Coss Ear2
lakbima.lk
COSS Ear 1

ගාසා තීරයේ නැවතත් උද්ඝෝෂණ

ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේදී පනස්පස් දෙනෙක් මරා දැමීමෙන් පසු පලස්තීන දේශ සීමාවේදී ඊශ්‍රායලයට එරෙහි උද්ඝෝෂණ වැඩිවී තිබේ. මියගිය අයගේ සිරුරු භූමදානය කළ පසුගිය සඳුදා දිනයේ ගාසා තීරයේ නොසන්සුන් බව බෙහෙවින් වැඩිවී තිබිණි. 1948 වසරේ ඊශ්‍රායලය බිහිවීමෙන් පසු දහස් ගණනක් ජනතාව ප්‍රදේශයෙන් පලා යාම සනිටුහන් කළ නක්බා සැමරුමේ හැත්තෑ වෙනි වසර ඊයේ දිනයට යෙදී තිබිණි.
ඇමෙරිකාව විසින් ජෙරුසලමේ තානාපති කාර්යාලයක් විවෘත කිරීමත් සමග දැඩි ආන්දෝලනයක් ගාසා තීරයේ ඇතිවිය. අනාගත පලස්තීන රාජ්‍යයේ අගනුවර ලෙස ජෙරුසලම සැලකෙන බැවින් ටෙල් අවිව් හි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමේ පිහිටුවීම පලස්තීනුවන්ගේ දැඩි කෝපයට හේතුවී තිබේ.
 
සී.එන්.එන්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.