Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිරියාවේ රසායනික පද්ධතියකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

ඊශ්‍රායල ජෙට් යානා තම රටේ බටහිර පිහිටි හමුදා කඳවුරකට පහරදුන් බව සිරියාව කියා සිටින අතර ආරංචිය පැතිර යන්නේ එම ප්‍රහාරය එල්ලවූයේ සිරියාවේ රසායනික අවි කම්හලකට බවය. එරට හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙනුයේ ලෙබනන් අහස් සීමාවේ සිට එවූ රොකට් ප්‍රහාර මස්යාෆ් අසල හමුදා කඳවුරට පතිත වීමෙන් සොල්දාදුවන් දෙදෙනෙක් මියගිය බවයි.රසායනික අවි කම්හලකට මෙම ප්‍රහාරය එල්ලවූ බව කියැවෙන්නේ නිල නොවන අරාබි මාධ්‍ය තුළිනි.
මීට පෙරද සිරියාවේ රසායනික අවි කම්හල් වෙත ප්‍රහාර එල්ලකොට ඇති බව කියැවෙන ඊශ්‍රායලය මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කොට නැත. පසුගිය අප්‍රේල් මාසයේදී කැරලිකරුවන් අල්ලාගෙන සිටි නගරයකට සිරියානු හමුදාව රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවට ඇමෙරිකාව සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වී දිනකට පසු මෙම ප්‍රහාරය ගැන වාර්තා විය.

සී.එන්.එන්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.