Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉර්මා සුළි කුණාටුව කැරිබියන් දූපත් වනසයි

ගොඩනැගිලි බිමට සමතලා කරමින් හා හත්දෙනකුට මරු කැඳවමින් ඉර්මා සුළි කුණාටුව කැරිබියන් දූපත්වලට මහත් හානියක් සිදුකොට තිබේ.බාබුඩා නම් කුඩා දූපත තවදුරටත් මිනිස් වාසයකට සුදුසු නොවන පරිදි විනාශ වී ගොස් ඇති බවද ප්‍රංශ දේශ සීමාවේ පිහිටි සෙන්ට් මාටින් දූපත සම්පූර්ණයෙන් විනාශ වී ගොස් ඇති බවද වාර්තාවේ. සිදුවූ විපත කළ පාඩුව තවම ගණන් බලා නැති අතර ඉදිරි දිනවලදී මියගිය ගණන තවත් වැඩිවිය හැකි බව කියැවේ. මේ අතර තවත් කුණාටු දෙකක්ද චණ්ඩ මාරුතයන් බවට පත්වන ලකුණු දකින්නට තිබේ. වැඩිම අගය වන පහේ කාණ්ඩයේ සුළි සුළඟක් වන ඉර්මා මේ වනවිට ඇමෙරිකාවේ උතුරින් පිහිටි පුවටෝ රිකෝ මතින් හමායමින් පවතින බව කියැවේ.
ඉර්මා සමග ආ මහ වැසි හා දැඩි සුළං හේතුවෙන් පුවටෝ රිකෝ හි මිලියන තුනක් වන ජනතාවෙන් අඩකටම විදුලිය විසන්ධි වී ඇති අතර දින ගණනාවකට විදුලිය නොලැබෙනු ඇතැයි කියැවේ.අත්ලාන්තික් කලාපයේ එතෙක් මතෛක් හැමූ බලවත්ම කුණාටුව වන මෙය පැයකට කිලෝමීටර් දෙසීය අනූපහක වේගයෙන් හමාගිය අතර අද දිනයේදී ඩොමිනිකන් ජනරජයේ උතුරු කොටසට කඩා වදිනු ඇතැයි පැවැසෙයි. 

බි.බි.සී.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.