Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වැනි ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේ පිරිමි උස පැනීමේ ඉසව්වට සහභාගි වූ මංජුල කුමාර විජේසේකර අවසන් අවටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් පළමුවෙන්ම සිය ඉසව්ව සඳහා සහභාගි වූ මංජුල කුමාර මීටර්  2.21ක උසක් පනිමින් හෙට (11දා) පැවැත්වෙන අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
කිලෝ ග්‍රෑම් 52 බර පන්තිය යටතේ තරග වැදුණු බොක්සිං ක්‍රීඩක ඉෂාන් බණ්ඩාර නාඋරු දූපත්හි ක්‍රීඩකයාව පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර, හෙට (11දා) ලෙසතෝ රාජ්‍යයේ ක්‍රීඩකයා සමග තරග වදියි.
කිලෝ ග්‍රෑම් 105ට වැඩි බර පන්තියේ බර ඉසිලීමේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ උෂාන් චාරුක කිලෝ ග්‍රෑම් 239ක මුළු බර එකතුවක් සටහන් කර ගනිමින් 8වැනි ස්ථානයට පත්විය.
ඊයේ පැවැති පිරිමි මීටර් 50 නිදහස් ආර පිහිනුම් තරගයට සහභාගි වූ මැතිව් අබේසිංහ තත්පර 22.65ක කාලයක් සටහන් කර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර, එහිදී 8වැනි (තත්. 22.84) ස්ථානයට පත්විය.
අද (10දා) ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග බිමට පිවිසෙන අතර, ඒ අතුරින් අර්ධ අවසන් පූර්ව තරග සඳහා සහභාගි වන බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි පදක්කම් බලා‍පොරොත්තුවක් රඳවා තිබේ.
කිලෝ ග්‍රෑම් 57 බර පන්තියෙන් තරග වදින කේෂානි හංසිකා අද නවසීලන්ත ක්‍රීඩිකාව සමගද, කිලෝ ග්‍රෑම් 46-49 බර පන්තියෙන් තරග වදින තිවංක රණසිංහ වැනිආටු දේශයේ ක්‍රීඩකයා සමගද, කිලෝ ග්‍රෑම් 64 බර පන්තියෙන් තරග වදින පී.වී. දිනිදු නැමීබියානු ක්‍රීඩකයා සමගද අද අර්ධ අවසන් පූර්ව තරග සඳහා සහභාගි වෙති.
අද පැවැත්වෙන පිරිමි පාපැදි කාලය මැනීමේ තරගය සඳහා ශ්‍රී ලංකාවේ චාමික කුමාර සහ අවිශ්ක මාවතගේ සහභාගි වන අතර, ජානක විමලසිරි දුර පැනීමේ මූලික වටයේ තරග සඳහා සහභාගි වෙයි. 
මීට අමතරව අද ශ්‍රී ලංකා කණ්ඩායමේ මේසපන්දු සහ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග ඉසව් කිහිපයකටම සහභාගි වේ.
ඊයේ පැවැති තරග ඉසව් සඳහා සහභාගි වූ වෙඩි තැබිමේ ක්‍රීඩක තන්තුලාගේ ප්‍රනාන්දු (මීටර් 10 වායු පිස්තෝල), බර ඉසිලීමේ ක්‍රීඩක සමන් අබේවික්‍රම (කි.ග්‍රෑම් 105 බර පන්තිය), වෙරළ වොලිබෝල් ක්‍රීඩක යුගළය වන අසංක ප්‍රදීප් සහ සෂිමාල් යාපා, වෙඩි තැබිමේ ක්‍රීඩිකා සඳුනි පෙරේරා (මීටර් 10 වායු රයිෆල්) සිය තරග ඉසව්වලදී පරාජයට පත්වූහ.
මැතිව් අබේසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් මීටර් 50 නිදහස් ආර තරග ඉසව්වටම සහභාගි වූ කයිල් අබේසිංහ සහ චෙරන්ත ද සල්වා පරාජයට පත්වූ අතර, මීටර් 50 පසුපස ආර කාන්තා ඉසව්වට සහභාගි වූ විනෝලි කළුආරච්චි මූලික වටයේ තරගයේදී 8 වැනි ස්ථානයට පත් වූවාය.
මීටර් 200 පසුපස ආර පිරිමි මූලික වටයට සහභාගි වූ අකලංක පීරිස් 7 වැනියා බවට පත්විය.
ඊයේ පැවැති පිරිමි සහ කාන්තා මීටර් 100 අවසන් තරග ඉසව්වලදී ජයගත් දකුණු අප්‍රිකාවේ අකානි සිම්බියිනි (තත්. 10.03) සහ ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටුබැගෝ හි මිචෙල් ලී (තත්. 11.14) මෙවර ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත්වූහ.
පිරිමි දෙවැනි ස්ථානයද දකුණු අප්‍රිකාවේ හෙන්රිචෝ බෘයින්ට්ජීස් (තත්. 10.17) දිනාගත් අතර, තෙවැනි ස්ථානය ජැමෙයිකාවේ යොහාන් බේල්ක් (තත්. 10.19) සතුවිය.
 කාන්තා දෙවැනි සහ තෙවැනි ස්ථාන ජැමෙයිකාවට දිනා දීමට ක්‍රිස්ටානියා විලියම්ස් (තත්. 11.21) සහ ගයොන් එවන්ස් (තත්. 11.22) සමත් වූහ.

21 වැනි ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙ‍ලේ සමාරම්භක උළෙල ඊයේ (4දා) ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි පිහිටි කරාරා ක්‍රීඩාංගණයේදී විචිත්‍රවත් අයුරින් පැවැත්වුණි.
චාල්ස් කුමරු සහ එම ආර්යාවගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සමාරම්භක උළෙල ඕස්ට්‍රේලියානු සාම්ප්‍රදායික නැටුම් ගැයුම් වලින් සහ මල්වෙඩි සංදර්ශනයකින් ඒකාලෝකමත් විය.
ක්‍රීඩා ලෝලීන් 35000කට ආසන්න පිරිසකගේ ඔල්වරසන්හඬ මධ්‍යයේ පැවැති මෙම සමාරම්භක උළෙ‍ලේදී චින්තන ගීතාල් විදානගේගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම 42 වැන්නා ලෙස හරාරා ක්‍රීඩාංගණයේ ආචාර පෙළපාළියේ ගමන් ගත්හ.
ශ්‍රී ලංකා මුදලින් රු. 12,000කට ආසන්න මිලකට අලෙවි වූ හරාරා ක්‍රීඩාංගණයේ සියලුම ටිකට් පත් අලෙවි වී අවසන්ව තිබූ අතර, දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ක්‍රීඩාංගණය පිරී ඉතිරීගොස් තිබුණි.
ඊයේ දිනය සමාරම්භක උළෙලට පමණක් වෙන්වී තිබූ අතර, ක්‍රීඩා ඉසව් අද සිට ලබන 15දා දක්වා පැවැත්වේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් අද දිනයේදී තරග බිමට පිවිසෙයි.
මේ අනුව ‘ඒ’ කොටසින් තරග වදින ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම අද පෙරවරුවේ ඉන්දියාව සමගද, අද රාත්‍රියේදී ස්කොට්ලන්තය සමගද මූලික වටයේ කණ්ඩායම් තරග සඳහා සහභාගි වෙති.
ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමද අද කැනඩාව සමගින් මූලික වටයේ තරග සඳහා සහභාගි වන අතර, අකලංක පීරිස් සහ චෙරන්ත ද සිල්වා මීටර් 50 සමනළ ආර මූලික වටයේ පිහිනුම් තරගයට සහභාගි වෙති. අකලංක පීරිස් අද දිනයේම පැවැත්වෙන මීටර් 100 පසුපස ආර පිහිනුම් තරගයටද සහභාගිවේ.
ශ්‍රී ලංකා ස්කොෂ් කණ්ඩායමද අද මූලික වටයේ තරග සඳහා සහභාගි වන අතර, රවිඳු ලක්සිරි ෆීජි ක්‍රීඩකයකු සමගද, මිහිලියා මෙත්සරණි නවසීලන්ත ක්‍රීඩිකාවක් සමගද තරග වදියි.
මේ අතර අද දිනයේ පදක්කම් පිරිනැමෙන පිහිනුම්, පාපැදි (ට්‍රැක්), ජිම්නාස්ටික්, තුන් ප්‍රයාම, බර ඉසිලීම ක්‍රීඩාවන්හි අවසන් තරග ඉසව් කිහිපයක්ද පැවැත්වේ.

පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කරච්චියේදී පැවැති තෙවැනි 20-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කළ පාකිස්තානය තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20දී කඩුලු 6ට ලකුණු 153ක් රැස් කළ අතර, පාකිස්තානය පන්දුවාර 16.5කදී කඩුලු 2ට ලකුණු 154ක් ලබා තරගය ජය ගත්තේය.
පාකිස්තානය වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ බාබර් අසාම් (51) සහ ෆකාර් සමාන් (40) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සම්බන්ධතාවක් තැබූ අතර, හුසේන් තලාට් නොදැවී ලකුණු 31ක්ද, අසීෆ් අලී නොදැවී ලකුණු 25ක්ද වාර්තා කළේය.
මුලින්ම පන්දුවට පහර දුන් කොදෙව් පිල වෙනුවෙන් ඇන්ඩෘ ෆ්ලෙචර් ලකුණු 52ක්ද, දිනේෂ් රම්ඩීන් නොදැවී ලකුණු 42ක්ද වාර්තා කළ අතර, ෂඩාබ් ඛාන් ලකුණු 27ට කඩුලු 2ක් බිඳ හෙළීය.
තරගයේ වීරයා ලෙස ෆකාර් සමාන් නම් කළ අතර, තරගාවලියේ වීරයා ලෙස බාබර් අසාම් නම් කරනු ලැබිය.
 
ලකුණු තත්ත්වය :-
බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20දී - 153/6යි
ෆ්ලෙචර් 52, සැමුවෙල්ස් 31, රම්ඩීන් නොදැවී 42, ෂඩාබ් ඛාන් 27/2
 
පාකිස්තානය පන්දුවාර 16.5කදී - 154/2යි
ෆකාර් සමාන් 40, බාබර් අසාම් 51, හුසේන් තලාට් නොදැවී 31, අසීෆ් අලී නොදැවී 25, එම්රිට් 24/1, ස්මිත් 38/1

නවසීලන්තය සහ එංගලන්තය අතර ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, පළමු තරගය ජයගත් නවසීලන්තයට තරගාවලියේ ජය හිමිවිය.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 382ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය අසීරු තත්ත්වයකට පත්ව සිටියදී විශිෂ්ට සටනක නිරත වූ ඉෂ් සෝඩි නොදැවී ලකුණු 56ක් වාර්තා කරමින් නවසීලන්තය පරාජයෙන් බේරා ගත්තේය. 
තරගය අවසන් වන විට නවසීලන්තය කඩුලු 8ට ලකුණු 256ක් ලබා සිටියේය.
මෙම තරගයේදී එංගලන්ත මුල් ඉනිමේ කඩුලු 6ක් ලකුණු 62කට බිඳ දැමූ ටිම් සවුති තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, තරගාවලිය පුරා පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ටේ‍රන්ට් බෝල්ට් තරගාවලියේ වීරයා සම්මාන දිනා ගත්තේය.
 
එංගලත්තය මුල් ඉනිම - 307
ජොනී බේස්ටෝව් 101, මාක් වුඩ් 52, ටිම් සවුති 62/6, ටේ‍රන්ට් බෝල්ට් 87/4
නවසීලන්තය මුල් ඉනිම - 278යි
ඩී.ජේ. වොට්ලින් 85, ටිම් සවුති 50, කොලින් ඩි ග්‍රෑන්ඩ් හෝම් 72, ස්ටුවර්ට් බ්‍රෝඩ් 54/6, ජේම්ස් ඇන්ඩර්සන් 76/4
එංගලන්තය දෙවැනි ඉනිම - 352/9යි
මාක් ස්ටෝන්මන් 60, ජේම්ස් වින්ස් 76, ජෝ රූට් 54, ඩේවිඩ් මලාන් 53, ජොනී බේස්ටෝව් 36, කොලින් ඩි ග්‍රෑන්ඩ් හෝම් 94/4, ටේ‍රන්ට් බෝල්ට් 89/2, නීල් වැග්නර් 51/2
නවසීලන්තය දෙවැනි ඉනිම - 256/8යි
ටොම් ‍ලේතම් 83, ඉෂ් සෝඩි නොදැවී 56, කොලින් ඩි ග්‍රෑන්ඩ් හෝම් 45, බ්‍රෝඩ් 72/2, මාක් වුඩ් 45/2, ලීච් 61/2

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි 4 අන්තර් පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතිය යටතේ පැවැති දඹුල්ල-මහනුවර සහ කොළඹ-ගාල්ල තරග දෙකම ජය පැරදුමෙන් තොරව අවසන් විය.
පළමු සතියේ තරගවල අවසන් දිනය වූ ඊයේ මහනුවර වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ මහේල උඩවත්ත ශතකයක් රැස් කිරීමට සමත් විය.
මහේල උඩවත්ත දඹුල්ලට එරහිව පන්දු 137කදී හතරේ පහර 11ක් සමගින් නොදැවී ලකුණු 103ක් රැස් කළේය.
මුල් ඉනිමේදී ශතක වාර්තා කළ නිරෝෂන් දික්වැල්ල (මහනුවර) සහ සචිත්‍ර සේනානායක (දඹුල්ල) තරගයේ අවසන් දිනය වූ ඊයේද අර්ධ ශතක වාර්තා කළ අතර, ගාල්ල වෙනුවෙන් ළහිරු මිලන්ත සහ සදීර සමරවික්‍රමද අර්ධ ශතක වාර්තා කළහ.
මෙම තරගාවලියේ පළමු වටයේ දෙවැනි සති අන්තයට අදාළ ගාල්ල සහ දඹුල්ල අතර තරගය දඹුල්‍ලේදීද, මහනුවර සහ කොළඹ අතර තරගය සූරියවැවදීද ලබන 8දා ආරම්භවේ.

ගාල්ල - කොළඹ
ගාල්ල: පළමු ඉනිම - 476
කොළඹ: පළමු ඉනිම - 333
ගාල්ල: දෙවැනි ඉනිම - 177/3 (පන්දුවාර 56) මාධව වර්ණපුර 08, ළහිරු මිලන්ත නොදැවී 74, ඕෂධ
ප්‍රනාන්දු 03, සදීර සමරවික්‍රම 77, රොෂේන් සිල්වා නොදැවී 03, දිල්රුවන් පෙරේරා 35/0, විශ්ව ප්‍රනාන්දු 24/2, කවිෂ්ක අංජුල 27/0, ලසිත් ඇඹුල්දෙණිය 44/0, ධනංජය ද සිල්වා 31/1,
ෂෙහාන් ජයසූරිය 7/0
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

දඹුල්ල-මහනුවර
දඹුල්ල: පළමු ඉනිම - 480
මහනුවර: පළමු ඉනිම - 364
දඹුල්ල: දෙවැනි ඉනිම - 256 (පන්දුවාර 65.5) කුසල් මෙන්ඩිස් 13, දිමුත් කරුණාරත්න 40, නිපුන් කරුණානායක 05, අශාන් ප්‍රියංජන් 00, සචිත්‍ර සේරසිංහ 37, මිලින්ද සිරිවර්ධන නොදැවී 30, මනෝජ් සරත්චන්ද්‍ර 00, ඉෂාන් ජයරත්න 07, සචිත්‍ර සේනානායක 60, ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී 11, ළහිරු ගමගේ 01, කසුන් රාජිත 49/3,
ළහිරු කුමාර 61/3, ප්‍රභාත් ජයසූරිය 39/2, චාමික කරුණාරත්න 19/0, චරිත් අසලංක 57/1, ජීවන් මෙන්ඩිස් 24/1
මහනුවර: දෙවැනි ඉනිම - 221/2 (පන්දුවාර 56.2) තරංග පරණවිතාන 09, මහේල උඩවත්ත (නොදැවී) 103, චරිත් අසලංක 30, නිරෝෂන්
දික්වැල්ල (නොදැවී) 56, ළහිරු ගමගේ 20/0, සචිත්‍ර සේනානායක 56/0, ඉෂාන් ජයරත්න 9/1, ජෙෆ්රි වැන්ඩර්සේ 63/1, සචිත්‍ර සේරසිංහ 15/0, අශාන් ප්‍රියංජන් 39/0, කුසල් මෙන්ඩිස් 4/0
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.


පමෝද් ලසන්ත

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි 4 අන්තර් පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු සති අන්තයේ තරගවල තෙවැනි දිනය නිමාවන විට මුල් ඉනිමේ පෙරමුණ ගැනීමට ගාල්ල සහ දඹුල්ල සමත් විය.
ගාල්ල  වෙනුවෙන් රොෂේන් සිල්වා සිය පළමු පෙළ ඉහළම ලකුණු සංඛ්‍යාව සහ මෙම තරගාවලියේ පළමු ද්විත්ව ශතකය රැස් කිරීමට සමත් විය.
රොෂේන් සිල්වා සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කොළඹට එරෙහිව පන්දු 329කදී හතරේ පහර 16ක් සමගින් නොදැවී ලකුණු 231ක් රැස් කළේය.
මීට අමතරව මෙම තරගවලදී ශතක රැස් කිරීමට අශාන් ප්‍රියංජන් (දඹුල්ල), ළහිරු තිරිමාන්න (කොළඹ),  නිරෝෂන් දික්වැල්ල (මහනුවර) සහ සචිත්‍ර සේනානායක (දඹුල්ල) සමත් වූ අතර, දඹුල්ල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ළහිරු ගමගේ ලකුණු 71ට කඩුලු 5ක් දවාලීය.
අශාන් ප්‍රියන්ජන් පන්දු 239කදී හතරේ පහර 18ක් සමගින් ලකුණු 156ක් රැස් කළ අතර, සචිත්‍ර සේනානායක පන්දු 109කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 105ක් රැස් කළේය.
නිරෝෂන් දික්වැල්ල පන්දු 154කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 112ක් රැස් කළ අතර, ලහිරු තිරිමාන්න පන්දු 258කදී හතරේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 125ක් රැස් කළේය.
අද (2දා) මෙම තරග දෙකෙහි අවසන් දිනයයි.
 
ගාල්ල-කොළඹ 
ගාල්ල: පළමු ඉනිම - 476 (පන්දුවාර 141) මාධව වර්ණපුර 18, ළහිරු මිලන්ත 0, ඕෂධ ප්‍රනාන්දු 0, සධීර සමරවික්‍රම 01, රොෂේන් සිල්වා (නොදැවී) 231, දසුන් ශානක 95, චතුරංග ද සිල්වා 47, නිසල තාරක 20, අකිල ධනංජය 24, මලින්ද පුෂ්පකුමාර 19, මොහොමඩ් ඩිල්ෂාඩ් 4, විශ්ව ප්‍රනාන්දු 65/1, කවිෂ්ක අංජුල 52/2, දුෂ්මන්ත චමීර 31/0, ලසිත් ඇඹුල්දෙණිය 147/2, දිල්රුවන් පෙරේරා 106/3, ධනංජය ද සිල්වා 13/0, ෂෙහාන් ජයසූරිය 31/0
 
කොළඹ: පළමු ඉනිම - 333 (පන්දුවාර 95.5) කෞෂාල් සිල්වා 13, ෂෙහාන් ජයසූරිය 8, ධනංජය ද සිල්වා 66, ළහිරු තිරිමාන්න (නොදැවී) 125, දිනේෂ් චන්දිමාල් 18, චාමර සිල්වා 10, කවිෂ්ක අංජුල 46, දිල්රුවන් පෙරේරා 0, ලසිත් ඇඹුල්දෙණිය 24, විශ්ව ප්‍රනාන්දු 0,  නිසල තාරක 66/1, මොහොමඩ් ඩිල්ෂාඩ් 49/2, දසුන් ශානක 62/1, මලින්ද පුෂ්පකුමාර 55/0, අකිල ධනංජය 61/3, චතුරංග ද සිල්වා 22/2
ගාල්ල: දෙවැනි ඉනිම - 1/0 (පන්දුවාර 1) මාධව වර්ණපුර (නොදැවී) 1, ළහිරු මිලන්ත (නොදැවී) 0, දිල්රුවන් පෙරේරා 1/0
 
දඹුල්ල-මහනුවර 
දඹුල්ල: පළමු ඉනිම - 480 (පන්දුවාර 109.4) දිමුත් කරුණාරත්න 71, කුසල් මෙන්ඩිස් 8, නිපුන් කරුණානායක 6, අශාන් ප්‍රියංජන් 156, සචිත්‍ර සේරසිංහ 0, මිලින්ද සිරිවර්ධන 6, මනෝජ් සරත්චන්ද්‍ර 57, ඉෂාන් ජයරත්න 35, සචිත්‍ර සේනානායක 105, ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී 9, ළහිරු ගමගේ 5, ළහිරු කුමාර 105/3, කසුන් රාජිත 89/3, චාමික කරුණාරත්න 80/2, ප්‍රභාත් ජයසූරිය 94/1, චරිත් අසලංක 39/0, ජීවන් මෙන්ඩිස් 59/1
මහනුවර: පළමු ඉනිම - 364 (පන්දුවාර 104.2) තරංග පරණවිතාන 6, මහේල උඩවත්ත 97, චරිත් අසලංක 30,   නිරෝෂන් දික්වැල්ල 112, ප්‍රියමාල් පෙරේරා 62, ජීවන් මෙන්ඩිස් 6,  චාමික කරුණාරත්න 0, ප්‍රභාත් ජයසූරිය 0, ළහිරු කුමාර 6, කසුන් රාජිත (නොදැවී) 5, ළහිරු ගමගේ 71/5, ඉෂාන් ජයරත්න 55/0, සචිත්‍ර සේනානායක 91/1, දිමුත් කරුණාරත්න 7/0, සචිත්‍ර සේරසිංහ 39/2, අශාන් ප්‍රියංජන් 18/0, මිලින්ද සිරිවර්ධන 14/0, ජෙෆ්ර් වැන්ඩර්සේ 35/0
දඹුල්ල: දෙවැනි ඉනිම - 163/7 (පන්දුවාර 40) කුසල් මෙන්ඩිස් 13, දිමුත් කරුණාරත්න 40, නිපුන් කරුණානායක 5, අශාන් ප්‍රියංජන් 0, සචිත්‍ර සේරසිංහ 37,  මිලින්ද සිරිවර්ධන (නොදැවී) 30, මනෝජ් සරත්චන්ද්‍ර 0, ඉෂාන් ජයරත්න 7, සචිත්‍ර සේනානායක (නොදැවී) 23, කසුන් රාජිත 25/3, ළහිරු කුමාර 49/3, ප්‍රභාත් ජයසූරිය 25/0, චාමික කරුණාරත්න 19/0, චරිත් අසලංක 40/1
 
පමෝද් ලසන්ත

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.