Coss Ear2
lakbima.lk
COSS Ear 1

සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය යටතේ සූරියවැවදී පැවැත්වෙන ගාල්ල හා මහනුවර අතර තරගයේදී විශිෂ්ට දස්කම් දැක්වූ ගාල්ල ප්‍රබල තත්ත්වයක පසුවිය.
මුල් ඉනිම වෙනුවෙන් ගාල්ල ලබාගත් ලකුණු 425ට පිළිතුර ඉනිම ක්‍රීඩා කළ මහනුවර ලකුණු 185කට දැවී ගිය අතර ගාල්ල දෙවැනි ඉනිමේදී තෙවැනි දිනය වූ ඊයේ (23දා) තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 3ට ලකුණු 233 ක්  ලබා සිටියේය.
මහනුවර මුල් ඉනිමේදී කිසිඳු පිතිකරුවකුට අර්ධ ශතකයක් වාර්තා කිරීමට නොහැකි වූ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 39ක්ද ඉසුරු උදාන ලකුණු 35ක්ද මහේල උඩවත්ත ලකුණු 27ක්ද වාර්තා කළේය.
හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට ලබා ගත හැකි වුණේ ලකුණු 5ක් පමණි.
ගාල්ල වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ නිශාන් පීරිස් ලකුණු 67ට කඩුලු 6ක් බිඳහෙලු අතර නිසල තාරක සහ චතුරංග ද සිල්වා කඩුලු 2 බැගින් බිඳ හෙළීය.
ගාල්ල දෙවැනි ඉනිම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ උපුල් තරංග ලකුණු 103 ක්ද, රොෂේන් සිල්වා නොදැවී ලකුණු
65 ක්ද ලබා සිටියේය.
කොළඹ හා දඹුල්ල අතර දඹුල්‍ලේදී පැවැත්වෙන තරගයේදී කොළඹ මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 210ට පිළිතුරු වශයෙන් මුල් ඉනිමට ලකුණු 359ක් රැස් කිරීමට දඹුල්ල සමත් විය.
පරාජයෙන් බේරීමේ සටනක නිරත වන කොළඹ ඊයේ (23දා) තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 5 ට ලකුණු
268 ක් ලබා සිටියේය.
කොළඹ දෙවැනි ඉනිම වෙනුවෙන් කෞෂාල් සිල්වා ලකුණු 38ක්ද, ෂෙහාන් ජයසූරිය ලකුණු 77ක්ද, ලහිරු තිරිමාන්න ලකුණු 52 ක්ද, දිනේෂ්
චන්දිමාල් ලකුණු 44 ක්ද, ලබාගත්තේය.
පන්දුවෙන් දස්කම් දැක්වූ ජෙෆ්රි වැන්ඩසේ තේ පානය වන විට කඩුලු 3 ක් ලබා සිටියේය.
කොළඹ - දඹුල්ල - (තේ පානය වනවිට)
කොළඹ මුල් ඉනිම 210යි
දඹුල්ල මුල් ඉනිම 359 යි
කොළඹ දෙවැනි ඉනිම 268/5 යි.
කෞෂාල් සිල්වා 38, ෂෙහාන් ජයසූරිය 77, ලහිරු තිරිමාන්න 52, දිනේෂ්
චන්දිමාල් 44, ජෙෆ්රි වැන්ඩසේ 71/3.
ගාල්ල - මහනුවර (තේ පානය වන විට)
ගාල්ල මුල් ඉනිම 425යි
මහනුවර මුල් ඉනිම 185යි
ගාල්ල දෙවැනි ඉනිම  233/5 යි උපුල් තරංග 103, රොෂේන් සිල්වා නොදැවී 65, චාමිකර කරුණාරත්න 43/2


මංගල ධර්මප්‍රේම

සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය යටතේ හම්බන්තොට පැවැත්වෙන ගාල්ල සහ මහනුවර අතර තරගයේදී රොෂේන් සිල්වාගේ විශිෂ්ට ශතකය හේතුවෙන් මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 425ක් වාර්තා කිරීමට ගාල්ල සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන මහනුවර තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 3 ට ලකුණු 63 ක් ලබා සිටියේය.
මෙවර තරගාවලියේ තම දෙවැනි ශතකය වාර්තා කළ රොෂේන් සිල්වා (ගාල්ල) මහනුවරට එරෙහිව පන්දු 295කදී හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 168ක් රැස් කළේය. රොෂේන් සිල්වා සහ දසුන් ශානක 5වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 167ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූහ.
(දෙවැනි දිනයේ දිවා විවේකය වන විට) ගාල්ල: පළමු ඉනිම - 425 (පන්දුවාර 120.3) රොෂේන් සිල්වා 168, දසුන් ශානක 90, මාධව වර්ණපුර 66, සදීර සමරවික්‍රම 40, ප්‍රභාත් ජයසූරිය 116/4, චරිත් අසලංක 31/3, ළහිරු සමරකෝන් 87/2)

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය යටතේ පැවැති පලමු වටයේ අවසන් සති අන්තයේ තරගවලදී ජය හිමිකරගත් ශා.ජෝසප් සහ ඉසිපතන කාණ්ඩවල දෙවැනි ස්ථාන රැක ගැනීමට සමත්විය.
මේ අනුව ඒ කොටසින් රාජකීය,ශා.ජෝසප්,කිංග්ස්වුඩ් සහ ත්‍රිත්ව දෙවැනි වටයට පිවිසෙන අතර බි කොටසින් ශා.පීතර,ඉසිපතන,වෙස්ලි සහ සහිරා දෙවැනි වටයට පිවිසෙයි.
රාජකීය සහ ශා.පීතර අපරාජිත කණ්ඩායම් ලෙස දෙවැනි වටයට පිවිසෙන අතර එම වටයේ තරග මැයි 11දා ආරම්භ වෙයි. දෙවැනි වටයේදී ඒ කොටසේ කණ්ඩායම් බි කොටසේ කණ්ඩායම් සමග තරග 4කට සහභාගී වෙයි.
 
ශා.ජෝසප්-කිංග්ස්වුඩ්
හැව්ලොක් පිටියේ පැවැති ශා.ජෝසප් සහ කිංග්ස්වුඩ් අතර තරගයෙන් ලකුණු 26-22 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශා.ජෝසප් සමත්වූ අතර කේෂාන් කාවින්ද උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරීම කැපී පෙණුනි.
පළමු භාගය අවසන් වන විට ශා.ජෝසප් ලකුණු 19-12 ක් ලෙස පෙරමුණේ පසුවූ අතර දෙවැනි භාගයේදී ජයග්‍රහණය දෙපසට දෝලනය වුවද අවසානයේ ශා.ජෝසප්ට ජය හිමිවිය.
ශා.ජෝසප් වෙනුවෙන් කේෂාන් කාවින්ද (3) සහ සංජය අල්ගම උත්සාහක දිනුම් වාර්තා කල අතර අල්ගම ප්‍රවර්තන 3ක් නිම ක‍ලේය.
කිංග්ස්වුඩ් වෙනුවෙන් දිනාල් ඒකනායක, සචිත සෙනවිරත්න සහ රෂ්මික චන්ද්‍රරත්න උත්සාහක දිනුම් වාර්තා කල අතර හිරූෂ සම්පත් ප්‍රවර්තන 2ක් සහ දඬුවම් පහරක් නිම ක‍ලේය.
 
ඉසිපතන-වෙස්ලි
ඉසිපතන සහ වෙස්ලි අතර තරගයෙන් ලකුණු 22-17 ක ජයක් වාර්තා කිරීමට ඉසිපතන සමත් විය.
පළමු භාගයේදී ඉසිපතන ලකුණු 22-00කින් පෙරමුණ ගත්තද දෙවැනි භාගයේදී තියුණු සටනක් ලබාදුන් වෙස්ලි අවසානයේ ලකුණු 22-17 කින් පරාජය විය.
ඉසිපතන වෙනුවෙන් චමත් කල්හාර (2) අශාන් ගුණසේකර උත්සාහක දිනුම් වාර්තා කල අතර මනිල්ක රුබේරු ප්‍රවර්තන 2ක් සහ දඬුවම් පහරක් සාර්ථකව නිම ක‍ලේය.
වෙස්ලි වෙනුවෙන් මුෂිඩ් සුබේර් සහ තීක්ෂණ විතානගේ උත්සාහක දිනුම් වාර්තා කළ අතර සුබේර් ප්‍රවර්තන 2ක් සහ දඬුවම් පහරක් නිම ක‍ලේය.
 
ශා.පීතර-ඩී.එස්.
අපරාජිත ශා.පීතර සහ ඩී.එස්. සේනානායක අතර පැවැති තරගයෙන් ලකුණු 43-07 ක පහසු ජයක් වාර්තා කිරීමට ශා.පීතර සමත් විය.
මේ අනුව අපරාජිතව බි කොටසේ ශූරයන් ලෙස දෙවැනි වටයට පිවිසීමට ශා.පීතර සමත්විය.
 
සහිරා-ධර්මරාජ
සහිරා සහ ධර්මරාජ අතර තරගයෙන් ලකුණු 26-08 ක ජයක් වාර්තා කිරීමට සහිරා සමත්විය.
පළමු භාගය අවසන් වන විට සහිරා ලකුණු 16-08ක් ලෙස පෙරමුණේ පසුවිය. සහිරාට ලකුණු සටහනේ 4 වැනි ස්ථානය හිමිවූ අතර ධර්මරාජට 6 වැනි ස්ථානය හිමිවිය. 
 
මංගල ධර්මප්‍රේම

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරගයෙන් ලකුණු 46ක ජයක් ලැබූ මුම්බායි ඉන්දියන්ස් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.
මේ වන විට මෙම කණ්ඩායම් දෙකම තරග 4 බැගින් ක්‍රීඩා කර එක් තරගය බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු 2 බැගින් ලබා සිටින අතර, ලකුණු ලබා ගැනීමේ වේගය අනුව මුම්බායි ඉන්දියන්ස් 6 වැනි ස්ථානයේත් රෝයල් චැලෙන්ජර්ස් 7 වැනි ස්ථානයේත් පසුවෙයි.
රෝහිත් ෂර්මා (මුම්බායි) සහ විරාත් කෝලිගේ (රෝයල් චැලෙන්ජර්ස්) නායකත්වය යටතේ සුපිරි ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් මෙම කණ්ඩායම් දෙකම මේවනතුරු ලකුණු සටහනේ අවසන් ස්ථානයන්හි පසුවීම කැපී පෙනෙන සිදුවීමකි. 
මුම්බායි වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්මා පන්දු 52කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 94ක් රැස් කරමින් තරගයේ වීරයා බවට පත්විය
පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 20දී කඩුලු 6ට ලකුණු 213ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්ට පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 167ක් පමණි.
උමේෂ් යදාව් යැවූ ඉනිමේ පළමු පන්දු වාරයේ පළමු පන්දු දෙකේදී මුම්බායි කඩුලු 2ක් බිඳ වැටී අසීරු තත්ත්වයකට පත්වූ අතර, ආරම්භක පිතිකරු එවින් ලුවිස් සහ නායක ෂර්මා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108ක විශිෂ්ට සම්බන්ධතාවක් පවත්වමින් ඉනිම ගොඩනැංවූහ.
එවින් ලුවිස් පන්දු 42කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 65ක් රැස් කළ අතර, අවසන් පන්දු කිහිපයේදී ප්‍රහාරයක් දියත් කළ හර්දික් පාන්ඩ්යා පන්දු 5කදී නොදැවී ලකුණු 17ක් රැස් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 200 සීමාව කරා රැගෙන ගියේය.
රෝයල් චැලෙන්ජර්ස් වෙනුවෙන් ජේම්ස් ඇන්ඩර්සන් සහ උමේෂ් යදාව් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු හඹායාමේදී රෝයල් චැලෙන්ජර්ස් නායක විරාත් කෝලි හුදෙකලා සටනක නිරත වෙමින් පන්දු 62කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 92ක් රැස් කළේය.
කුනාල් පාන්ඩ්යා ලකුණු 28ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, ජස්ප්‍රිට් බුම්රා සහ මිචෙල් මැක්ලෙනගන් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :-
මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 20දී කඩුලු 6ට ලකුණු - 213යි
එවින් ලුවිස් 65, රෝහිත් ෂර්මා 94, කුනාල් පාන්ඩ්යා 15, හර්දික් පාන්ඩ්යා (නොදැවී) 17, උම‍ෂේ යදාව් 36/2, කෝරි ඇන්ඩර්සන් 47/2, ක්‍රිස් වෝක්ස් 31/1
 
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පන්දුවාර 20දී කඩුලු 8ට - 167යි
විරාත් කෝලි (නොදැවී) 92, කුයින්ටන් ඩි කොක් 19, මන්දීප් සිං 16, ක්‍රිස් වෝක්ස් 11, කුනාල් පාන්ඩ්යා 28/3, ජස්ප්‍රිට් බුම්රා 28/2, මිචෙල් මැක්ලෙනගන් 24/2, මයාන්ක් මර්කන්ඩේ 25/1

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කල්කටා නයිට්රයිඩර්ස් සහ දිල්ලි ඩෙයාඩෙවිල්ස් අතර පැවැති තරගයෙන් ලකුණු 71ක විශිෂ්ට ජයක් ලැබූ කල්කටා නයිට්රයිඩර්ස් සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.
මේ වන විට තරග 4 බැගින් ක්‍රීඩා කර ඇති කල්කටා නයිට්රයිඩර්ස් සහ දිල්ලි ඩෙයාඩෙවිල්ස් ලකුණු සටහනේ පිළිවෙළින් දෙවැනි සහ 7 වැනි ස්ථානයන්හි පසුවෙයි.
කල්කටා නයිට්රයිඩර්ස් වෙනුවෙන් පන්දු 35කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 59ක් රැස් කළ නිතිෂ් රානා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් කල්කටා නයිට්රයිඩර්ස් පන්දුවාර 20දී කඩුලු 9ට ලකුණු 200ක් රැස් කළ අතර, දිල්ලි ඩෙයාඩෙවිල්ස් පිළිතුරු ඉනිම පන්දුවාර 14.2කදී ලකුණු 129කට සීමා විය.
කල්කටා ඉනිමේ කඩුලු 4ක් ලකුණු 117කට බිඳ වැටී තිබියදී වේගවත් පිතිහරඹයක් දියත් කළ ඔන්ඩේ්‍ර රසල් පන්දු 12කදී හයේ පහර 6ක් සමගින් ලකුණු 41ක් රැස් කරමින් මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවීය.
රසල් සහ රානා 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර, ක්‍රිස් ලින් (31) සහ රොබින් උතප්පා (35) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක සම්බන්ධතාවක් ගොඩනංවමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.
දිල්ලි වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රාහුල් තවාටියා ලකුණු 18ට කඩුලු 3ක් බිඳ හෙලූ අතර, ටේ‍රන්ට් බෝල්ට් සහ ක්‍රිස් මොරිස් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු හඹායාමේදී දිල්ලි වෙනුවෙන් රිෂාබ් පන්ට් පන්දු 26කදී හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 43ක්ද, ග්ලෙන් මැක්ස්වෙල්  පන්දු 22කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 47ක් රැස් කළේය.
දිල්ලි ඉනිම බිඳ දැමූ සුනිල් නාරයින් ලකුණු 18ට කඩුලු 3ක්ද, කුල්දීප් යදාව් ලකුණු 32ට කඩුලු 3ක්ද බිඳ හෙළීය.
 
ලකුණු තත්ත්වය :-
කල්කටා නයිට්රයිඩර්ස් පන්දුවාර 20දී කඩුලු 9ට ලකුණු 200යි
ක්‍රිස් ලින් 31, උතප්පා 35, නිතිෂ් රානා 59, කාර්තික් 19, ඔන්ඩේ්‍ර රසල් 41, රාහුල් තවාටියා 18/3, ටේ‍රන්ට් බෝල්ට් 29/2, ක්‍රිස් මොරිස් 41/2
දිල්ලි ඩෙයාඩෙවිල්ස් පන්දුවාර 14.2කදී සියලු දෙනා දැවී 129යි
රිෂාබ් පන්ට් 43, ග්ලෙන් මැක්ස්වෙල් 47, නාරයින් 18/3, කුල්දීප් යදාව් 32/3

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් පන්දුවාර 20දී කඩුලු 9ට ලකුණු 125ක් රැස් කළ අතර, සන්රයිසස් හයිද්‍රාබාද් පන්දුවාර 15.5කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 127ක් ලබමින් ජය වාර්තා කළේය.
සන්රයිසස් හයිද්‍රාබාද් වෙනුවෙන් පන්දු 57කදී හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 78ක් වාර්තා කළ ෂිකර් ධවාන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ෂිකර් ධවාන් සහ කේන් විලියම්සන් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121ක නොබිඳුණු සම්බන්ධතාවක් වාර්තා වූ අතර, කේන් විලියම්සන් නොදැවී ලකුණු 36ක් ලබා ගත්තේය.
මුලින්ම පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් සංජු සැම්සන් පන්දු 42කදී හතරේ පහර 5ක් සහිතව ලකුණු 49ක් වාර්තා කළ අතර, සෙසු පිතිකරුවෝ අසාර්ථක වූහ.
සන්රයිසස් වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ෂකිබ් අල් හසන් සහ සිද්ධාර්ත් කෝල් කඩුලු දෙක බැගින් බිඳ හෙලූ අතර, බුවනේෂ්වර් කුමාර් ස්ටැන්ල කී සහ රෂීඩ් ඛාන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය :-
රාජස්ථාන් රෝයල්ස් පන්දුවාර 20දී 125/9යි
අජින්කෙයා රහානේ 13, සංජු සැම්සන් 49, රාහුල් ත්‍රිපාති 17, ගෝපාල් 18, ෂකිබ් අල් හසන් 23/2, සිද්ධාර්ත් කෝල් 17/2
සන්රයිසස් හයිද්‍රාබාද් පන්දුවාර 15.5කදී - 127/1යි
ෂිකර් ධවාන් නොදැවී 78, කේන් විලියම්සන් නොදැවී 36, ජයදේව් උනද්කට් 28/1

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.