Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි 4 අන්තර් පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු සති අන්තයේ තරගවල තෙවැනි දිනය නිමාවන විට මුල් ඉනිමේ පෙරමුණ ගැනීමට ගාල්ල සහ දඹුල්ල සමත් විය.
ගාල්ල  වෙනුවෙන් රොෂේන් සිල්වා සිය පළමු පෙළ ඉහළම ලකුණු සංඛ්‍යාව සහ මෙම තරගාවලියේ පළමු ද්විත්ව ශතකය රැස් කිරීමට සමත් විය.
රොෂේන් සිල්වා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කොළඹට එරෙහිව පන්දු 329කදී හතරේ පහර 16ක් සමගින් නොදැවී ලකුණු 231ක් රැස් කළේය.
මීට අමතරව මෙම තරගවලදී ශතක රැස් කිරීමට අශාන් ප්‍රියංජන් (දඹුල්ල), ළහිරු තිරිමාන්න (කොළඹ),  නිරෝෂන් දික්වැල්ල (මහනුවර) සහ සචිත්‍ර සේනානායක (දඹුල්ල) සමත් වූ අතර, දඹුල්ල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ළහිරු ගමගේ ලකුණු 71ට කඩුලු 5ක් දවාලීය.
අශාන් ප්‍රියන්ජන් පන්දු 239කදී හතරේ පහර 18ක් සමගින් ලකුණු 156ක් රැස් කළ අතර, සචිත්‍ර සේනානායක පන්දු 109කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 105ක් රැස් කළේය.
නිරෝෂන් දික්වැල්ල පන්දු 154කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 112ක් රැස් කළ අතර, ලහිරු තිරිමාන්න පන්දු 258කදී හතරේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 125ක් රැස් කළේය.
අද (2දා) මෙම තරග දෙකෙහි අවසන් දිනයයි.
 
ගාල්ල-කොළඹ 
ගාල්ල: පළමු ඉනිම - 476 (පන්දුවාර 141) මාධව වර්ණපුර 18, ළහිරු මිලන්ත 0, ඕෂධ ප්‍රනාන්දු 0, සධීර සමරවික්‍රම 01, රොෂේන් සිල්වා (නොදැවී) 231, දසුන් ශානක 95, චතුරංග ද සිල්වා 47, නිසල තාරක 20, අකිල ධනංජය 24, මලින්ද පුෂ්පකුමාර 19, මොහොමඩ් ඩිල්ෂාඩ් 4, විශ්ව ප්‍රනාන්දු 65/1, කවිෂ්ක අංජුල 52/2, දුෂ්මන්ත චමීර 31/0, ලසිත් ඇඹුල්දෙණිය 147/2, දිල්රුවන් පෙරේරා 106/3, ධනංජය ද සිල්වා 13/0, ෂෙහාන් ජයසූරිය 31/0
 
කොළඹ: පළමු ඉනිම - 333 (පන්දුවාර 95.5) කෞෂාල් සිල්වා 13, ෂෙහාන් ජයසූරිය 8, ධනංජය ද සිල්වා 66, ළහිරු තිරිමාන්න (නොදැවී) 125, දිනේෂ් චන්දිමාල් 18, චාමර සිල්වා 10, කවිෂ්ක අංජුල 46, දිල්රුවන් පෙරේරා 0, ලසිත් ඇඹුල්දෙණිය 24, විශ්ව ප්‍රනාන්දු 0,  නිසල තාරක 66/1, මොහොමඩ් ඩිල්ෂාඩ් 49/2, දසුන් ශානක 62/1, මලින්ද පුෂ්පකුමාර 55/0, අකිල ධනංජය 61/3, චතුරංග ද සිල්වා 22/2
ගාල්ල: දෙවැනි ඉනිම - 1/0 (පන්දුවාර 1) මාධව වර්ණපුර (නොදැවී) 1, ළහිරු මිලන්ත (නොදැවී) 0, දිල්රුවන් පෙරේරා 1/0
 
දඹුල්ල-මහනුවර 
දඹුල්ල: පළමු ඉනිම - 480 (පන්දුවාර 109.4) දිමුත් කරුණාරත්න 71, කුසල් මෙන්ඩිස් 8, නිපුන් කරුණානායක 6, අශාන් ප්‍රියංජන් 156, සචිත්‍ර සේරසිංහ 0, මිලින්ද සිරිවර්ධන 6, මනෝජ් සරත්චන්ද්‍ර 57, ඉෂාන් ජයරත්න 35, සචිත්‍ර සේනානායක 105, ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී 9, ළහිරු ගමගේ 5, ළහිරු කුමාර 105/3, කසුන් රාජිත 89/3, චාමික කරුණාරත්න 80/2, ප්‍රභාත් ජයසූරිය 94/1, චරිත් අසලංක 39/0, ජීවන් මෙන්ඩිස් 59/1
මහනුවර: පළමු ඉනිම - 364 (පන්දුවාර 104.2) තරංග පරණවිතාන 6, මහේල උඩවත්ත 97, චරිත් අසලංක 30,   නිරෝෂන් දික්වැල්ල 112, ප්‍රියමාල් පෙරේරා 62, ජීවන් මෙන්ඩිස් 6,  චාමික කරුණාරත්න 0, ප්‍රභාත් ජයසූරිය 0, ළහිරු කුමාර 6, කසුන් රාජිත (නොදැවී) 5, ළහිරු ගමගේ 71/5, ඉෂාන් ජයරත්න 55/0, සචිත්‍ර සේනානායක 91/1, දිමුත් කරුණාරත්න 7/0, සචිත්‍ර සේරසිංහ 39/2, අශාන් ප්‍රියංජන් 18/0, මිලින්ද සිරිවර්ධන 14/0, ජෙෆ්ර් වැන්ඩර්සේ 35/0
දඹුල්ල: දෙවැනි ඉනිම - 163/7 (පන්දුවාර 40) කුසල් මෙන්ඩිස් 13, දිමුත් කරුණාරත්න 40, නිපුන් කරුණානායක 5, අශාන් ප්‍රියංජන් 0, සචිත්‍ර සේරසිංහ 37,  මිලින්ද සිරිවර්ධන (නොදැවී) 30, මනෝජ් සරත්චන්ද්‍ර 0, ඉෂාන් ජයරත්න 7, සචිත්‍ර සේනානායක (නොදැවී) 23, කසුන් රාජිත 25/3, ළහිරු කුමාර 49/3, ප්‍රභාත් ජයසූරිය 25/0, චාමික කරුණාරත්න 19/0, චරිත් අසලංක 40/1
 
පමෝද් ලසන්ත

දකුණු අප්‍රිකාවට එරෙහි තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර්ට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.
ඒ සමගම මෙම ක්‍රීඩකයන් දෙදෙනාට වසර දෙකක් යනතුරු ඕස්ට්‍රේලියානු පි‍ලේ නායකත්වය දැරීමට නොහැකි වන පරිදි මෙම තහනම පනවා තිබේ.
මෙම සිදුවීමේදී පන්දුව පලුදු කිරීමට හවුල් වූ කැමරන් බැන්කේ‍රාෆ්ට මාස 9ක ක්‍රිකට් තහනමක් පැනවීමටද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ.
මේ අතර අයි.පී.එල්. තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් පි‍ලේ නායකයා ලෙස නම්කර සිටි ඩේවිඩ් වෝනර් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
මීට පෙර රාජස්ථාන් රෝයල්ස් පි‍ලේ නායකයා ලෙස පත්කර තිබූ ස්ටීවන් ස්මිත්ද නායකත්වයෙන් ඉවත් විය.

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර කේප් ටවුන්හිදී පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 322ක ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකාව තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
මේ අනුව තීරණාත්මක සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 30 දා ජොහැන්නස්බර්ග් හිදී ආරම්භ වෙයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් මුල් ඉනිමේදී කඩුලු 4ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් බිඳ හෙළමින් දකුණු අප්‍රිකානු ජයග්‍රහණයේ නියමුවා වූ මොනි මෝකල් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
මුල් ඉනිමේ ලකුණු 56ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ලකුණු 373ක් රැස් කළ අතර, ජයග්‍රහණය සඳහා ලකුණු 430ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම ලකුණු 107කට සීමා විය.

දකුණු අප්‍රිකාව මුල් ඉනිම සියලු දෙනා දැවී - 311යි
එල්ගා (නොදැවී) 141, අම්ලා 31, ඩිවිලියර්ස් 64, කමින්ස් 78/4, හේසල්වුඩ් 59/2, ලයන් 43/2
ඕස්ට්‍රේලියාව මුල් ඉනිම සියලු දෙනා දැවී - 255යි
බැන්කේ‍රාෆ්ට් 77, වෝනර් 30, පේන් (නොදැවී) 34, ලයන් 47, මෝකල් 87/4, රබාඩා 91/4, පිලැන්ඩර් 26/2
දකුණු අප්‍රිකාව මුල් ඉනිම සියලු දෙනා දැවී - 373යි
මාක්රම් 84, අම්ලා 31, ඩිවිලියර්ස් 63, ඩි කොක් 65, පිලැන්ඩර් (නොදැවී) 52, හේසල්වුඩ් 69/3, කමින්ස් 67/3, ලයන් 102/3
ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම සියලු දෙනා දැවී - 107යි
බැන්කේ‍රාෆ්ට් 26, වෝනර් 32, මෝකල් 23/5, මහරාජ් 32/2

අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතා තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 108ක ජයක් ලැබූ පාකිස්තානය තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය පන්දුවාර 50දී කඩුලු 9ට ලකුණු 215ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම පන්දුවාර 41.3කදී ලකුණු 107කට සීමා විය.
පාකිස්තානය වෙනුවෙන් නහිඩා ඛාන් හතරේ පහර 5ක් සමගින් ලකුණු 46ක් රැස් කළ අතර, විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සානා මීර් ලකුණු 27ට කඩුලු 4ක්ද නෂ්රා සන්දු ලකුණු 18ට කඩුලු 3ක්ද බිඳ හෙලූහ.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිනී නිපුනි හංසිකා හතරේ පහර 5ක් සමගින් ලකුණු 35ක් රැස් කළ අතර, සෙසු පිතිකාරිනියෝ එකා පිට එකා දැවී ගියහ.
ශ්‍රී ලංකාව කිසිවකු නොදැවී ලකුණු 49ක් ලබා හොඳ ආරම්භයක් ලබා සිටියද නෂ්රා සනුද්ගේ සහ සානා මීර්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පිට පිටම කඩුලු 4ක් දැවී යාමෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 4ට ලකුණු 49ක් ලෙස සටහන් විය.
 
ලකුණු තත්ත්වය :-
පාකිස්තානය පන්දුවාර 50දී කඩුලු 9ට - 215යි 
නහිඩා ඛාන් 46, මුනීබා අලි 19, ජවේරියා ඛාන් 30, බිෂ්මා මාරූෆ් 26, සිද්රා අමීන් 21, නිඩා ඩාර් 20, සානා මීර් 16, සිද්රා නවාස් 3, අයිමාන් අන්වර් 3, ඩියානා බේග් (නොදැවී) 9, නෂ්රා සන්දු (නොදැවී) 1, ශ්‍රීපාලි වීරක්කොඩි 37/1, අමා කාංචනා 35/2, ශෂිකලා සිරිවර්ධන 40/2, ඉනෝකා රණවීර 34/1, සුගන්ධිකා කුමාරි 33/1
 
ශ්‍රී ලංකාව පන්දුවාර 41.3කදී සියලු දෙනා දැවී - 107යි
නිපුනි හංසිකා 35, චමරි ‍පොල්ගම්‍පොල 10, චමරි අතපත්තු 0, රෙබෙකා වැන්ඩොට් 0, ප්‍රසාදිනී වීරක්කොඩි 15, ශෂිකලා සිරිවර්ධන 3, හෂිනි පෙරේරා 8, අමා කාංචනා 7, ශ්‍රීපාලි වීරක්කොඩි 1, සුගන්ධිකා කුමාරි (නොදැවී) 18, ඉනෝකා රණවීර 4, සානා මීර් 27/4, නෂ්රා සන්දු 18/3, නිඩා ඩාර් 16/2, බිෂ්මා මාරූෆ් 11/1

නිදහස් කුසලාන තුන්කොන් 20-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (18දා) පැවැති ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවසන් මහා තරගයේදී අවසන් පන්දුවේදී කඩුලු 4ක ජයක් හිමිකරගත් ඉන්දියාව නිදහස් කුසලාන දිනා ගත්තේය.
මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 20දී කඩුලු 8ට ලකුණු 166ක් ලබාගත් අතර ඉන්දියාව අවසන් පන්දුවේදී තරගයේ ජය වාර්තා කළේය.
අවසන් පන්දුවේදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 5ක් අවශ්‍යව තිබූ අතර, හයේ පහරක් එල්ල කළ 
දිනේෂ් කාර්තික් ඉන්දියාවේ ජය තහවුරු කළේය.
ලකුණු හඹායාමේදී රෝහිත් ෂර්මා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්දියාවට සාර්ථක ආරම්භයක් ලබාදුන් නමුත් මැද පෙළ බිඳ වැටීමත් සමගම තරගය දෙපසටම දෝලනය විය.
අවසන් පන්දුවාර 3දී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 35ක් අවශ්‍යව තිබූ අතර, මුෂ්ටාෆිසූර් යැවූ 18 වැනි පන්දුවාරයේදී ඉන්දියාවට ලබාගත හැකිවූයේ 1 ලකුණක් පමණි.
මේ අනුව පන්දුවාර 2කදී ලකුණු 34ක ඉලක්කයක් හිමිවූ අතර, රුබෙල් හොසේන් යැවූ 19 වැනි පන්දු වාරයේදී ලකුණු 22ක් ලබා ගැනීමට දිනේෂ් කාර්තික් සමත් විය. 
මේ අනුව අවසන් පන්දුවාරයේදී ලකුණු 12ක ඉලක්කයක් හිමිවූ අතර, පළමු පන්දු 4ට ලකුණු 7ක් ලබාගත් අතර, 5 වෙනි පන්දුවේදී විජේ ශංකර් දැවී යාමත් සමගම අවසන් පන්දුවේදී ලකුණු 5ක් අවශ්‍ය විය.
සෞම්‍ය සකාර් යැවූ අවසන් පන්දුවට 6 පහරක් එල්ල කළ දිනේෂ් කාර්තික් නිදහස් කුසලාන ඉන්දියාවට හිමිකර දුන්නේය.
සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ කාර්තික් පන්දු 8කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 29ක් ලබාගත් අතර, නායක රෝහිත් ෂර්මා පන්දු 42කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සහිතව ලකුණු 56ක්ද, මනිෂ් පාන්ඩේ ලකුණු 28ක්ද වාර්තා කළේය.
මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිම බිඳ දැමීමට යුස්වෙන්දර් චහාල් සමත් වූ අතර, හුදෙකලා සටනක නිරත වූ සබිර් රහමන් පන්දු 50කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සහිතව ලකුණු 77ක් වාර්තා කළේය.
යුස්වෙන්දර් චහාල් ලකුණු 18ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, උනද්කට් කඩුලු 2ක්ද, වොෂින්ටන් සුන්දර් එක් කඩුල්ලක්ද බිඳ හෙළීය.
අවසන් තරගයේ වීරයා ලෙස දිනේෂ් කාර්තික් නම් කළ අතර, තරගාවලියේ වීරයා ලෙස වොෂින්ටන් සුන්දර් නම් කළේය.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් කෝට්ටේ බැද්දගාන ජාතික පාපන්දු ක්‍රීඩා මධ්‍යස්ථානයේදී ඉදිකරන ලද කෘත්‍රිම පාපන්දු ක්‍රීඩාංගණය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණි.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ලබාදෙන ලද රුපියල් කෝටි 7.5ක මුදලක් වැය කරමින් ශ්‍රී ලංකාවේ පළමු කෘත්‍රිම පාපන්දු ක්‍රීඩාංගණය ඉදිකර තිබේ.
ඕනෑම කාලගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන අයුරින් මෙම කෘත්‍රිම පාපන්දු ක්‍රීඩා පිටිය ඉදිකර තිබිම 
විශේෂත්වයකි.
පාපන්දු පිටිය ඉදිකිරීමට පෙර මෙම ස්ථානයේ ක්‍රීඩකයන් 40 දෙනෙකුට සහ නිලධාරීන් 15 දෙනෙකුට නවාතැන් පහසුකම්වලින් සමන්විත පුහුණු මධ්‍යස්ථානයක්, ශාරීරික පුහුණු මධ්‍යස්ථානයක් සහ ශ්‍රවණාගාරයක්ද ස්ථාපිත කර තිබුණි.
ක්‍රීඩා පිටිය නිල වශයෙන් විවෘත කිරීම සනිටුහන් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහ පාපන්දු සම්මේලනයේ නිලධාරීන්ගේ කණ්ඩායම් දෙකක් අතර සුහද පාපන්දු තරගයක්ද පැවැත්වුණු අතර, එහි ජයග්‍රහණය (ගෝල 6-1) ක්‍රීඩා අමාත්‍යාංශ කණ්ඩායමට හිමිවිය.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා අමාත්‍යාංශ පිල නියෝජනය කරමින් තරග වැදුණු අයුරු සහ නව කෘත්‍රිම පාපන්දු ක්‍රීඩා පිටිය ඡායාරූපවලින් දිස්වේ.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.