය කළ තුවක්කුකරුගේ අතීත අපරාධ වාර්තාව ජාතික තොරතුරු ඒකකයට ඇතුළත් කිරීමට ඔහු සේවය කළ ඇමෙරිකානු ගුවන් හමුදාවට නොහැකිවීම ගැන පරීක්ෂණයක් අරඹා තිබේ. 2012 දී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සිරගත කරනු ලැබූ ඩෙවින් පැට්‍රික් කෙලීට තුවක්කු මිලයට ගැනීම හා භාවිත කිරීම තහනම් කොට තිබිණි.
කෙසේ වුවද පසුගිය වසරේදී රයිෆලයක් මිලයට ගැනීමට ඔහුට හැකි වූ අතර සැන් ඇන්ටෝනියෝ අසල කුඩා දේවස්ථානයේ රැස්ව සිටි පිරිසට ඔහු වෙඩි තබා තිබුණේ එම රයිෆලයෙනි. ඉන්පසු තම මෝටර් රියට නැගී පලාගිය ඔහු පසුව එම රිය තුළම මියගොස් සිටියදී හමුවිය.
ඔහුගේ මරණය සිදුව ඇත්තේ සිදුවීම දුටු අවට ජනතාව ඔහු හඹා ඒමත් සමග තමාගේම රයිෆලයෙන් වෙඩි තබාගැනීමෙන් බව වාර්තා වෙයි. 
ලුහුබැඳ ආ එක් අයෙක්ද ඔහුගේ පාදයකට හා කුසට වෙඩි තැබූ බව ‍පොලීසිය කියයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.