හාවි සුළිසුළඟ කළ විනාශයෙන් ටෙක්සාස් ප්රාන්තය යළි ගොඩනැංවීමට ඇමෙරිකානු ඩොලර් බිලියන එකසිය අසූවක් පමණ වැයවිය හැකි බව එහි ආණ්ඩුකාර ගේරග් ඇබොට් පැවැසීය. 2005 වසරේ නිව් ඔලින්ස් වැනසූ කැට්රිනා සුළිසුළඟට වැඩි විනාශයක් හාවි සුළිසුළඟින් සිදුව ඇති බවද ඔහු කියයි. මේ අතර වොෂින්ටනය පවසා ඇත්තේ අදාළ ප්රදේශයට සිදු වූ පාඩුව පියැවීම වොෂින්ටනය මත පමණක් තැබිය යුතු නැති බවය. මෙම සුළිකුණාටුව ප්රාන්තයේ සියල්ලන්ටම පාඩමක් වියයුතු බවද රජය කියයි.
තවමත් බොහෝ ප්රදේශ ගංවතුරින් යටව තිබුණද ටෙක්සස් හා ලුයිසියානා ප්රදේශවල මේ වනවිට සහන සේවා කටයුතු සාර්ථකව සිදුවන බව වාර්තා වෙයි.
සී.එන්.එන්.
ප්රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.