Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඩයලොග් ශ්‍රී ලංකා සුපර් 7 රග්බි තරගාවලියේ පාසල් ශූරතාව දිනාගත් ගල්කිස්ස විද්‍යා විදුහ‍ලේ නායකයාට ඩිජිටල් සහ යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ශූරතාව පිරිනැමූ අයුරු සහ පාසල් ප්‍ලේට් සම ශූරයන් වූ ශා. පීතර සහ කිංග්ස්වුඩ් නායකයන්ට රග්බි සභාපති අසංග සෙනෙවිරත්න මහතා කුසලාන පිරිනැමූ අයුරු ඡායාරූපවල දැක්වේ.
මෙම අවස්ථාවට ඩයලොග් ආසිආටා මහජන සම්බන්ධතා කළමනාකරු හර්ෂ සමරනායක මහතාද එක්විය.
 


ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් එක්දින තරගයෙන් තියුණු සටනකින් පසු කඩුලු 3 ක ජයක් ලැබූ සිම්බාබ්වේ තරගාවලිය 3-2 ලෙස ජය ගැනීමට සමත් විය.
මෙම ජය වසර 2009 ට පසු සිම්බාබ්වේ විදේශයකදී ලැබූ පළමු තරගාවලි ජය ලෙස වාර්තා ‍පොතට එක්වෙයි.
මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී කඩුලු 8 ට ලකුණු 203 කට සීමා කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත්වූ අතර ලකුණු 204 ක ඉලක්කය පන්දුවාර 38.1 කදී කඩුලු 7 ක් දැවී පසු කිරීමට පිතිකරුවෝ සමත් වූහ.ලකුණු හඹා යාමේදී සිම්බාබ්වේට සාර්ථක ආරම්භයක් ලබාදුන් මසකඩ්සා සහ මිරේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් තැබිය.
මිරේ ලකුණු 43 කට දවා ගැනීමට අකිල ධනංජය සමත්වූ අතර පන්දු 86 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සහිතව ලකුණු 73 ක් ලැබූ මසකඩ්සා දවා ගැනීමට මාලිංග සමත්විය.
ඉන් පසු ක්‍රියාත්මක වූ අකිල සිම්බාබ්වේට තියුණු තර්ජනයක් එල්ල කරමින් ලකුණු 37 ක් ලැබූ මුසකන්ඩාගේ කඩුල්ලද සහිතව කඩුලු 4 ක් බිඳ හෙලූ අතර මාලිංග සිය දෙවැනි කඩුල්ල ලෙස වොලර් දවා ගැනීමත් සමගම සිම්බාබ්වේ කඩුලු 7 ක් ලකුණු 175 ක් තුළ බිඳ වැටුණි.
පිටියේ එක්වූ සිකන්දර් රාසා සහ නායක ක්‍රීමර් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 29 ක සම්බන්ධතාවක් තබමින් සිම්බාබ්වේ ජය තහවුරු කළේය.
රාසා හතරේ පහරක් සහ හයේ පහර 2 ක් සහිතව නොදැවී ලකුණු 27 ක් ලබා හයේ පහරකින් ජය තහවුරු කළේය. නායක ක්‍රීමර් නොදැවී ලකුණු 11 ක් ලබා සිටියේය.පන්දුවෙන් දස්කම් දැක්වූ අකිල ධනංජය කඩුලු 4 ක් බිඳ හෙලූ අතර මාලිංග කඩුලු 2 ක් බිඳ හෙලීය.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට තියුණු තර්ජනයක් එල්ල කිරීමට සිම්බාබ්වේ දඟ පන්දු යවන්නන් සමත්වූ අතර සිකන්දර් රාසා සහ ග්‍රැහැම් ක්‍රීමර් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූහ.
තරගාවලිය පුරා ලකුණු අතර සිටි දික්වැල්ල ලකුණු 3 කට දවා ගැනීමට චටාරා සමත්වීමෙන් පසු කුසල් මෙන්ඩිස් (01) සහ උපුල් තරංග (06) පිටියෙන් ඉවත් කිරීමට රාසා සමත්වීමෙන් කඩුලු 3 ක් ලකුණු 31 ක් තුළ බිඳ වැටුණි.
නායක මැතිව්ස් සහ
ධනුෂ්ක ගුණතිලක එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක සම්බන්ධතාවක් තැබිමෙන් පසු මැතිව්ස් ලකුණු 24 කට දවා ගැනීමට ක්‍රීමර් සමත් විය.
ධනුෂ්ක සහ අසේල එක්ව ඉනිම ගොඩනංවමින් සිටියදී පන්දු 86 කදී හතරේ පහර 5 ක්
සහිතව ලකුණු 52 ක් ලැබූ ධනුෂ්ක ක්‍රීඩාගාරයට යැවීමට විලියම්ස් සමත් වීමෙන් ශ්‍රී ලංකා සටන අඩපණ විය.
වනිඳු හසරංග ලකුණු නොලබාම රාසාට ගොදුරු වූ අතර කුලසේකර ක්‍රීමර් හමුවේ ලකුණු 5 කට දැවී යාමෙන් ශ්‍රී ලංකාවේ 6 වැනි කඩුල්ල ලකුණු 120 දී බිඳ වැටුණි.
අකිල ධනංජය ලකුණු 7 කට වොලර්ට ගොදුරු වූ අතර අසේල සහ දුෂ්මන්ත චමීර එක්ව 9 වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 50 ක සම්බන්ධතාවක් තැබිමෙන් ශ්‍රී ලංකාවට ලකුණු 203 ක් රැස් කර ගත හැකිවිය.
සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ අසේල පන්දු 81 කදී හතරේ පහර 4 ක් සහිතව නොදැවී ලකුණු 59 ක් ලබාගත් අතර
දුෂ්මන්ත චමීර නොදැවී ලකුණු 19 ක් ලබා ගත්තේය.
සිකන්දර් රාසා ලකුණු 21 ට කඩුලු 3 ක්ද, ක්‍රීමර් ලකුණු 23 ට කඩුලු 2 ක්ද බිඳ හෙලූ අතර චටාරා, විලියම්ස් සහ වොලර් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව


නිරෝෂන් දික්වැල්ල ඇ. මුවර් ප. චටාරා3
ධනුෂ්ක ගුණතිලක ක.මු.ක. ප. විලියම්ස්52
කුසල් මෙන්ඩිස් ඇ. ක්‍රීමර් ප. සිකන්දර් රාසා1
උපුල් තරංග ප. සිකන්දර් රාසා 6
ඇන්ජලෝ මැතිව්ස් ඇ. මසකඩ්සා ප. ක්‍රීමර්24
අසේල ගුණරත්න (නොදැවී)59
වනිඳු හසරංග ඇ. ක්‍රීමර් ප. සිකන්දර් රාසා0
නුවන් කුලසේකර ප. ක්‍රීමර් 5
අකිල ධනන්ජය ඇ. මුසකන්දා ප. වොලර්7
දුෂ්මන්ත චමීර (නොදැවී)18
අතිරේක 28
මුළු ලකුණු (පන්දුවාර 50දී කඩුලු 8ක් දැවී)203
කඩුලු බිඳ වැටීම :- 1-3, 2-13, 3-31, 4-78, 5-119, 6-120, 7-126, 8-153
පන්දු යැවීම :- සිකන්දර් රාසා 10-1-21-3, ටෙන්ඩායි චටාරා 9-1-49-1, ග්‍රැහැම් ක්‍රීමර් 10-1-23-2, ක්‍රිස් මෝෆු 6-0-36-0, ෂේන් විලියම්ස් 10-0-41-1, මැල්කම් වොලර් 5-0-21-1


සිම්බාබ්වේ

හැමිල්ටන් මසකඩ්සා ඇ. කුලසේකර ප. මාලිංග73
සොලමන් මිරේ ප. ගුණරත්න 43
කෙනත් මුසකන්ඩා ඇ. ද සිල්වා ප. ධනන්ජය 37
කේ‍ර්ග් අර්වින් ක.මු.ක. ප. ධනන්ජය  2
ෂේන් විලියම්ස් ඇ. මෙන්ඩිස් ප. ධනන්ජය2
සිකන්දර් රාසා (නොදැවී) 27
මැල්කම් වොලර් ඇ. හා ප. මාලිංග1
පීටර් මුවර් ඇ. මෙන්ඩිස් ප. ධනන්ජය1
ග්‍රැහැම් ක්‍රීමර් (නොදැවී)11
අතිරේක 7
මුළු ලකුණු (පන්දුවාර 38.1කදී කඩුලු 7ක් දැවී)204
කඩුලු බිඳ වැටීම :- 1-92, 2-137, 3-148, 4-152, 5-165, 6-172, 7-175
පන්දු යැවීම :- ලසිත් මාලිංග 10-0-44-2, නුවන් කුලසේකර 3-0-25-0, අසේල ගුණරත්න 4-0-23-1, අකිල ධනන්ජය 10-1-47-4, වනිඳු හසරංග 6.1-0-45-0, දුෂ්මන්ත චමීර 4-1-16-0, ධනුෂ්ක ගුණතිලක 1-0-2-0

මංගල ධර්මප්‍රේම සූරියවැව සිට

 

ශ්‍රීමත් ජෝන් ටාබට් ‍‍‍ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ෂෙහාන් කාරියවසම් (ශා. ජෝසප්) ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස රිද්මා නිෂාදි (අම්බලන්ගොඩ ධර්මාශෝක) සම්මාන දිනා ගත්හ.
ෂෙහාන් කාරියවසම් අවුරුදු 18න් පහළ මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වේදී නව තරග වාර්තාවක් (තත්. 14.06)  පිහිටුවමින්ද, රිද්මා නිෂාදි අවු. 20 න් පහළ දුර පැනීමේ ඉසව්වේදී මීටර් 5.98ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින්ද දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන දිනා ගත්හ.
මෙවර තරගාවලියේ බාලක සමස්ත ශූරතාව මීගමුව මාරිස්ටෙලා දිනාගත් අතර, සමස්ත බාලිකා ශූරතාව වලල ඒ. රත්නායක මැදි විදුහලද දිනා ගත්තේය.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ බාලක අනුශූරතාව කොටහේන ශා. බෙනඩික්ට් විදුහල දිනාගත් අතර, තෙවැනි ස්ථානය වලල ඒ රත්නායක මැදි විදුහල සතුවිය.
බාලිකා අනුශූරතාව රත්නපුර සුමන බාලිකාව දිනගත් අතර, තෙවැනි ස්ථානය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සතුවිය.
මෙවර තරගාවලියේදී නව තරග වාර්තා 14ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූ අතර, එක් වාර්තා සම කිරීමක් සටහන් විය.
අවුරුදු 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ වයස් කාණ්ඩ යටතේ පැවැති මෙම තරගාවලියේදී වලල ඒ රත්නායක මැදි විදුහල වයස් කාණ්ඩ ත්‍රිත්වයේම බාලිකා ශූරතාව සමගින් ශූරතා 4ක් දිනා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.
එහිදී අවු. 16න් පහළ බාලිකා සහ අවු. 20න් පහළ බාලිකා ශූරතා දිනාගත් වලල ඒ. රත්නායක විදුහල අවු. 18න් පහළ බාලක සහ බාලිකා ශූරතා ද්විත්වයමද දිනා ගැනීමට සමත් විය. 
හලාවත ශා. මරියා අවු. 16න් පහළ බාලක ශූරතාව දිනාගත් අතර, මීගමුව මාරිස්ටෙලා අවු. 20න් පහළ බාලක ශූරතාව දිනා ගත්තේය.
 
ප්‍රභාත් විදානපතිරණ

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක පස්වැනි එක්දින තරගය අද (10දා) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගයෙන් තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කෙරෙන බැවින් උණුසුම් තරගයක් සඳහා දෙපිලම සූදානමින් පසුවෙයි.
අනපේක්ෂිත ලෙස සිම්බාබ්වේ තරගාවලිය සම කිරීම නිසා අවසන් තරගයේ පීඩනය මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලට එල්ලවී තිබේ.
සිව්වැනි තරගයේදී පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වීම නිසා අද පන්දු යවන්නන්ගේ වෙනසක් සිදු වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව වාර්තා වේ. සිව්වැනි තරගයට ක්‍රීඩා නොකළ නුවන් කුලසේකර, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප් සහ අකිල ධනංජය කෙරෙහි අද තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබේ. 
සිව්වැනි තරගයෙන් පසු නායක මැතිව්ස්ද පැවැසුවේ පිතිකරුවන් ලකුණු 300 සීමාව ඉක්මවුවද එය ආරක්ෂා කර ගැනීමට පන්දු යවන්නන් අසමත්වීම කනගාටුවට කරුණක් බවයි.
පසුගිය සෙනසුරාදා පැවැති සිව්වැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු 4 ක ජයක් ලැබූ සිම්බාබ්වේ තරගාවලිය 2-2ක් ලෙස සම කිරීමට සමත් විය.
එම තරගයේදී කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී කඩුලු 6 ට ලකුණු 300 ක් ලැබූ අතර වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට සිම්බාබ්වේ පන්දුවාර 21 කදී කඩුලු 3 ට ලකණු 139 ක් ලබා සිටියේය.
ඉන්පසු ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට සිම්බාබ්වේට පන්දුවාර 31 කදී ලකුණු 219  ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාර 29.2 කදී කඩුලු 6 ට ලකුණු 219 ක් ලබා ජය ගනිමින් තරගාවලිය සම කිරීමට සිම්බාබ්වේට හැකිවිය.
සිම්බාබ්වේ වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් පන්දු 56 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 69 ක් ලබාගත් කේ‍ර්ග් අර්වින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
මෙම තරගයේදී සිදුවූ විශේෂතම සිදුවීම වූයේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වන නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වීමයි.
පිට පිටම තරග දෙකකදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 කට වැඩි සම්බන්ධතාවක් තැබූ පළමු පිතිකරු යුගලය ලෙස දික්වැල්ල සහ ධනුෂ්ක වාර්තා ‍පොතට එක්විය.
මෙහිදී දික්වැල්ල පිට පිටම දෙවැනි ශතකය වාර්තා කරමින් පන්දු 118 දී හතරේ පහර 8 ක් සහිතව ලකුණු 116 ක් ලබා ගැනීමට සමත් විය.
මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 209 ක සම්බන්ධතාවක් වාර්තාවූ අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 101 කදී හතරේ පහර 7 ක් සහිතව ලකුණු 87 ක් වාර්තා කළේය.
නායක මැතිව්ස් සහ උපුල් තරංග එක්ව ලකුණු 41 ක සම්බන්ධතාවක් තැබිමෙන් පසු තරංග (22) රාසාට ගොදුරු වූ අතර අසේල ගුණරත්න (01) සහ කුසල් මෙන්ඩිස් (00) පිටියෙන් ඉවත් කිරීමට මෝෆු සමත් විය.
පන්දු 40 කදී හයේ පහර 2 ක් සහිතව ලකුණු 42 ක් ලැබූ මැතිව්ස් අවසන් පන්දුවේදී චටාරාගේ පන්දුවකට දැවී යන විට ශ්‍රී ලංකාව ලකුණු 300 ක් රැස් කරගෙන තිබුණි.
ලකුණු 301 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවන් වන මසකඩ්සා සහ මිරේ පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 67 ක සම්බන්ධතාවක් තැබූ අතර මසකඩ්සා (28) සහ මිරේ (43) පිටියෙන් ඉවත් කිරීමට වනිඳු හසරංග සමත් විය.
මුසකන්ඩා පන්දු 22 දී හතරේ පහර 5 ක් සහිතව ලකුණු 30 ක් ලබා චමීරට ගොදුරු වුවද ලකුණු වේගය රඳවා ගැනීමට සිම්බාබ්වේ පිතිකරුවෝ සමත් වූහ.
වර්ෂාවෙන් පසු විලියම්ස් (06) දවා ගැනීමට අසේල සමත් වූ අතර රාසා ලකුණු 10 කට දවා ගැනීමට වනිඳු සමත්විය.
වොලර් (20) සහ අර්වින් (නොදැවී 69) එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක සම්බන්ධතාවක් තබමින් සිම්බාබ්වේ ජය තහවුරු කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ වනිඳු හසරංග කඩුලු 3 ක් බිඳ හෙළීය.
 
මංගල ධර්මප්‍රේම සූරියවැව සිට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05 කින් සමන්විත එක්දින තරඟාවලියේ තෙවැනි තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේය.සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 කට ලකුණු 310යි.ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 2කදි කඩුලු 2ක් දැවී ලකුණු 312 ක් රැස්කරගෙන තරඟය ජය ගත්තේය.

ප්‍රංශ පාපැදි සවාරියේ බ්‍රිතාන්‍ය පාපැදි ශූර මාක් කැවෙන්ඩිශ් ව අනතුරකට ලක් කිරීමේ චෝදනාවට ස්ලෝවැකියානු ලෝක පාපැදි ශූර පීටර් සගාන්ව තරඟාවලියෙන් ඉවත් කිරීමට සංවිධායකයින් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාරතා කරයි.

ප්‍රංශ පාපැදි සවාරියේ සිව් වන අදියරේ අවසන් සීමාව අසලදී පීටර් සගාන් විසින් මාක් කැවෙන්ඩිශ් ව වැලමියෙන් ඇන බිම හෙළන අයුරු දැක්වෙන වීඩියෝවක්ද නිකුත් වී ඇති අතර අනතුර හේතුවෙන් මාක් කැවෙන්ඩිශ්ගේ උරහිසේ අස්ථි බිඳීගොස් ඇතැයිද වාර්තා වේ.

2012, 2013, 2014, 2015 යන වසරවලදී ප්‍රංශ පාපැදි සවාරියේ ජයග්‍රාහී ස්ථාන වර්තා කිරීමට ස්ලෝවැකියානු ලෝක පාපැදි ශූර පීටර් සගාන් සමත්විය

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.