Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (3දා) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
පළමු තරගයෙන් ලකුණු 304 ක ජයක් වාර්තා කළ ඉන්දියාව මේ වන විට තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.
තරගාවලියට අවතීර්ණ වීමට ශ්‍රී ලංකාවට අද තරගය ජය ගැනීම අත්‍යවශ්‍යවී ඇති අතර ඉන්දියාව ජය ගතහොත් තරගාවලියේ ජය ඉන්දියාවට හිමිවෙයි.
පළමු තරගයේදී ආබාධ සහ දුර්වල පිතිහරඹය මැද පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර අද තරගයේදී ශ්‍රී ලංකා පි‍ලේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිතව තිබේ.
එස්.එස්.සී. තණතීරුවට අනුව අද ශ්‍රී ලංකා පිලට දඟ පන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී නායක දිනේෂ් චන්දිමාල් හෙළි කළේය.
“අද මලින්ද පුෂ්පකුමාර ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තියෙනවා. රංගනත් සුවය ලබා සිටිනවා. රංගන සමග ක්‍රීඩා කිරීමෙන් මලින්දට හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙයි” යැයි චන්දිමාල් පවසයි.
යම් හෙයකින් රංගන ක්‍රීඩා නොකළහොත් ඒ වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් සූදානමින් පසුවෙයි.
මේ අතර අසේල ගුණරත්නගේ ස්ථානයට අද ධනංජය ද සිල්වා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර චන්දිමාල් කණ්ඩායමට පැමිණීමෙන් ධනුෂ්ක ගුණතිලකට ස්ථානය අහිමි වෙයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ පිතිකරුවන් ලෙස තරංග, දිමුත්, කුසල්, චන්දිමාල් මැතිව්ස්, ධනංජය සහ දික්වැල්ල ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
පන්දු යවන්නන් ලෙස රංගන, දිල්රුවන්, මලින්ද සහ නුවන් ප්‍රදීප් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
පළමු තරගයේ පරාජය අමතක කර මෙම තරගය ජයගෙන තරගාවලිය සමකර පල්ලෙකැ‍ලේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් සටනට පිවිසීමට තම ක්‍රීඩකයන් දැඩි අධිෂ්ඨානයකින් පසුවන බවද චන්දිමාල් පැවැසීය.
ඉන්දියාව අද තරගයේදී ජයග්‍රාහී පිලම ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතත් උණ රෝගය නිසා පළමු තරගයට ක්‍රීඩා නොකළ ලෝකේෂ් රාහුල් සුවය ලබා සිටින බැවින් ඔහු ක්‍රීඩා කළහොත් අබිනව් මුකුන්ඩ්ගේ ස්ථානය අහිමි වෙයි.
මේ පිළිබඳව අදහස් දක්වන විරාත් කෝලි පවසන්නේ අද පෙරවරුවේ තණතීරුව පරීක්ෂා කිරීමෙන් පසු අවසන් තීරණය ගන්නා බවයි. රාහුල් පසුගිය තරගාවලි කිහිපයේදීම සාර්ථක වූ පිතිකරුවකු බව පවසන කෝලි සියල්ල අද පෙරවරුවේදී තීරණය වන බව පවසයි.
තණතීරුවේ දඟ පන්දු යවන්නන්ට වාසිදායක තත්ත්වයක් ඇත්නම් වේග පන්දු යවන්නෙකු වෙනුවට කුල්දීප් යදාව් ක්‍රීඩා කිරීමට ඉඩකඩ තිබේ.
මේ අනුව ඉන්දීය පිතිකරුවන් ලෙස ධවාන්, රාහුල් හෝ මුකුන්ඩ්, පුජාරා, කෝලි, රහනේ, විදිමන් සහා සහ පාන්ඩ්යා ක්‍රීඩා කරති.
පන්දු යවන්නන් ලෙස අෂ්වින්, ජඩේජා, ෂමී සහ උමේෂ් යදාව් හෝ කුල්දීප් යදාව් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
මෙම තණතීරුව මීට පෙර පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටද එකලෙස සහය වී ඇති බැවින් හොඳ තරගයක් ඇති බවත් තම පිල මෙවන් තණතීරුවල ක්‍රීඩා කිරීමට ප්‍රියකරන බවත් කෝලි පවසයි.

මංගල ධර්මප්‍රේම

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (3දා) එස්.එස්.සී. පිටියේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ලහිරු තිරිමාන්න සහ ලක්ෂාන් සඳකැන් කැඳවා තිබේ.
පළමු ටෙස්ට් තරගයට නම් කළ සංචිතයේ ආබාධයකට ලක්වූ අසේල ගුණරත්න සහ සුරංග ලක්මාල් වෙනුවට එම ක්‍රීඩකයන් දෙදෙනා නම් කර තිබේ.
නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකළ දිනේෂ්
චන්දිමාල් මෙම තරගයට නායකයා ලෙස නම්කර ඇති අතර, ආබාධයකට ලක්වී සිටින රංගන හේරත්ද සංචිතයට නම්කර තිබේ.

ශ්‍රී ලකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනන්ජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන්, ලහිරු තිරිමාන්න

මංගල ධර්මප්‍රේම

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරග 4 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 239ක ජයක් වාර්තා කළ එංගලන්තය තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

මේ අනුව තීරණාත්මක අවසන් ටෙස්ට් තරගය ලබන සතියේ ඕල්ඩ්ට්‍රැෆර්ඩ් හිදී පැවැත්වේ.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 492ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට දෙවැනි ඉනිම වෙනුවෙන් ලබාගත හැකිවූයේ ලකුණු 252ක් පමණි.

එංගලන්තය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු ත්‍රිත්වයක් දවාගත් මොයින් අලී මෙම තරගයේදී වාර්තා ‍පොතට එක්විය.
ලොව වමත් පිතිකරුවන් දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ පළමු පන්දු යවන්නා ලෙස වාර්තා ‍පොතට එක්වූ මොයින් අලී වසර 79 කට පසු එංගලන්තය වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් දඟ පන්දු යවන්නා බවටද පත්විය.
මෙහිදී හුදෙකලා සටනක නිරත වූ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ඩීන් එල්ගා පන්දු 228කදී හතරේ පහර 20ක් සහිතව ලකුණු 136ක් වාර්තා කිරීමට සමත් විය.
එංගලන්තය වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ බෙන් ස්ටෝක්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

ලකුණු තත්ත්වය :-
එංගලන්තය පළමු ඉනිම - 353 යි
ඇලිස්ටයාර් කුක් 88, බෙන් ස්ටෝක්ස් 112, ජොනී බේස්ටෝව් 36, කගිසෝ රබාඩා 85/3, මොනි මෝකල් 70/3, වර්නන් පිලැන්ඩර් 32/2
දකුණු අප්‍රිකාව පළමු ඉනිම ලකුණු - 175 යි
ටෙම්බා බවුමා 52, රබාඩා 30, රෝලන්ඩ් ජෝන්ස් 57/5, ජේම්ස් ඇන්ඩර්සන් 25/3
එංගලන්තය දෙවැනි ඉනිම කඩුලු 8ට ලකුණු 313 යි
ජොනී බේස්ටෝව් 63, ටොම් වෙස්ලි 59, ජෝ රූට් 50, කීට්න් ජෙනින්ස් 48, කේෂව් මහරාජ් 50/3, ක්‍රිස් මොරිස් 70/2
දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම සියල්ල දැවී - 252 යි
ඩීන් එල්ගා 136, ටෙම්බා බවුමා 32, ක්‍රිස් මොරිස් 24, මහරාජ් නොදැවී 24, මොයින් අලී 45/4, රෝලන්ඩ් ජෝන්ස් 72/3, ස්ටෝක්ස් 51/2

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 23න් පහළ අන්තර් පළාත් දෙදින ක්‍රිකට් තරගාවලියේ බස්නාහිර උතුර සහ මධ්‍යම අතර අවසන් මහා තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් මධ්‍යම පළාත මුල් ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 293ක් වාර්තා කළේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බස්නාහිර උතුර මුල් ඉනිම වෙනුවෙන් දිනය අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබා සිටියේය.
සී.සී.සී. පිටියේදී ඊයේ ඇරැඹි මෙම අවසන් තරගයේදී මධ්‍යම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දක්වමින් අර්ධ ශතක වාර්තා කිරීමට නිමේෂ ගුණසිංහ සහ නුවනිඳු ප්‍රනාන්දු සමත් වූහ.බිනුර ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හමුවේ මධ්‍යම කඩුලු 3ක් ලකුණු 30ක් තුල දැවී ගියද පිටියේ එක්වූ නිමේෂ සහ නුවනිඳු සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103ක සම්බන්ධතාවක් තබමින් මධ්‍යම ඉනිම ගොඩනැංවීමට ප්‍රබල ලෙස දායක වූහ.
නිමේෂ ගුණසිංහ හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සහිතව ලකුණු 80ක් වාර්තා කළ අතර, නුවනිඳු ප්‍රනාන්දු හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සහිතව ලකුණු 76ක් වාර්තා කිරීමට සමත් විය.මීට අමතරව ලක්ෂාන් ප්‍රනාන්දු ලකුණු 35ක්ද, රවීන් සේයර් ලකුණු 32ක්ද, ලහිරු සමරකෝන් ලකුණු 38ක්ද වාර්තා කළහ.බස්නාහිර උතුර වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක දස්කම් දැක්වූ බිනුර ප්‍රනාන්දු ලකුණු 39ට කඩුලු 4ක්ද, දුවිඳු තිලකරත්න ලකුණු 98ට කඩුලු 4ක්ද බිඳ හෙලූහ.
අද තරගයේ අවසන් දිනයයි.

ලකුණු තත්ත්වය :-

මධ්‍යම පළාත මුල් ඉනිම සියලු දෙනා දැවී 293යි
ධනුක දාබරේ 0, රොන් චන්ද්‍රගුප්ත 0, නිමේෂ ගුණසිංහ 80, වනිඳු හසරංග 14, නුවනිඳු ප්‍රනාන්දු 76, ලක්ෂාන් ප්‍රනාන්දු 35, රවීන් සේයර් 32, ලහිරු සමරකෝන් 38, චරිත් සුදාරක 8, මොහොමඩ් ෂිරාෂ් (නොදැවී) 7, ප්‍රමෝද්‍ය අබේකෝන් 0, බිනුර ප්‍රනාන්දු 39/4, දුවිඳු තිලකරත්න 98/4, චරණ නානායක්කාර 19/1, නුවන් තුෂාර 64/1
බස්නාහිර උතුර මුල් ඉනිම - 16/1යි
කවීන් බණ්ඩාර 1, ශාලින්ද උෂාන් (නොදැවී) 5, පැතුම් නිශ්ශංක (නොදැවී) 5, මොහොමඩ් ෂිරාෂ් 9/1

1948 වසරේ සිට ඔලිම්පික් තරඟ නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන් රන් සම්මානයෙන් පිදීමේ උපහාර උත්සවයක් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

2017 වසරේ පැවැත්වෙන ක්‍රිඩා අමාත්‍යාංශයේ ස්වර්ණ ජයන්තියට සමගාමීව ක්‍රිඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඔලිම්පික් සංගමය විසින් මෙය සංවිධානය කර තිබූ අතර ඔලිම්පික් තරඟ නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන් 41 දෙනෙක්මෙහි දී ජනාධිපතිවරයා අතින් රන් සම්මානයෙන් පිදුම් ලැබූහ.

ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයට රුපියල් ලක්ෂ 50ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

ක්‍රිඩාඅමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය එස්.බී. දිසානායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් සහ පළාත් ක්‍රිඩා අමාත්‍යවරුන් ද, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආර්.බී. දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ සභාපති ශ්‍රියානි කුලවංශ, ලේකම් දමයන්තිදර්ශා, සුගත් තිලකරත්න යන මහත්මීන් ඇතුලු ඔලිම්පික් ක්‍රිඩක ක්‍රිඩිකාවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.









 

 

eng

 

අයි.සී.සී කාන්තා ලෝක ශූරතාව සිව් වෙනි වරටත් තමන් සතුකර ගැනීමට සත්කාරක එංගලන්තය  සමත් විය.

 

ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ ඊයේ (24) ලෝඩ්ස් පිටියේදී පැවැති අවසන් මහා තරඟයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 09ක තියුණු ජයක් අත්කර ගත්තේය.

 

ප්රඩථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 07ක් දැවී ලකුණු 228ක් ලබා ගත් අතර

ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 219ක් පමණි.

 

ඉන්දීයවේ අවසන් කඩුලු 07 ලකුණු 28ක් තුළ දවා ගැනීමට එංගලන්ත පිළට හැකි විය.

ICC0

 ICC2

 ICC3

 ICC4

ICC5

ICC6

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.