Coss Ear2
lakbima.lk
COSS Ear 1

උතුරු කොරියාව සම්බන්ධයෙන් විසඳුමකට ඒමට ඇමෙරිකාව සූදානම්

ඇමෙරිකාවේ ආරක්ෂක ‍ලේකම් ජෙනරාල් ජේම්ස් මැටිස් පවසන්නේ උතුරු කොරියාව සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට ඒමට ඇමෙරිකාව තවමත් කැමැත්තෙන් පසුවන බවය. මීට පෙර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ     සාකච්ඡා කිරීම උතුරු කොරියාවේ කටයුතුවලට පිළිතුරක් නොවන බවය. හමුදාමය ක්‍රියාමාර්ගයකට නොයන ලෙස රුසියාවද ඇමෙරිකාවට අනතුරු අඟවා තිබුණි.
පසුගිය අඟහරුවාදා ජපානයට ඉහළින් මිසයිලයක් යවමින් උතුරු කොරියාව අර්බුදය අලුත් කරගත්තේය.ජපානය විසින් තර්ජනයක් ලෙස හඳුන්වන ලද මෙම මිසයිලය උතුරු ජපානයේ හොකෙයිඩෝ දූපතට ඉහළින් ඇදීයත්ම ජනතාවට අනතුරු ඇඟවීමක්ද නිකුත් කෙරුණු අතර පසුව එය මුහුදට ඇද වැටී තිබිණි.

සී.එන්.එන්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.