Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි 4 අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වැනි දිනයට අදාළ තීරණාත්මක තරග දෙකක් අද (14දා) පැවැත්වේ.
මේ අනුව ලකුණු සටහනේ පළමු තැන හිමිකර ගැනීමට ගාල්ල සහ දඹුල්ල අතර තීරණාත්මක තරගය අද පී. සරා පිටියේදී පැවැත්වෙන අතර, කොළඹ සහ මහනුවර අතර තරගය ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.
තරගාවලියේ පළමු තරග දෙකම පරාජයට පත්ව ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවූ දඹුල්ල ඉන්පසු පැවැති තරග දෙකම ප්‍රසාද ලකුණද සමග ජය ගනිමින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගැනීම කැපී පෙනුණු අතර, ගාල්ල තවදුරටත් පළමු ස්ථානය රැකගැනීමට සමත් වී සිටියි.
මතෛක් පැවැති තරග හතරෙන් තරග 3ක් ජයගත් ගාල්ල ලකුණු 13ක් සමගින් ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, තරග 4න් 2ක් ජයගත් දඹුල්ල ලකුණු 10ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි.
තරගාවලියේ පළමු තරග දෙක ජයගත් කොළඹ අවසන් තරග දෙකම පරාජයට පත්වීම හේතුවෙන් ලකුණු 8ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවන අතර, තරග 4න් එක් තරගයක් පමණක් ජයගත් මහනුවර ලකුණු 4ක් ලබා සිව්වැනි ස්ථානයේ පසුවෙයි.
සිව්වැනි දිනයට අදාළ තරග යටතේ පී. සරා පිටියේ පැවැති තරගයේදී ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ ගල්ල හමුවේ අවසන් ස්ථානයේ පසු වූ මහනුවර කඩුලු 3කින් පරාජය ලැබිය.
සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වූ කොළඹ කඩුලු 6කින් පරාජය කිරීමට ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවූ දඹුල්ල සමත් විය.
මෙම තරගවලදී ගාල්ල ජයග්‍රහණය වෙනුවෙන් නායක උපුල් තරංග ලකුණු 127ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට (ලකුණු 215ක්) පත්විය.
ගාල්ල ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවෙන් දස්කම්  දක්වමින් කඩුලු 4ක් බිඳහෙලූ මලින්ද පුෂ්පකුමාර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට (කඩුලු 9) පත්විය.
දඹුල්ල ජයග්‍රහණය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ සඳුන් වීරක්කොඩි පන්දු 83කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 96ක් රැස් කළේය.

 
පමෝද් ලසන්ත

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ දිල්ලිහිදී පැවැති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ දිල්ලි ඩෙයාඩෙවිල්ස් අතර තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමත් විය.
රෝයල් චැලෙන්ජර්ස් වෙනුවෙන් පන්දු 37කදී හතරේ පහර 4ක් හ හයේ පහර 6ක් සමගින් නොදැවී ලකණු 72ක් රැස් කළ ඒ.බි. ඩිවිලියර්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි ඩෙයාඩෙවිල්ස් පන්දුවාර 20දී කඩුලු 4ට ලකුණු 181ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පන්දවාර 19කදී කඩුලු 5ට ලකුණු 187ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
ලකුණු හඹායාමේදී පන්දු 40කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 70ක් රැස් කිරීමට බැංගලෝර් නායක විරාත් කෝලි සමත් වූ අතර, කෝලි සහ ඩිවිලියර්ස් අතර තෙවැනි කඩුල්‍ලේ සම්බන්ධතාව ලකුණු 118ක් ලෙස වාර්තා විය.
 
ලකුණු තත්ත්වය :-
දිල්ලි ඩෙයාඩෙවිල්ස් පන්දුවාර 20දී - 181/4යි
ශ්‍රියාස් අයියර් 32, රිෂාබ් පන්ට් 61, විජේ ශංකර් (නොදැවී) 21, අභිෂේක් ෂර්මා (නොදැවී) 46, චහාල් 28/2, මොයින් අලී 25/1, සිරාජ් 46/1
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පන්දුවාර 19දී - 187/5යි
විරාත් කෝලි 70, ඒ.බි. ඩිවිලියර්ස් (නොදැවී) 72, මන්දීප් සිං 13, බෝල්ට් 40/2, මුනාෆ් පටෙල් 51/1, 
මිෂ්රා 33/1, සන්දීප් ලැමිචනේ 25/1

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ජායිපූර්හි පැවැති රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් පන්ජාබ් අතර තරගයෙන් ලකුණු 15ක ජයක් ලැබූ රාජස්ථාන් රෝයල්ස් සිව්වැනි ජයග්‍රහණය වාර්තා කළේය.
රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් වේගවත් පිතිරඹයක් දියත් කරමින් පන්දු 58කදී හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 82ක් රැස් කළ ජොස් බට්ලර් තරගයේ වීරය සම්මානය දිනා ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් පන්දුවාර 20දී කඩුලු 8ට ලකුණු 158ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් පන්ජාබ්ට පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 143ක් පමණි.
රාජස්ථාන් වෙනුවෙන් සංජු සැම්සන් ලකුණු 22ක් රැස් කළ අතර, කිංග්ස් පන්ජාබ් වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඇන්ඩෘ ටයි ලකුණු 34ට කඩුලු 4ක් බිඳ හෙළීය.
ජයග්‍රහණය සදහා ලකුණු 159ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කිංග්ස් පන්ජාබ් වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ අරම්භක පිතිකරු ලෝකේශ් රාහුල් පන්දු 70කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 95ක් රැස් කළද සෙසු පිතිකරුවෝ අසාර්ථක වීමෙන් පරාජය අත්විය.
ක්‍රිෂ්නප්පා ගෞතම් ලකුණු 12ට කඩුලු 2ක් බිඳ හෙළීය.
 
ලකුණු තත්ත්වය :- 
රාජස්ථාන් පන්දුවාර 20දී - 158/8යි
ජොස් බට්ලර් 82, සංජු සැම්සන් 22, බෙන් ස්ටෝක්ස් 14, ඇන්ඩෘ ටයි 34/4. මුජීබ් උර් රහමන් 21/2, ස්ටොයිනිස් 15/1
කිංග්ස් පන්ජාබ් පන්දුවාර 20දී - 143/7යි
ලෝකේශ් රාහුල් 95, ස්ටොයිනිස් 11, ගෞතම් 12/2, ඉෂ් සෝඩි 14/1, ස්ටෝක්ස් 13/1, උනද්කට් 36/1, ජොෆ්රා ආචර් 32/1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි 4 අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය යටතේ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැති තරගයේදී කොළඹ ලකුණු 147කින් පරාජය කළ ගාල්ල ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්විය.
මේ අතර කොළඹ පී. සරා පිටියේ පැවැති මහනුවර සහ දඹුල්ල අතර තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබූ දඹුල්ල තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කළේය.
ඊයේ තරගවලදී ජය වාර්තා කළ කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණද සමගින් ජය ගැනීම කැපී පෙනුණි.
මේ අනුව  තරග 2ක් ජයගත් ගාල්ල ලකුණු 9ක් ලබා පළමු තැනද, තරග 2ක් ජයගෙන ලකුණු 8ක් ලබා සිටින කොළඹ දෙවැනි ස්ථානයේද, ප්‍රසාද ලකුණද සමග (ලකුණු 5) පළමු තරගය ජයගත් දඹුල්ල තෙවැනි ස්ථානයේද පසුවන අතර, එක් තරගයක් ජයගෙන ලකුණු 4ක් ලබා සිටින මහනුවර සිව්වැනි ස්ථානයේ පසුවෙයි. 
ගාල්ල ජයග්‍රහණය වෙනුවෙන් සධීර සමරවික්‍රම ශතකයක් (130) රැස් කළ අතර, දඹුල්ල ජයග්‍රහණය වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 4ක් බිඳ හෙළීය.
 
කොළඹ-ගාල්ල
 
පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 347ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹට පන්දුවාර 42.4කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 200ක් පමණි.
ගාල්ල වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ සධීර සමරවික්‍රම පන්දු 118කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 130ක් රැස් කළ අතර, ආරම්භක පිතිකරු රමිත් රඹුක්වැල්ල පන්දු 79කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් සමගින් ලකුණු 87ක් රැස් කළේය.
රඹුක්වැල්ල සහ සධීර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 129ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනංවමින් මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූහ.
චතුරංග ද සිල්වා පන්දු 35කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 57ක් රැස් කළ අතර, රොෂේන් සිල්වා ලකුණු 23ක්ද, අවසන් පන්දු කිහිපයේදී ප්‍රහාරයක් දියත් කළ සීක්කුගේ ප්‍රසන්න පන්දු 6කදී ලකුණු 19ක් රැස් කළේය.
කොළඹ වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ලක්ෂාන් සඳකැන් ලකුණු 66ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙළීය.
ලකුණු හඹායාමේදී කොළඹ වෙනුවෙන් ආරම්භක පිතිකරු ෂෙහාන් ජයසූරිය පන්දු 65කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 70ක් රැස් කළ අතර, ලහිරු තිරිමාන්න ලකුණු 48කින් දායක විය.
ෂෙහාන් ජයසූරිය සහ ලහිරු තිරිමාන්න දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128ක අගනා සම්බන්ධතාවක් ගොඩනංවමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නද සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ.
ගාල්ල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මලින්ද පුෂ්පකුමාර ලකුණු 24ට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, සුරංග ලක්මාල්, දසුන් ශානක සහ සීක්කුගේ ප්‍රසන්න කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු තත්ත්වය :- 
ගාල්ල පන්දුවාර 50දී - 347/7යි
රමිත් රඹුක්වැල්ල 87, උපුල් තරංග 2, සධීර සමරවික්‍රම 130, දසුන් ශානක 4, රොෂේන් සිල්වා 23, චතුරංග ද සිල්වා 57, සම්මු අශාන් (නොදැවී) 7, සීක්කුගේ ප්‍රසන්න 19, ලක්ෂාන් සඳකැන් 66/3, විශ්ව ප්‍රනාන්දු 80/2, තික්ෂිල ද සිල්වා 32/1, 
ෂෙහාන් ජයසූරිය 59/0, ධනංජය ද සිල්වා 14/0, ඩිල්ෂාන් මුණවීර 15/0, ලසිත් ඇඹුල්දෙණිය 25/0
කොළඹ පන්දුවාර 42.4කදී - 200යි
ඩිල්ෂාන් මුණවීර 1, ෂෙහාන් ජයසූරිය 70, ලහිරු තිරිමාන්න 48, ධනංජය ද සිල්වා 4, දිනේෂ් චන්දිමාල් 1, තිසර පෙරේරා 8, චාමර සිල්වා 14, තික්ෂිල ද සිල්වා 21, ලක්ෂාන් සඳකැන් 9, ලසිත් ඇඹුල්දෙණිය (නොදැවී) 7, විශ්ව ප්‍රනාන්දු 5, මලින්ද 
පුෂ්පකුමාර 24/4, සුරංග ලක්මාල් 40/2, දසුන් ශානක 25/2, සීක්කුගේ ප්‍රසන්න 2/2, ධම්මික ප්‍රසාද් 34/0, සම්මු අශාන් 20/0, රමිත් රඹුක්වැල්ල 32/0, රොෂේන් 
සිල්වා 3/0
 
මහනුවර-දඹුල්ල
 
පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ඉනිම පන්දුවාර 29.1කදී ලකුණු 127කට සීමා වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පන්දුවාර 18.5කදී කඩුලු 5ට ලකුණු 130ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
ජයග්‍රාහී දඹුල්ල වෙනුවෙන් නායක කුසල් ජනිත් පෙරේරා (41) සහ රවිඳු ගුණසේකර (38) ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනංවමින් ජයග්‍රාහී මාවත විවර කර දුන්හ.
මහනුවර වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ සචිත් පතිරණ ලකුණු 21ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, ඉසුරු උදාන කඩුලු 2ක් බිඳ හෙළීය.
පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර වෙනුවෙන් චාමර කපුගෙදර ලකුණු 40ක්ද, සචිත් පතිරණ ලකුණු 38ක්ද රැස් කළ අතර, සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ.
දඹුල්ල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩසේ පන්දුවාර 4.1කදී ලකුණු 7ට කඩුලු 4ක් බිඳ හෙලූ අතර, ලහිරු ගමගේ සහ ෂෙහාන් මධුෂංක කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු තත්ත්වය :-
මහනුවර පන්දුවාර 29.1කදී - 127යි
නිරෝෂන් දික්වැල්ල 6, ධනුෂ්ක 
ගුණතිලක 6, මහේල උඩවත්ත 0, ඇන්ජලෝ මැතිව්ස් 2, චාමර කපුගෙදර 40, ප්‍රියමාල් පෙරේරා 12, ජීවන් මෙන්ඩිස් 2, සචිත් පතිරණ 38, ඉසුරු උදාන 4, ප්‍රමෝද් ලියනගමගේ (නොදැවී) 4, කසුන් රාජිත 0, ජෙෆ්රි වැන්ඩසේ 7/4, ලහිරු ගමගේ 29/2, ෂෙහාන් මධුෂංක 35/2, අසිත ප්‍රනාන්දු 71/1, ලහිරු මධුෂංක 25/0
දඹුල්ල පන්දුවාර 18.5කදී - 130/5යි
කුසල් ජනිත් 41, රවිඳු ගුණසේකර 38, නිශාන් මධුෂ්ක 17, සචිත්‍ර සේරසිංහ 3, මිලින්ද සිරිවර්ධන 0, ටී.එන්. සම්පත් (නොදැවී) 16, ලහිරු මධුෂංක (නොදැවී) 10, සචිත් පතිරණ 21/3, ඉසුරු උදාන 21/2, කසුන් රාජිත 46/0, ප්‍රමෝද් ලියනගමගේ 29/0, ධනුෂ්ක ගුණතිලක 12/0

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ හයිද්‍රාබාද්හිදී පැවැති සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු 16ක් ලබාගත් සන්රයිසස් හයිද්‍රාබාද් තවදුරටත් ලකුණු සටහනේ පළමුතැන රැක ගැනීමට සමත් විය.
සන්රයිසස් හයිද්‍රාබාද් වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක කේන් විලියම්සන් පන්දු 39කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 56ක් ලබා තරගයේ වීරයා බවට පත්විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් පන්දුවාර 20දී සියලු දෙනා දැවී ලකුණු 146ක් රැස් කළ අතර, විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්ට පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 141ක් පමණි.
 
ලකුණු තත්ත්වය :- 
සන්රයිසස් හයිද්‍රාබාද් පන්දුවාර 20දී - 146යි
කේන් විලියම්සන් 56, ෂකිබ් අල් හසන් 35, ෂිකර් ධවාන් 13, යූසුෆ් පතාන් 12,  සිරාජ් 25/3, සවුති 30/3, යදාව් 36/1, චහාල් 25/1
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පන්දුවාර 20දී - 141/6යි
පටෙල් 20, කෝලි 39, ග්‍රෑන්ඩ්හෝම් 33, මන්දීප් සිං (නොදැවී) 21, ෂකිබ් අල් හසන් 36/2, සන්දීප් ෂර්මා 20/1, බුවනේෂ්වර් 27/1, කවුල් 25/1, රෂීඩ් ඛාන් 31/1

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගයෙන් ලකුණු 14 ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් සමත් විය.
මෙය මුම්බායි ඉන්දියන්ස් මෙවර තරගාවලියේදී ලැබූ 6 වැනි පරාජය ලෙස සටහන් වෙයි.
මුලින්ම පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් පන්දුවාර 20දී කඩුලු 7ට ලකුණු 167ක් වාර්තා කළ අතර, මුම්බායි ඉන්දියන්ස්ට පන්දුවාර 20දී ලබාගත හැකිවූයේ කඩුලු 7ට ලකුණු 153ක් පමණි.
රෝයල් චැලෙන්ජර්ස් වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ටිම් සවුති තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
මුලින්ම පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් වෙනුවෙන් මනන් වෝරා (45), බ්‍රෙන්ඩන් මැකලම් (37), විරාත් කෝලි (32) සහ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් (නොදැවී 23) පිත්තෙන් දස්කම් දැක්වූහ.
මුම්බායි ඉන්දියන්ස් වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ හාර්දික් පාන්ඩ්යා ලකුණු 28ට කඩුලු 3ක් බිද හෙලූ අතර, මැක්ලෙනගන්, බුම්රා සහ මරකන්ඩේ එක් කඩුල්ල බැගින් බිඳ හෙළීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි වෙනුවෙන් හාර්දික් පාන්ඩ්යා ලකුණු 50ක් වාර්තා කළ අතර, ජේ.පී. ඩුමිනි සහ කුනාල් පාන්ඩ්යා ලකුණු 23 බැගින් ලබා ගත්හ.
රෝයල් චැලෙන්ජර්ස් වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ සවුති, උමේෂ් යදාව් සහ මොහොමඩ් සිරාජ් කඩුලු 2 බැගින් බිඳ හෙළීය.
 
ලකුණු තත්ත්වය :-
 
රෝයල් චැලෙන්ජර්ස් පන්දුවාර 20දී - 167/7යි
මනන් වෝරා 45, බ්‍රෙන්ඩන් මැකලම් 37, විරාත් කෝලි 32, ග්‍රෑන්ඩ්හෝම් (නොදැවී) 23, හාර්දික් පාන්ඩ්යා 28/3, මර්කන්ඩේ 28/1, බුම්රා 22/1, මැක්ලෙනගන් 34/1
 
මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 20දී 153/7යි
ජේ.පී, ඩුමිනි 23, හාර්දික් පාන්ඩ්යා 50, කුනාල් පාන්ඩ්යා 23, සවුති 25/2, යදාව් 29/2, සිරාජ් 28/2

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.