Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි ඩෙයාඩෙවිල්ස් අතර තරගයෙන් ලකුණු 13ක ජයක් ලැබූ චෙන්නායි ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.
මේ වන විට තරග 8කට සහභාගි වී ඇති චෙන්නායි ලකුණු 12ක් ලබා පළමු ස්ථානයේ පසුවන අතර, තරග 8කට සහභාගි වූ සන්රයිසස් හයිද්‍රාබාද් ලකුණු 12ක් ලබා දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.
චෙන්නායි-දිල්ලි තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් චෙන්නායි පන්දුවාර 20දී කඩුලු 4ට ලකුණු 211ක් ලැබූ අතර, දිල්ලි පන්දුවාර 20දී කඩුලු 5ට ලකුණු 198ක් ලබා ගත්තේය.
චෙන්නායි වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 40කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් සහිතව ලකුණු 78ක් ලැබූ ෂේන් වොට්සන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
නායක දෝනි නොදැවී ලකුණු 51ක්ද, අම්බති රයිදු ලකුණු 41ක්ද, ඩුප්ලෙසිස් ලකුණු 33ක්ද ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි වෙනුවෙන් රිෂාබ් පන්ට් පන්දු 45කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සහිතව ලකුණු 79ක් ලබාගත් අතර, විජේ ශංකර් නොදැවී ලකුණු 54ක් ලැබිය.
චෙන්නායි වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අසීෆ් ලකුණු 43ට කඩුලු 2ක් බිඳ හෙළීය.
 
ලකුණු තත්ත්වය:-
චෙන්නායි පන්දුවාර 20දී - 211/4යි
වොට්සන් 78, ඩුප්ලෙසිස් 33, රයිදු 41, දෝනි (නොදැවී) 51, මිෂ්රා 30/1, ෂංකර් 22/1, මැක්ස්වෙල් 5/1
දිල්ලි පන්දුවාර 20දී - 198/5යි
කොලින් මුන්රෝ 26, රිෂාබ් පන්ට් 79, විජේ ෂංකර් (නොදැවී) 54, අසීෆ් 43/2, එන්ගිඩි 26/1, ජඩේජා 31/1

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පසුගියදා නිමාවට පත්වූ ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගවලදී වසර 20ක් පැරණි මීටර් 200 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට විනෝජ් සුරංජය සිල්වා සමත් විය.
සුගත් තිලකරත්න 1998 වසරේදී තත්පර 20.69ක කාලයක් සටහන් කරමින් තබා තිබූ වාර්තාව විසි වසරකට පසු විනෝජ් සුරංජය තත්පර 20.68ක කාලයක් සටහන් කරමින් බිඳ හෙළීමට සමත් විය.
මෙම ඉසව්වේදී ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර හිමාෂ එෂාන් දෙවැනි ස්ථානයට (21.24) පත්වූ අතර, දිලිප් රුවන් (21.37) තෙවැනි ස්ථානයට පත්විය.
හිමාෂ එෂාන් මීටර් 100 ප්‍රථම ස්ථානය (10.53) දිනාගත් අතර, කාලිංග කුමාරගේ මීටර් 400 (46.08) ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.
කාන්තා මීටර් 100 ඉසව්ව ප්‍රථම ස්ථානය ඩබ්ලිව්.වී.එල්. සුගන්ධි (11.98) දිනාගත් අතර, රුමේෂිකා රත්නායක කාන්තා මීටර් 200 ඉසව්වේ ප්‍රථම ස්ථානය (23.98) දිනා ගැනීමට සමත් වූවාය.
කාන්තා මීටර් 400 ඉසව්වේ පළමු ස්ථානය ඊ.ඩබ්ලිව්.යූ. රත්නකුමාරි (53.31) දිනාගත් අතර, 800 පළමු ස්ථානය  නිමාලි ලියනාරච්චි (2.10.46) දිනාගනු ලැබුවාය.
එළැඹෙන ආසියානු ශූරතා තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් මෙම තේරීම් තරග පවත්වන ලදී.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පළමු තැන රැඳී සිටින චෙන්නායි සුපර් කිංග්ස්ට එරෙහිව කඩුලු 8ක ජයක් ලබමින් සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් සමත් විය.
මේ වන විටත් තරග 7න් තරග 5ක් ජයගෙන ප්‍රසාද ලකුණු 10ක් ලබා සිටින චෙන්නායි සුපර් කිංග්ස් ලකුණු සටහනේ පළමු තැන රැඳී සිටින අතර, සහභාගි වූ තරග 7න් තරග 2ක් ජයගෙන 5ක් පරාජයට පත්ව සිටින මුම්බායි ඉන්දියන්ස් ලකුණු 4ක් ලබා 6 වැනි ස්ථානයේ පසුවෙයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කිංග්ස් පන්දුවාර 20දී කඩුලු 5ට ලකුණු 169ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 19.4කදී කඩුලු 2ක් දැවී ලකුණු 170ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
වේගවත් පිතිහරඹයක් දියත් කරමින් පන්දු 33කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 56ක් රැස් කළ මුම්බායි නායක රෝහිත් ෂර්මා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය.
 
ලකුණු තත්ත්වය :- 
 
චෙන්නායි සුපර් කිංග්ස් පන්දුවාර 20දී - 169/5යි
අම්බති රයිදු 46, සුරේෂ් රයිනා (නොදැවී) 75, එම්.එස්. දෝනි 26, මැක්ලෙනගන් 26/2, කුනාල් පාන්ඩ්යා 32/2, හර්දික් පාන්ඩ්යා 39/1
 
මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 19.4කදී - 170/2යි
සූර්යකුමාර් යදාව් 44, එවින් ලුවිස් 47, ෂර්මා (නොදැවී) 56, හර්දික් පාන්ඩ්යා (නොදැවී) 13, හර්බජාන් සිං 20/1, ඩ්වේන් බ්‍රාවෝ 21/1

ඉන්දිය ප්‍රිමියර්  ලීග් ක්‍රීඩා තරගාවලිය යටතේ පැවැති මුම්බායි ඉන්දියන්ස් හා සන්රයිසන් හයිද්‍රාබාද් අතර තරගයෙන් ලකුණු 31ක ජයක් වාර්තා කිරීමට සන්රයිසන් සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් සන්රයිසන් පන්දු වාර 18.4 දි ලකුණු 118 ක් ලබාගත් අතර මුම්බායි ඉන්දියන්ස්ට පන්දුවාර 18.5 දී ලබා ගත හැකිවූයේ ලකුණු 87 ක් පමණි.
සන්රයිසන් වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 11ට කඩුලු 2ක් බිඳ දැමී රෂීඩ් ඛාන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
සන්රයිසන් වෙනුවෙන් කේන් විලියම්සන් (29) යුසුෆ් පතන් (29) පිත්තෙන් දස්කම් දැක්වූහ.
මුම්බායි වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මැන්ලෙනගන්, හාර්දික් පාන්ඩ්යා හා මරකන්ඩේ කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
මුම්බායි වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීමට සූරියකුමාර් යදුම් (34) හා කුතාල් පාන්ඩ්යා (24) සමත් වූ අතර සිද්ධාර්ථ කෝල් කඩුලු 3ක්ද රෂීඩ් ඛාන් සහ බැසිල් තම්පි කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
 
ලකුණු තත්ත්වය
 
සන්රයිසන් පන්දුවාර 18.4දි118යි (විලිම්සන් 29 මතීෂ් පාන්ඩේ 16, යුසුෆ් පතන් 29 මැලෙනගන් 22/2 හාර්දික් පාන්ඩ්යා 20/2 මරකන්ඩේ 15/2
මුම්බායි පන්දුවාර 18.5 දි 87යි (සූරියකුමාර් යදුම් 34 කුතාල් පාන්ඩ්යා 24 කෝල් 23/3 
රෂීඩ් ඛාන් 11/2 බැසිල් තම්පි 4/2

නාවික හමුදා අති ධාවනකාරී ජල ක්‍රීඩා සංචිතය මගින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන 2018 නාවික කුසලාන ජෙට් ස්කී ශූරතාවලිය පසුගියදා නුවරඑළිය, ගේ‍රගරි වැව පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි.
එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගීි විය.
නුවරඑළිය ‘වසන්ත උදානය’ බක්මහ සැණකෙළියට සමගාමීව මෙම ජල ක්‍රීඩා තරගාවලිය සංවිධානය කෙරුණි. ලෝකයේ ප්‍රමුඛ පෙළේ ජල ක්‍රීඩාවක් වන ජෙට් ස්කී ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම හා අප්‍රේල් උත්සව සමයේදී සංචාරකයන්ගේ වැඩි අවධානයක් මෙරටට ලබා ගැනීම අරමුණු කර ගනිමින් ජෙට් ස්කී ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරයි. 
තවද, ශ්‍රී ලංකාවේ ජෙට් ස්කී ක්‍රීඩාව වෙනුවෙන් පවත්ව එකම ශූරතාවලිය මෙය  වන අතර ඒ සඳහා මෙවරද දිවයිනේ නන් දෙසින් පැමිණි ක්‍රීඩකයන් විශාල පිරිසක් සහභාගී වූ අතර එහිදී පවත්වන ලද විවිධ ඉසව් සඳහා පහත ක්‍රීඩකයන් ජයග්‍රහණය කරන ලදී. මෙම තරගාවලියේ සමස්ත ශූරයා ලෙස ඩබ්.ඩබ්.එම්.ඩී. වික්‍රමරත්න ජෙට් ස්කී  නාවික කුසලාන දිනා ගත්තේය.
 
ජෙට් ස්කී අශ්ව බල 130 සිට 300 දක්වා වූ  ‘ඉතචතධථ’ තරග අංශය
1 - චින්තක අල්විස් 2 - කුසල් ගුණවර්ධන 3 - බල සෙබල කේ.ඒ.එන්.ඩී. කොඩිකාර
 
ජෙට් ස්කී අශ්ව බල 130 සිට 300 දක්වා  ‘ච්පචඨ’ තරග අංශය
1.ඩබ්. ඩබ්.එම්.ඩී. වික්‍රමරත්න 2. ජීවන්ත අසංක 3 - ඩබ්.එම්. මිතුන් හසංක 
 
ජෙට් ස්කී අශ්ව බල 130 දක්වා වූ ‘ච්පචඨ’ තරග අංශය
1. නායක ඉංජිනේරු කාර්මික කේ.ජී.පී. තිලකසිරි 2. බලනැවී ඊ.එම්.එස්. ඒකනායක 3. බල නැවී ඩබ්.එම්.ඩී. විජේකෝන්
 
ජෙට් ස්කී අශ්ව  බල 130 දක්වා වූ ‘ඉතචතධථ’ තරග අංශය
1. සුළු නිලධාරී (වියාබ) ඒ.එම්.කේ අධිකාරි 2. බල සෙබල කේ.ඒ.එන්.ඩී. කොඩිකාර 3. චතුර ගුණවර්ධන
 
කායක් අංශයේ තරගාවලිය
1. නායන නැවි යූ.එස්.කේ. නවරත්න බල නැවි එච්.අයි.පී සම්පත් 2 බල නැවි එච්.එම්.සී.පී.බණ්ඩාර බල නැවි ආර්.එම්.ආර්.එම් චන්ද්‍රසේකර 3. ජී.ඩබ්.එස්. දාවිත් කේ.සී. ගුණවර්ධන මහතා
 
ජෙට් ස්කී ප්‍රවීණයන් සඳහා පැවැත් වූ තරගාවලිය
1. කොමදෝරු අනුර ධනපාල 2. ආර්.පී.එල්. ද සිල්වා 
 
ජෙට් ස්කී අශ්ව බය 130 දක්වා වූ තරගාවලියේ සමස්ථ ජයග්‍රාහකයා
සුළු නිලධාරී (වියබ) ඒ.එම්.කේ අධිකාරි
 
නාවික කුසලාන ජෙට් ස්කී 2018 තරගාවලියේ සමස්ථ ජයග්‍රහකයා
ඩබ්.ඩබ්.එම්.ඩී.වික්‍රමරත්න‘

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩා තරගාවලිය යටතේ පැවැති දිල්ලි ඩෙයා ඩෙවිල්ස් හා කිංග්ස් පංජාබ් අතර තරගයෙන් ලකුණූ 4ක ජයක් ලැබූ කිංග්ස් පංජාබ් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.
සුපිරි පිතිකරු ක්‍රිස්ගේල් විවේක ගන්වා සටනට පිවිසුනු කිංග්ස් පංජාබ් පන්දුවාර 20 දී කඩුලු 8ට ලකුණු 143ක් ලබාගත් අතර දිල්ලි ඩෙයාඩෙවිල්ස්ට පන්දුවාර 20දී ලබා ගත හැකි වූයේ කඩුලු 8ට ලකුණු 139ක් පමණි.
දිල්ලි පෙර පෙළ බිඳ දමමින් සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 23ට කඩුලු 2ක් බිඳ දැමූ අන්කිට් රාජ්පුට් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
 
කිංග්ස් පංජාබ් පන්දුවාර 20 දී 143/8යි (රාහුල් 23 අනුවාල් 21 තරුන් නයාර් 34 ඩේවිඩ් මිලර් 26 බෝල්ට් 21/2 අවේශ් ඛාන් 36/2 ප්ලන්කට් 17/3
 
දිල්ලි ඩෙයා ඩෙවිල්ස් පන්දුවාර 20 දී 139/8යි. (ප්‍රින්ව් ෂෝ 22 අයියර් 57 ටෙවාටිය, 24 රාජ්පුට් 23/2 ඇන්ඩෘ ටයි 25/2 මුජීබ් 25/2

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.