Coss Ear2
lakbima.lk
COSS Ear 1

සමලිංගික විවාහයන් ගැන ඕස්ට්‍රේලියාවේ තැපැල් ඡන්දයක්

සමලිංගික විවාහයන් නීතිගත කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට ඕස්ට්‍රේලියානු රජය තැපැල් මගින් ඡන්ද පත්‍රිකා යැවීම අරඹා තිබේ. මේ හරහා නීතිය වෙනස් කළ නොහැකිවුවද වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණොත් එය පාර්ලිමේන්තුවේදී නීතිය සම්මත කරගැනිමට උපයෝගීි වනු ඇත. අගමැති මැල්කම් ටර්න්බුල් ඇතුළු දේශපාලකයින් පවසා ඇත්තේ තමා මෙම යෝජනාවට සහය පළ කරන බවය. ලබන නොවැම්බර් හත්වැනිදා දක්වා තැපැල් මගින් තම අදහස් පළකිරීමට ජනතාවට ඉඩ ලැබෙන අතර නොවැම්බර් පහළොස්වැනිදා වනවිට එහි ප්‍රතිඵල ලැබෙනු ඇත. ඡන්ද පත්‍රිකා තැපෑලෙන් යැවීම ඇරඹීමත් සමග දේදුනු පැහැයෙන් ඇඳුම් ඇඳගත් ඕස්ට්‍රේලියානුවන් දහස් ගණනක් වීදි බැස මෙම යෝජනාවට පක්ෂව රැලියක් පැවැත්වූහ.
 
නිශානි දිසානායක
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.