Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 26ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 50දී කඩුලු 7ට ලකුණු 281ක් ලබාගත් අතර, වර්ෂාව හේතුවෙන් පන්දුවාර 21කදී ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාවට ලබාගත හැකිවූයේ කඩුලු 9ට ලකුණු 137ක් පමණි.
ඉන්දියාවේ කඩුලු 5ක් ලකුණු 87ක් තුළ බිඳ වැටී තිබුණද පිටියේ එක්වූ එම්.එස්. දෝනි සහ හාර්දික් පාන්ඩ්යා විශිෂ්ට
පිතිහරඹයක නිරත වෙමින් ඉන්දීය ඉනිම ගොඩනැංවීමට සමත් වූහ.
පාන්ඩ්යා පන්දු 66කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සහිතව ලකුණු 83ක් ලැබූ අතර, දෝනි පන්දු 88කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 79ක් ලබා ගත්තේය.
 
ලකුණු තත්ත්වය:- 
ඉන්දියාව පන්දුවාර 50 දී 281/7
කෙදර් ජදාව් 40, දෝනි 79, පාණ්ඩ්යා 83, බුවනේෂ්වර් කුමාර් නොදැවී 32, කෝල්ටර්නයිල් 44/3, ස්ටොයිනිස් 54/2
ඕස්ට්‍රේලියාව පන්දුවාර 21දී - 137/9යි
මැක්ස්වෙල් 39, ෆෝල්ක්නර් නොදැවී 32, චහාල් 30/3, කුල්දීප් යදාව් 33/2, පාන්ඩ්යා 28/2

thisara

ලෝක ක්‍රිකට් පිල සහ පාකිස්තානු ක්‍රිකට් පිල අතර තරග 3කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කළ ලෝක පිල තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් විය.
මෙම තරගයේදී ලෝක පි‍ලේ ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා තරගයේ වීරයා ලෙස නම් කරනු ලැබිය.
පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය පන්දුවාර 20දී කඩුලු 6ට ලකුණු 174ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලෝක පිල පන්දුවාර 19.5කදී කඩුලු 3ට ලකුණු 175ක් රැස් කරමින් ජය වාර්තා කළේය.
ලකුණු හඹා යාමේදී ලෝක පි‍ලේ ආරම්භක පිතිකරු යුගලය වූ හෂීම් අම්ලා සහ තමීම් ඉක්බාල් පළමු කඩුල්ලට ලකුණු 47ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර, ඉක්බාල් ලකුණු 23කට සොහේල් ඛාන් හමුවේ පිටියෙන් ඉවත් විය.
ලෝක පි‍ලේ කඩුලු 3ක් ලකුණු 106ක් තුළ බිඳ වැටී තිබියදී හෂීම් අම්ලාට එක්වූ තිසර පෙරේරා සිව්වැනි කඩුල්ල සඳහා නොබිඳුන ලකුණු 69ක සම්බන්ධතාවක් තබමින් ජය තහවුරු කළහ.
සොහෙල් ඛාන් යැවූ 19 වැනි පන්දු වාරයේදී තිසර පෙරේරා ලකුණු 20ක් රැස් කිරීමත් සමගම ලෝක පිලට අවසන් පන්දු වාරයේදී ලකුණු 13ක ඉලක්කයක් හිමිවිය.
අවසන් පන්දු දෙකේදී ලෝක පි‍ලේ ජයග්‍රහණයට ලකුණු 6ක් අවශ්‍යව තිබියදී 5 වැනි පන්දුවේදී තිසර පෙරේරා එල්ල කළ හයේ පහරින් ලෝක පි‍ලේ ජය තහවුරු විය.
හෂීම් අම්ලා පන්දු 55කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 72ක්ද, තිසර පෙරේරා පන්දු 19කදී හයේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 47ක්ද වාර්තා කළහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය වෙනුවෙන් අහමඩ් ෂෙෂාඩ් (43), බාබර් අසාම් (45) සහ ෂොයබේ මලික් (39) පිත්තෙන් දස්කම් දැක්වූහ.
ලෝක පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ තිසර පෙරේරා ලකුණු 23ට කඩුලු 2ක්ද, සැමුවෙල් බද්රි ලකුණු 31ට කඩුලු 2ක්ද බිඳ හෙලූහ.
තරගාවලි ජය තීරණය කෙරෙන තෙවැනි සහ අවසන් 20-20 තරගය අද රාත්‍රියේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලකුණු තත්ත්වය :-
පාකිස්තානය පන්දුවාර 20දී - 174/6යි
ෆකාර් සමාන් 21, අහමඩ් ෂෙෂාඩ් 43, බාබර් අසාම් 45, ෂොයබේ මලික් 39, ඉමාඩ් වසීම් 15, තිසර පෙරේරා 23/2, සැමුවෙල් බද්රි 31/2, බෙන් කටන් 52/1, ඉම්රාන් තහීර් 29/1
ලෝක ක්‍රිකට් පිල පන්දුවාර 19.5කදී - 175/3යි
තමීම් ඉක්බාල් 23, හෂීම් අම්ලා නොදැවී 72, ටිම් පේන් 10, ඩුප්ලෙසිස් 20, තිසර පෙරේරා නොදැවී 47

suga

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ මීටර් 400 කෘත්‍රිම ධාවන පථය  නැවත එළීමේ වැඩකටයුතු ඊයේ (14දා) පෙරවරුවේ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර ඇතුළු මැති ඇමැතිවරු රැසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.
ක්‍රීඩාංගණයේ එළා තිබූ කෘත්‍රිම ධාවන පථයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පසුගිය වසර කිහිපයේදී දැඩි කතා බහක් ඇති වූ අතර, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ පුහුණුවීම් කටයුතු කිරීමට හැකියාවක් නොලැබුණි.මේ අනුව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ මැදිහත් වීමෙන් රුපියල් මිලියන 244ක වියදමින් කෘත්‍රිම ධාවන පථය එළීමේ කටයුතු ඇක්සන්-කොනිකා ඒකාබද්ධ සමාගම විසින් සිදුකරනු ලබයි.
ඊයේ පැවැති සමාරම්භක අවස්ථාවේ ධාවන පථය එළීම ආරම්භ වූ අයුරු සහ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා නියෝජ්‍ය කතා නායක තිලංග සුමතිපාල මහතා ඇතුළු මැති ඇමැතිවරුන් එම අවස්ථාවට සහභාගි වූ අයුරු ඡායාරූපවල දැක්වේ.

ඡායාරූප :- මලිත් ගමගේ

පාකිස්තානයට නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග රැගෙන ඒම වෙනුවෙන් සංවිධානය කරන ලද ලෝක ක්‍රිකට් පිල සහ පාකිස්තානු ක්‍රිකට් පිල අතර තරග 3කින් සමන්විත නිදහස් කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය.

මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තානය පන්දුවාර 20දී කඩුලු 5ට ලකුණු 197ක් ලබාගත් අතර, ලෝක පිලට පන්දුවාර 20දී ලබාගත හැකිවූයේ කඩුලු 7ට ලකුණු 177ක් පමණි.

පාකිස්තානය වෙනුවෙන් පිත්තෙන් විශිෂ්ට දස්කම් දක්වමින් පන්දු 52කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 86ක් වාර්තා කළ බාබර් අසාම් තරයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

අසාම්ට අනගි සහයක් ලබාදුන් අහමඩ් ෂෙෂාඩ් පන්දු 34කදී හතරේ පහර 3ක් සහිතව ලකුණු 39ක් ලබාගත් අතර, ෂොයබේ මලික් පන්දු 20දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සහිතව ලකුණු 38ක් වාර්තා කළේය.

ලෝක පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ තිසර පෙරේරා ලකුණු 51ට කඩුලු 2ක් බිඳ හෙලූ අතර, මොනි මෝකල්, බෙන් කටින් සහ ඉම්රාන් තහීර් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලෝක පි‍ලේ කිසිදු ක්‍රීඩකයකුට ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කිරීමට නොහැකි වූ අතර, ඩැරන් සමී සහ ෆැෆ් ඩුප්ලෙසිස් ලකුණු 29 බැගින් වාර්තා කළේය.

පාකිස්තානය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ සොහෙල් ඛාන්, රුම්මාන් රීස් සහ ෂඩාබ් ඛාන් කඩුලු 2 බැගින් බිඳ හෙළීය.

මෙම තරගාවලියේ දෙවැනි තරගය ඊයේ (13දා) පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විටත් පැවැත්වෙමින් තිබුණි.

ලකුණු තත්ත්වය :-
පාකිස්තානය පන්දුවාර 20දී - 197/5යි
ෆකාර් සමාන් 8, අහමඩ් ෂෙෂාඩ් 39, බාබර් අසාම් 86, ෂොයබේ මලික් 38, සෆ්රාස් අහමඩ් 4, ඉමාඩ් වසීම් නොදැවී 15, මොනි මෝකල් 32/1, තිසර පෙරේරා 51/2, බෙන් කටින් 38/1, ඉම්රාන් තහීර් 34/1
ලෝක ක්‍රිකට් පිල පන්දුවාර 20දී - 177/7යි
තමීම් ඉක්බාල් 18,හෂීම් අම්ලා 26, ටිම් පේන් 25, ඩුප්ලෙසිස් 29, ඩේවිඩ් මිලර් 9, ග්‍රාන්ට් එලියට් 14, තිසර පෙරේරා 17, ඩැරන් සමී නොදැවී 29, සොහෙල් ඛාන් 28/2, රුම්මාන් රීස් 37/2, ෂඩාබ් ඛාන් 33/2

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පේට්රියට්ස් සහ නයිට්රයිඩර්ස් අතර පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 3 ක ජයක් ලැබූ නයිට්රයිඩර්ස් දෙවැනි වරට ශූරතාව දිනා ගැනීමට සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් පේට්රියට්ස් පියන්දුවාර 20දී කඩුලු 6ට ලකුණු 135ක් ලබාගත් අතර, නයිට්රයිඩර්ස් පන්දුවාර 19කදී කඩුලු 7ට ලකුණු 136ක් ලබමින් ජය වාර්තා කළේය.
නයිට්රයිඩර්ස් කඩුලු 7ක් ලකුණු 90ක් තුළ බිඳ වැටී තිබූ අවස්ථාවේ පිටියට පිවිස පන්දු 14කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සහිතව නොදැවී ලකුණු 29ක් රැස් කළ කෙවන් කූපර් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
මෙම තරගයේදී කොදෙව් සුපිරි ප්‍රහාරක ආරම්භක පිතිකරුවන් වන ක්‍රිස් ගේල් සහ එවන් ලුවිස් අසාර්ථක වීමෙන් පේට්රියට්ස්ට පරාජය වීමට සිදුවිය.
 
ලකුණු තත්ත්වය :-
පේට්රියට්ස් පන්දුවාර 20දී - 135/6යි
ක්‍රිස් ගේල් 1, එවන් ලුවිස් 16, මොහොමඩ් හෆීස් 5, ජොනතන් කාටර් 21, බ්‍රෙන්ඩන් කිංග් 19, බෙවන් තෝමස් 17, කාලෝස් බ්‍රාත්වේට් නොදැවී 30, මොහොමඩ් නබි නොදැවී 18, සීල්ස් 29/2, බිටන් 27/1, නාරයින් 8/1, කූපර් 12/2
නයිට්රයිඩර්ස් පන්දුවාර 19කදී 136/7යි
නාරයින් 3, කොලින් මුන්රෝ 29, ඩ්වේන් බ්‍රාවෝ 00, හම්සා තරීක් 18, ඩැරන් බ්‍රාවෝ 1, දිනේෂ් රම්ඩීන් නොදැවී 26, ඩෑන් ක්‍රිස්ටියන් 8, සීල්ස් 2, කෙවන් කූපර් නොදැවී 29, කොට්රල් 21/2, හෆීස් 19/2, ෂම්සි 20/2

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නගරයේදී පැවැති ‍පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේ කනිෂ්ඨ අංශය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාවේ ඉසුරු සේනාධීර ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබේ.
කිලෝ ග්‍රෑම් 94ට අඩු බර පන්තිය යටතේ තරග කළ ඉසුරු සේනාධීර ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 130ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 155ක බරක් ඔසවමින් කිලෝ ග්‍රෑම් 285ක මුළු බර එකතුවක් සටහන් කරමින් මෙම පදක්කම දිනාගෙන තිබේ.
ඉසුරු සේනාධීර ‍‍‍ජ්‍යෙෂ්ඨ අංශය යටතේද කිලෝ ග්‍රෑම් 94ට අඩු බර පන්තිය යටතේ තරග කළ නමුත් පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූ අතර, එහිදී ‍‍‍ජ්‍යෙෂ්ඨ
අංශයේ කිලෝ ග්‍රෑම් 56ට අඩු බර පන්තිය නියෝජනය කළ චතුරංග ලක්මාල් රිදී පදක්කමක්ද, කිලෝ ග්‍රෑම් 48ට අඩු බර පන්තිය නියෝජනය කළ හංසනී ගෝමස් ලෝකඩ පදක්කමක්ද දිනා ගැනීමට සමත් වූහ.
 
(සපුමල්)

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.