Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජනතාව ඉර්මා සුළි කුණාටුවෙන් වැනසුණු නිවෙස් වෙත

ෆ්ලොරිඩාවේ ඉර්මා සුළි කුණාටුව බලපෑ ප්‍රදේශ වෙත පැමිණෙන ජනතාවට මුළු නිවාසවලින් කාලක් පමණ සම්පූර්ණයෙන් වැනසී ඇති ආකාරය දැකගන්නට ලැබි තිබේ. පැයකට කිලෝමීටර් එකසිය අනූදෙකක වේගයෙන් ඇදීගිය ඉර්මා සුළි කුණාටුවෙන් නිවාස රැසක් විනාශ වී ඇති අන්දම මාධ්‍ය වාර්තා කර තිබේ. ජලය හා ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන හදිසි සහන සේවා කණ්ඩායම් කුණාටුව වැඩිම විපතක් කළ ප්‍රදේශ වෙත ගොස් සිටිති.
ප්‍රාන්තය පුරා ඉර්මා කළ හානිය සොයා බැලීිමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිනයේ එහි සංචාරය කිරීමට නියමිතය. සති දෙකක් තුළ කුණාටුවෙන් විපතට පත් ජනතාව බැලීමට ට්‍රම්ප් යන තෙවැනි අවස්ථාව මෙය වන අතර මෙවර බිරිඳ මෙලානියාද ඔහු සමග යන බව වාර්තාවේ.
 
සී.එන්.එන්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.