Coss Ear2
lakbima.lk
COSS Ear 1

වෙන්නප්පුව ශා. ජෝශප් වාස් සහ හලාවත ශා. මරියා දෙවිදුහල් අතර 3 වැනි වරටත් පැවැත්වෙන පුත්තලම “සහෝදර සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය 6 සහ 7දා හලාවත ෂර්ලි කොරයා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මතෛක් පැවැති  තරග දෙකම ජය ගනිමින් ජෝශප් වාස් විද්‍යාලය වැඩි ගෞරව දිනාගෙන සිටියි.
වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල් පිල ශ්‍රී ලංකා අවු. 19න් පහළ පිල නියෝජනය කළ නිපුන් ධනංජය පෙරේරා මෙහෙයවනු ලබන අතර, ඩිලුෂාන් ජයසංක හලාවත ශා. මරියා විදුහල් පිල මෙහෙයවනු ලබයි.
 
ජෝශප් වාස් සංචිතය:
නිපුන් ධනංජය (නායක), තිලාන් ප්‍රදීප්ත (උප නායක), අංජන රුක්මාල්, ෂෙශාඩ් අශේන්, නවෝද් යොහාන්, ධනුෂ්ක 
නේරංජන, චමෝද් කවිෂ්ක,  සඳුන් තිලකරත්න, යොහාන් මධුවන්ත, දිනිත් උෂාර, ශෂාන් දිනෙත්, ආකාෂ් කණිෂ්ක, ෂොහාන් අනුරුද්ධ, කළණ ෂෙවොන්, කණිෂ්ක හසිත, අවිඳු ෂෙහාන්, සඳුන් ප්‍රනාන්දු, තරංග ලියනපතිරණ මහතා (පුහුණුකරු), රන්දීර් දිනේෂ් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ප්‍රියංජීව ගුණරත්න පියතුමා (විදුහල්පති)  
 
ශා. මරියා සංචිතය:
ඩිලුෂාන් ජයසංක (නායක), රොෂේන් මාධව (උප නායක), රොෂාන්ත ප්‍රනාන්දු, හෂේන් තාරුක, රොෂේන් සචින්ත, මලිත් තිත්තගල්ල, යසස් තිත්තගල්ල, චාරුක තරිඳු, කුමාර් ප්‍රනාන්දු, තිලාන් ප්‍රනාන්දු, උදිත් ඉරුෂික, මිනෝත් ඩිෂාන්, විමන්ත ප්‍රනාන්දු, සමන් තිත්තගල්ල මහතා (පුහුණුකරු), ඕමන්ත තමෙල් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), චෙරන්ස් පීරිස් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), එම්.ඒ. නේරියස් පෙරේරා මහතා (විදුහල්පති)
 
(පමෝද්)

එංගලන්තය සහ නවසීලන්තය අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මවුන්ට් මවුන්ගනායිහි පැවැති දෙවැනි තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කළ එංගලන්තය තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් විය.
එංගලන්ත ජයග්‍රහණය වෙනුවෙන් නොදැවී ලකුණු 63ක් සහ පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 2ක් බිඳ හෙලූ බෙන් ස්ටෝක්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 49.4කදී සියලු දෙනා දැවී ලකුණු 223ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 37.5කදී කඩුලු 4ක් දැවී ලකුණු 225ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
එංගලන්ත නායක එවයින් මෝගන් (62) සහ බෙන් ස්ටෝක්ස් (63) සිව්වැනි කඩුල්ලට ලකුණු 88ක සම්බන්ධතාවක් ගොඩනංවමින් එංගලන්තයට ජයග්‍රාහී මාවත විවර කර දුන්හ.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය වෙනුවෙන් මාටින් ගප්ටිල් (50) සහ මිචෙල් සැන්ට්නර් (නොදැවී 63) අර්ධ ශතක වාර්තා කළහ.
එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රිස් වෝක්ස්, මොයින් අලී සහ බෙන් ස්ටෝක්ස් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :- 
නවසීලන්තය පන්දුවාර 49.4කදී සියලු දෙනා දැවී - 223යි
ගප්ටිල් 50, ‍ලේතම් 22, ග්‍රෑන්ඩ්හෝම් 38, සැන්ට්නර් (නොදැවී) 63, වෝක්ස් 42/2, අලී 33/2, ස්ටෝක්ස් 42/2
එංගලන්තය පන්දුවාර 37.5කදී කඩුලු 4ක් දැවී - 225යි
බේස්ටෝව් 37, මෝගන් 62, ස්ටෝක්ස් (නොදැවී) 63, බට්ලර් (නොදැවී) 36, බෝල්ට් 46/2

ක්ලිෆර්ඩ් කුසලාන අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේ ශූරතාව පිට පිටම සිව්වැනි වරටත් දිනා ගැනීමට මහනුවර සමත් විය.
ලොන්ඩන් පෙදෙසේදී පැවැති අවසන් මහ තරගයේදී නාවික හමුදාව ලකුණු 21-7කින් මහනුවර හමුවේ පරාජය විය.
මේ අනුව මහනුවර ක්‍රීඩා සමාජය මෙම වසරේ ගයාන් වීරරත්නගේ නායකත්වයෙන් ලීග් ශූරතාව සහ ක්ලිෆර්ඩ් කුසලාන ද්විත්වයම ජය ගැනීමට සමත් විය.
මෙය මහනුවර ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඩ් කුසලාන දිනාගත් 21 වැනි වතාව ලෙස වාර්තා ‍පොතට එක්විය.
රග්බි පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ෆාසිල් මරිජා මෙම තරගයත් සමග රග්බි පිටියට සමුදුන්නේය.
මහනුවර-නාවික අවසන් සටනේ පළමු භාගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර, ලකුණු තත්ත්වය 8-0ක් ලෙස සටහන් විය.
තරගය ආරම්භ වී මිනිත්තු 3 කින් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ධනුෂ්ක රංජන් සමත් වූ අතර, එහි ප්‍රවර්ථනය අසාර්ථක විය.
ඉන්පසු තියුණු සටනක් පැවැති අතර, පළමු භාගය අවසන් වීමට මිනිත්තු කිහිපයකට පෙර නයිජල් රත්වත්ත දඬුවම් පහරක් නිම කිරීමෙන් ලකුණු තත්ත්වය 8-0ක් විය.
දෙවැනි භාගය ආරම්භයේදීම නාවික හමුදාවේ මොහොමඩ් අෆ්සාල් වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය තිළිණ වීරසිංහ සාර්ථකව නිම කිරීමෙන් ලකුණු තත්ත්වය 8-7ක් විය.
ඉන්පසු තියුණු ලෙස තරගයට අවතීර්ණ වූ මහනුවර ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුම් 2ක් වාර්තා කරමින් ජය තහවුරු කළේය.
ධනුෂ්ක රංජන් සහ ෂෙහාන් පතිරණ එම උත්සාහක දිනුම් වාර්තා කළ අතර, තිළිණ විජේසිංහ එක් දඬුවම් පහරක් සාර්ථකව නිම කළේය. අවසන් ලකුණු තත්ත්වය 21-7ක් ලෙස සටහන් විය.
 
මංගල ධර්මප්‍රේම

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය පිල නම්කර ඇති අතර, නායකත්වය රෝහිත් ෂර්මාට පවරා තිබේ.
ඉන්දීය නිත්‍ය නායක විරාත් කෝලි ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් 6 දෙනකු විවේක ගැන්වීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මේ අනුව පිතිකරුවන් වන විරාත් කෝලි සහ මහේන්ද්‍ර සිං දෝනි ද, වේග පන්දු යවන්නන් වන බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රාද, තුන් ඉරියව් ක්‍රීඩක හාර්දික් පාන්ඩ්යා සහ දඟ පන්දු යවන කුල්දීප් යදාව් විවේක ගන්වා තිබේ.
ඔවුන් වෙනුවට දීපක් හූඩා, වොෂින්ටන් සුන්දර්, විජේ ශංකර්, ෂර්දූල් ථාකූර්, මොහොමඩ් සිරාජ් සහ රිෂාබ් පන්ට් කණ්ඩායමට නම්කර තිබේ.

‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන රෝහිත් ෂර්මා, ෂිකර් ධවාන්, සුරේෂ් රයිනා, ලෝකේශ් රාහුල්, දිනේෂ් කාර්තික් සහ මනිෂ්
පාන්ඩේ පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක්කර තිබේ. දඟ පන්දු යුගළය ලෙස යුස්වෙන්දර් චහාල් සහ අක්ෂාර් පටෙල් නම්කර තිබේ.

සියලුම වේගපන්දු යවන්නන් නවක ක්‍රීඩකයන් වීම කැපී පෙනෙයි.

ඉන්දීය 20-20 සංචිතය
රෝහිත් ෂර්මා (නායක), ෂිකර් ධවාන්, ලෝකේශ් රාහුල්, සුරේෂ්
රයිනා, මනිෂ් පාන්ඩේ, දිනේෂ් කාර්තික්, දීපක් හූඩා, වොෂින්ටන් සුන්දර්, යුස්වෙන්දර් චහාල්, අක්ෂාර් පටෙල්, විජේ ශංකර්, ෂර්දූල් ථාකූර්, ජයදේව් උනඩ්කට්, මොහොමඩ් සිරාජ්, රිෂාබ් පන්ට්.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමගින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්තය සමත් විය.
 ඊයේ පැවැති එංගලන්තය සහ නවසීලන්තය අතර තීරණාත්මක තරගයෙන් එංගලන්තය ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කළද ලකුණු සටහනේ දෙපිලම සම ලකුණු (2 බැගින්) ලැබිම හේතුවෙන් දළ ලකුණු වේගයට අනුව නවසීලන්තය අවසන් මහ සටනට සුදුසුකම් ලබා ගත්තේය.
මේ අනුව තරගාවලියේ අපරාජිත ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අවසන් මහා තරගය ලබන 21දා ඕක්ලන්ඩ්හිදී පැවැත්වේ.
ඊයේ පැවැති තරගයේ 
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20දී කඩුලු 7ට ලකුණු 194ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 192ක් පමණි.
එංගලන්තය වෙනුවෙන් පන්දු 46කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 80ක් රැස් කළ එවයින් මෝගන් තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, ඩේවිඩ් මලන් පන්දු 36කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 53ක් රැස් කළේය.
මෝගන් සහ මලන් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 93ක සම්බන්ධතාවක් තබමින් එංගලන්ත මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීමට සමත් වූහ.
ලකුණු හඹායාමේදී මාටින් ගප්ටිල් පන්දු 47කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 62ක් සහ කොලින් මුන්රෝ පන්දු 21කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 7ක් සමගින් ලකුණු 57ක් රැස් කරමින් ආරම්භක කඩුල්ලට ලකුණු 78ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩැංවූහ.
මාර්ක් චැප්මන් පන්දු 30කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 37ක් රැස් කළද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.
 
ලකුණු තත්ත්වය :- 
එංගලන්තය පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී - 194යි
රෝයි 21, මලන් 53, මෝගන් (නොදැවී) 80, බෝල්ට් 50/3, සවුති 22/2
නවසීලන්තය පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී - 192යි
ගප්ටිල් 62, මුන්රෝ 57, චැප්මන් (නොදැවී) 37
 
 

පසුගියදා බංගලාදේශයේ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී අවසන් තරගයේ වීරයා ලෙසත් තරගාවලියේ වීරයා ලෙසත් කිරුළු පැලඳුවේ රොෂේන් සිල්වායි. සිය මංගල ටෙස්ට් ශතකයත් සමග ජයග්‍රහණයේ උණුසුමත් රැගෙන ලංකාවට ආපු රොෂේන් තමන්ගේ ආදරණීය බිරිඳ හා දරුවා සමග ජයග්‍රහණයේ සතුට බෙදාගත්ත අතරතුරේ අපිත් ඔහුගේ නිවසට ගොඩ වැදුනා. අපගේ අරමුණ වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කරන්නට එක් වූ මේ අලුත්ම තාරකාව සමගින් කතාබහ කොට ඔහුගේ පෞද්ගලික තොරතුරු පිළිබඳවත් ආදරණීය රිද්ම පාඨකයන් දැනුවත් කරන්නයි. 
 
රොෂේන්ගේ පුංචි පුතා ආෂේට දැන් වයස අවුරුද්දයි මාස 6යි. තාත්තාගේ උකුලට වෙලා හුරතල් වෙන පුංචි පුතා කැමැති නැහැ හුරතලෙන් මිදෙන්න. ටිකක් වෙලා ඔවුන් සමග සුහදව කතාබහ කරලා ඊට පස්සේ අපි රොෂේන්ගේ ඡායාරූප කීපයක් ගන්න පැත්තකට ගියා.
පසුගිය දවස් ටිකේම තාත්ති ළඟ හිටියේ නැහැනේ. ඉතින් දැන් එයාට ඕන තාත්තිගෙ ළඟටම වෙලා ඉන්න. චුට්ටක්වත් එහාට මෙහාට යනවට කැමැති නැහැ..
රොෂේන්ගේ ආදරණීය බිරිඳ අපිට එහෙම කිව්වා. මේ දෙන්නගේ ආදරණීය හුරතලා එහාට මෙහාට වෙනකොට රොෂේන් අපි ළඟට කිට්ටුවෙලා මෙන්න මෙහෙම කිව්වා.
අපේ පවු‍ලේ ඉන්නේ අයියලා දෙන්නයි, අක්කිලා දෙන්නයි. මමයි මල්ලියි. අයියලත් ක්‍රිකට්වලට ගොඩක් ලැදියි. පුංචිම කා‍ලේ ඉඳන් මගේ ඒ උනන්දුව තිබුණා. මගේ මල්ලී මට වඩා අවුරුදු 2ක් විතර බාලයි. අවුරුදු 4 දි 5 දි විතර කා‍ලේ මම මල්ලිවත් එකතු කරගෙන ක්‍රිකට් ගහනවා. රාගම බැසිලිකා විදුහලින් අධ්‍යාපනය ලබන කා‍ලේ මම 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමටත් ක්‍රීඩා කළා. 9 වසරෙදී ශාන්ත ජෝශප් විදුහලට යන්න අවස්ථාව උදාවුණේ ක්‍රිකට් ක්‍රීඩාවට පෙන්වූ දස්කම් හින්දා. ශාන්ත ජෝශප් විදුහ‍ලේදී ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිදුර දස්කම් පෙන්වන්න අවස්ථාව ලැබුණා. ඔය කා‍ලේ විදුහ‍ලේ රගර් කණ්ඩායමට මාව සම්බන්ධ කරගන්න හැදුවත් මගේ ක්‍රිකට් පුහුණුකරු ඊට ඉඩ දුන්නේ නැත්තේ මම පාස‍ලේ ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍යම චරිතයක් වෙලා හිටපු හින්දා. මගේ ජීවිතය පුරාම තිබුණේ ක්‍රිකට් විතරයි. හැම දෙයක්ම ගොඩනැගුනේ ඒ තුළින් ඉදිරියට යන්නයි.
හීන හරිම සුන්දරයි. ඒත් ඒ හීන ඉටු කරගන්න එක ඒ තරම් සුන්දර නැහැ. පියවරෙන් පියවර ඉදිරියට ඇවිත් ජීවිතේ දුර ගමනක් පැමිණි ඕනෑම කෙනෙකුගෙන් පැමිණි ගමන් මග ගැන විමසුවොත් ඒ සත්‍යය ඔප්පුවේවි. රොෂේන්ටත් එය ‍පොදුයි.
මම ක්‍රිස්තියානි ආගම අදහන කෙනෙක්. අපේ ජීවිත ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේගේ සැලසුමක් අනුවයි. ඒත් දෙවියන් වහන්සේ අපිට යම් යම් දේ දෙන්නේ නිසි වෙලාවට. යම් අරමුණක් ඔස්සේ ගමනක් යනවා නම් අපිට කරන්න තියෙන්නේ උත්සහය උනන්දුව තුළින් අපිට හිමි දේ වඩා හොඳින්් කරන එකයි. ඒ දේවල්වලට නිසි ප්‍රතිඵල නිසි වේලාවට ලැබෙනවා. ම පාසලින් ඉවත් වෙලා අවුරුදු  9ක්ම අන්තර් සමාජ ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කරලා මගෙ දක්ෂතා පෙන්වලයි ජාතික සංචිතයට ඇතුළු වුණේ. ඒ කාලය තුළ  මම ඉවසීමෙන් බලා හිටියා. හිත් රිදීම් කැපිලි කෙටිලි මමත් අත්විඳල තියෙනවා. ඒ හැම දේම විඳ දරාගෙන මම මට අවස්ථාව ලැබෙන තුරු බලාගෙන හිටියා.
රොෂේන්ගේ ජීවිතයේ සෙවනැල්ල වගේ ඔහුගේ ළඟ ඉන්නේ ආදරණීය බිරිඳ අරොෂියි ඇය දැනට නීති සිසුවියක්. මේ දෙදෙනාගේ ආදර කතාවත් බොහොම දිග එකක්. ඒ වගේම හරිම ලස්සනයි. 
ළහිරු ගමගේ කියන මගේ ක්‍රිකට් මිත්‍රයා විවාහ වූ දවසේ දෙවැනි මනාලයා හා දෙවැනි මනාලිය විදියට හිටියේ අපි දෙන්නා. ඒ විදියට හඳුනාගෙන කාලයක් ඇසුරු කරලා 2015 දී අපි විවාහ වුණා...
කෙනෙකුගේ සාර්ථකත්වය දැකලා සතුටුවුණ අය අතර ඉදිරියෙන්ම ඉන්නේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, සැමියා හෝ බිරිඳයි. ක්‍රීඩාවෙන් ජය ලබද්දී ඒ සතුට බෙදාහදාගන්න අම්මයි තාත්තයි ළඟ නැතිවීම ගැන නම් රොෂේන් කථා කළේ හරිම දුකෙන්. තාත්තා නැතිවුණේ 2003 දී. අම්මා නැතිවුණේ 2012 දී. තාත්තට මගේ ක්‍රීකට් ගැසීම නම් බලන්න ලැබුනේම නැහැ. 19න් පහළ ක්‍රීඩකයෙක් විදියට මම දස්කම්  පෙන්වනවා අම්මා නම් දැක්කා. මට ආරොෂි මුණ ගැහුනේ 2012 දී අම්මා නැතිවුණත් ඒ අවුරුද්දේ මට අම්මට  අරොෂිව මුණ ගස්සන්න බැරි වුණා. අම්මගේ අභාවය සිදුවුණේ හදිසියේමයි..
ක්‍රිකට් ක්‍රීඩාව ගැන රොෂේන් තුළ බලා‍පොරොත්තු ගොඩක් තියෙනවා. ක්‍රිකට් ලෝලීන්ටත් රොෂේන් ගැන ඒ තරමටම බලා ‍පොරොත්තු තියෙනවා. ඒ හැම බලා‍පොරොත්තුවක්ම ඉටුවේවා කියලා පතමින් අපි ඔහුගෙන් සමුගත්තා. සමුගන්න කලින් තමන්ගේ ගමන් මගට උදව් කළ හැමෝටම ස්තූති කරන්න ඔහු අමතක කළේ නැහැ.
මගේ ලොකු අයියා රොෂාන් තමයි මගෙ ක්‍රිකට් ජීවිතේ මූලාරම්භය. මගේ පවු‍ලේ  අයයි. බිරිඳයි බිරිඳගේ පවු‍ලේ හැමෝමයි මගෙ ගමනට ලොකු ශාක්තියක්. වුණා. බැසිලිකා විදුහ‍ලේ හා ශාන්ත ජෝශප් විදුහ‍ලේ ක්‍රිකට් පුහුණුකරුවන් වූ සංජීව හර්ෂද සිල්වා. කපිල සර් හා වසන්ත මම මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරනවා. ඒ වගේම රොජර් විජේසූරිය, රොෂාන් කළුආරච්චි, නිශාන්ත වීරසිංහ, රුවන්, මාලිංග බණ්ඩාර, මහේෂ්, ජෙරම් ජයරත්න, අවිශ්ක ගුණවර්ධන ඇතුළු නම් සඳහන් කළ නොකළ මට උදව් කරපු හැමෝම මේ වෙලාවේ මම ආදරයෙන් සිහිපත් කරන්න කැමැතියි.
 
ආරියවංශ කුලතිලක
ඡායා: මලිත් ගමගේ
 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.