Coss Ear2
lakbima.lk
COSS Ear 1

චීන ජනපති රටේ ඉහළම තනතුරු සඳහා නිලධාරීන් පත්කරයි

තම ‍‍‍ජ්‍යෙෂ්ඨ නායක කමිටුව චීන ජනපතිවරයා විසින් නම් කොට ඇති අතර මතෛක් පැවැති සම්ප්‍රදාය කඩමින් තමාගේ අනුප්‍රාප්තිකයකු නම් කොට නැත.  
ඒ අනුව චීන ජනපතිවරයාගේ බලය ඉදිරි වසර පහට තහවුරු කෙරෙන අතර ඇතැම් විට එම කාලය ඊටත් වැඩිවනු ඇත. ජනපති ෂි ජින් පින්ගේ න්‍යායන් ව්‍යවස්ථාවට ඇතුළත් කොට දිනකට පසු මෙම තනතුරුවලට සුදුස්සන් නම් කිරීම සිදු විය. චීනයේ සත් දෙනකුගෙන් සමන්විත වඩාත් බලවත් කමිටුව අතරින් පස් දෙනකු පමණක් පැරණි නිලධාරීන් වෙනුවට අලුතින් පත්කරන ලදී.
තමාගෙන් පසු ජනපති තනතුරට වෙනත් අයකු නම් නොකිරීම හේතුවෙන් චීන ජනපතිවරයා කෙතරම් කලක් තනතුරෙහි රැඳී සිටින්නට උත්සාහ කරන්නේද යන්න ගැන සැකයක් මතුවෙයි. හැටහතර හැවිරිදි ජනපතිවරයා හැරුණු කොට කමිටුව තුළ තවදුරටත් රැඳී සිටින අනෙක් හිටපු සාමාජිකයා වන්නේ හැට දෙහැවිරිදි අගමැතිවරයාය.
 
සී.එන්.එන්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.